කොරෝනා පාලනය කර අවසන්.. අරමුදලේ ඉතිරි මුදලි ඖෂධ ගේන්න…

June 4, 2022 at 2:10 am | lanka C news
කොරෝනා පාලනය කර අවසන්.. අරමුදලේ ඉතිරි මුදලි ඖෂධ ගේන්න…

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

කොවිඩ් පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් මෙම මුදල ලැබි තිබිණ. මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 234ක් දේශීයව නිෂ්පාදනය කෙරේ. ලෝක වෙළෙඳපොළෙහි ඖෂධ මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දේශීයව කෙරෙන ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දීය ණය ආධාර යටතේ ලබාගැනීමටත් ඇති හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් (03) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ඔයාමඩුව සහ හොරණ මිල්ලෑව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට ආයෝජකයෝ 12දෙනෙක් ඉදිරිපත්ව සිටිති. එම නිෂ්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ඇරඹීමට අපේක්ෂා කරන අතර ඖෂධ වර්ග 200කට අධික සංඛ්‍යාවක් නිපදවීමේ ශක්‍යතාව මෙම කලාප තුළ පවතින බව නිලධාරීහු සඳහන් කළහ.

සමෘද්ධි සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට සහ ගර්භනී මව්වරුන් සඳහා පෝෂණ ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කෙරෙමින් ඇති බව ජනාධිපතිතුමා පැවසීය.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය සඳහා මූලාශ්‍ර කිහිපයකින් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙමින් පවති. යෝජිත අයවැයෙන් ද ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමට සැලසුම් කර ඇත. දැනට පවතින ප්‍රගතිය මත ඉදිරි තෙමස ඇතුළත සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇතැයි නිලධාරීහු පෙන්වා දුන්හ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන, සෞඛ්‍ය ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරු සහ අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතන ප්‍රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

23,106 views

7 Comments to “කොරෝනා පාලනය කර අවසන්.. අරමුදලේ ඉතිරි මුදලි ඖෂධ ගේන්න…”

  1. Expat says:

    Excellent idea. However, please submit it to Parliament with full details for approval; otherwise the JVP will complain in a few months that you stole that money from the Covid fund. Please advise Parliament to approve it since it involves money. Thanks.

  2. නලින්ද සිල්වා says:

    හෙළ යක්ඛ පුතාලා රාවණ කියලා තෝරාගත්ත මැන්ටලේට දැන් හොඳටම මැන්ටල්.. මටත් හොඳටම මැන්ටල් ඒකාලේ ඉඳලම

  3. Kaputas says:

    මයික්‍රෝසොෆ්ට් අයිතිකරු බිල්ගේට් 2019 දී කිව්වේ 2020 ජනවාරි මාසේ හැදෙන බරපතළ රෝගය 2022 ජුනි මාසයේදී අවසන් වන බවයි. ඔහු එම කතාව කරද්දී Covid 19 යන වචන ඔහු පිටුපසින් පුවරුවේ දිස් උනා. එහෙනම් කෝවිඩ් කියන්නේ ව්‍යාජ ව්‍යාපාරයක් මිසක් එන්නත් දීම මගින් මර්දනය කරනු ලබන රෝගයක් නොවේ. ලන්කාවෙ මුදල් කෝට් ගානක් වියදම් කර මේ එන්නත් ගෙනාවේ මේ ව්‍යාපාරය ගැන නොදැන කියලා ප්‍රසිද්ධියේ කියන්න. හතර පස් වතාවක් එන්නත් අරගෙන පවා සනීප නොවෙන්නේ ඒකයි. සරම්ප වසූරිය වගේ වෛරස් රෝග අවුරුදු සිය ගානක් වෙනස් නොවී පවතිද්දී මේ කොරෝනා විතරක් මාසෙකට අලුත් මාදිලියක් එනවා කියලා ලෝකයම රැවටුවා. බටහිර රටවල් තුන හතරක් මේ ව්‍යාජ එන්නත් විකුණා ලෝකයේම මුදල් යටිමඩි ගහගත්තා.

    • fass says:

      ඕක Microsoft එකෙන් හදපු වෛරස් ekak😁. Corona හැදිලා මැරි මැරී වැටෙද්දී එන්නත් දියන් කිය කිය කෑගහනවා, හැබැයි තත්වය පාලනය උනාට පස්සේ මේක නිකනුත් සනීප වෙනවා කියලා ලොරි ටෝක් දෙනවා.

  4. මුදල් කොල්ලකෑමට සිදුකරනා කුමන්ත්‍රණ පිළිබඳව අවධානය වහා යොමුකරනු,.! says:

    කොල්ලන්ට ඵන්නත් වීදීමට කුමන්ත්‍රණය කළ ඡඪමාධ්‍ය ,සහ දුශිත ඹෟෂධ අලෝපාතික මාපිලන් ඵක්වී,. බළ්ලන් ඵන්නත්කරනය සඳහා රාඡ්‍ය භාන්ඩාගාරයේ මුදල් කොළ්ලකෑමට සැළසුම් සකස්කරනු ලබයි,.!

    වධායකය ඡනාධිපති ධූරය ගනිකාව්‍රෘතියේ යෙදවනා ගෝටා ඇතුළු ”බටහිර වංචනික ඖෂධ මාපියාවේ අලෝපාතික වෙෙද්‍ය යැයි කියාගන්නා වෙළඳ නියෝඡිතයන් ඡඩ මාද්‍ය භාවිතාකරමින් භාන්ඩාගාරයේ මුදල් කොල්ලකෑමට සිදුකරනා කුමන්ත්‍රණ පිළිබඳව අවධානය වහා යොමුකරනු,.!

  5. මිල්ලෑවේ කෙනෙක් says:

    මිල්ලෑවේ කෙනෙක් හැටියට සාධාරණ කුකුසක් එනවා මේ තරම් රටේ ප්‍රශ්ණ තියෙන වෙලාවක මේ රු. 1.8bn යන්නේ ගෝටභය රාජපක්සගේ හොරණ මිල්ලෑවේ තියෙන Natures Secret අනුබද්ධ ආයතනයකින් බෙහෙත් හදන්නද කියලා.. ශකයතාවය තියෙන්නේ ඔයාමඩුවෙයි, හොරණ මිල්ලෑවෙයි කිව්වාම නිකමට හිතුනේ. එහෙම උනොත් අයිය සුනාමි මල්ලි කොරෝනා බව තව අවුරුදු කීපයකින් තහවුරු වෙයි!!!

  6. nuwan,w says:

    gota have a nice villa at sardegna island in italy cost 58 millions dollars!!!

Main News