කොරෝනා පාලනය කරන්න බෑ කියා විපක්‍ෂය කිවුවත් අපි කොරෝනා පාලනය කලා.. අපි ලෝකෙන්ම 10 වැනියා…

February 7, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා පාලනය කරන්න බෑ කියා විපක්‍ෂය කිවුවත් අපි කොරෝනා පාලනය කලා.. අපි ලෝකෙන්ම 10 වැනියා…

ඉදිරි මාස තුන හතර තුළ මිලියන 22 ක් වූ ජනතාවට එන්නත්කරණ කටයුතු සිදුකරමින් රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම රජයේ අරමුණ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ (06) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව් දෙස සුරැකි සිව් වසර තේමාව යටතේ පැවති වත්තල කාන්තා සම්මේලනය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“රට විවෘත කරමින් කොවිඩ්වලින් ආරක්ෂා වෙමින් අපේ දෛනික කටයුතු පවත්වාගෙන යා යුතුයි. මොකද වෛද්‍ය විශේෂඥවරුන් කියනවා කොවිඩ් එකේ බලපෑම තව අවුරුදු 3 ක් පමණ තියෙයි කියලා. ඒ හින්දා රට විවෘත නොකර කිසි දෙයක් නොකර හිටියොත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිද වැටේවී. ජනතාවගේ ආර්ථිකය බිද වැටේවී. රට විශාල ණය උගුලක හිර වේවී. ඒනිසා අපි මෙයට සාර්ථකව මුහුණ දීමටනම් රට විවෘත කළ යුතුයි.

ජනතා කේනද්‍රීය වැඩපිළිවෙලක් තුළින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නංවාලීම හා කාන්තාවන් ව්‍යවසායකයින් ලෙස සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරලීමේ අරමුණින් මෙවර අයවැයෙන් යෝජනා රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. රට හදන “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන ඉදිරි සිව් වසර තුළ යථාර්ථයක් කිරීමේ අරමුණින් වත්මන් රජය කටයුතු කරනවා. එම නිසා කොවිඩ් බලපෑම තිබියදීත් රටේ සංවර්ධන කටයුතු දීප ව්‍යාප්තව සිදු කරමින් තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් යුක්රේන සංචාරකයෝ ගෙන්වනකොට ගණිකාවෝ ගෙන්වනවා කියලා විපක්ෂය කාන්තාවන්ට අපහස කළා. කාන්තාවන්ට අගෞරව කරන්න හොඳ නැහැ. විපක්ෂය යුද්ධය ඉවර කරන්න බැහැ කියලා කීවා. යුද්ධය ඉවර කළා. කොවිඩ් එක පාලනය කරන්න බැහැ කියලා කිව්වා. කොවිඩ් එක පාලනය කළා. අපේ රට පුංචි රටක් වෙලත් ලෝකයේම කොවිඩ් පාලනය අතින් 10 වෙනි තැනට ආවා“ යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

– මාධ්‍ය ඒකකය

6,459 views

10 Comments to “කොරෝනා පාලනය කරන්න බෑ කියා විපක්‍ෂය කිවුවත් අපි කොරෝනා පාලනය කලා.. අපි ලෝකෙන්ම 10 වැනියා…”

  1. Aruna Dissanayake says:

    Kisima wagakeemak danumak nathiwa kathakarana adumase moda pakek. Kata ariyoth iwarai. Mekata muge amathyanse wedak aththema nadda. Anunge amathyansa wala ewa dodawanne. Gon pakaya. Nodakin mun wage gothayo ape rate awasanawata ipadunau ewun. Kalakanniya

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    අපේ බුද්ධිමත් සහෝදරවරු කියපු විධියට කේරල ගව මුත්‍රා බිවුව නම් ලෝකෙම පලවෙනියට එන්න තිබ්බා.

  3. Sanjeewa says:

    Muge kate gedi danna one. Mage PCR eka positive vela den davas 8. Hospital vala ida ne kiyala kiyanava PHI. Gedarata vela koththamalli bila lede sanipa karagatte.

  4. sira says:

    දමික්ගේ පැණි බිවුවනම් අපි ලෝකෙන්ම 5 වැනියා…” වෙනියා වෙන්න තිබුනා කපන තණකොළ ගොන්නෝ

  5. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    ගරානා වලින් පලවෙනියා ..

    • SL baya says:

      100% true. The government is not regulating the quarantine cost of Sri Lankans who works overseas and come to visit SL. This is the only government that allows a mob to rip off overseas workers.

  6. david milibanda says:

    Shut your big gab you bloody idiot………………. We are aware of your dealings.
    You are another slipper soup drinker of the Rajapakshes..
    Shut up and do the work entrusted to you.

  7. කුඩු ලංසගෙ බිස්නස් කුඩු බිස්නස් .. says:

    මු වරාය ඉ්දියාවට දෙන්න කියල මැරෙන්න හදන්න් නැගෙනහිර පැත්තෙන් මීගමුවෙන් හොරෙන් ගෙන්නන ‘කුඩු කොකයින් මත් පෙති’ මෝඩිත් ඵ්ක්ක ඵකතුවෙලා කන්ටේනර්වල දාල කොළඹටම බාගන්න..
    කුඩු ලංසගෙ බිස්නස් කුඩු බිස්නස් ..

  8. සෙරෙප්පු සුප් says:

    අපි කොවිඩ් එකෙන් දහවන තැන​.
    කොවිඩ් එක ඔලිම්පික් යයිද​?
    මේ අවුරුද්දෙ බලමු.

    ග්‍රාමීය මාර්ග කී වෙනි තැනද​?
    ඒක කියන්න දන්නෙ නැහැ.
    එව්වට යටි තල පහසුකම් නැද්ද​?
    තියනව ගස් යට.
    සංචාරකයො ඉන්නෙ යුක්‍රේනෙ විතරද​?
    නැහැ,ඒ අයගෙ භාෂාව දන්න එක්කෙනෙක් එහෙ ඉන්නව​.

  9. gonsira says:

    corona palanaya kalata kudu pakanaya kala noheke topi weni kudu rajawaru nissei

Main News