කොරෝනා පාලනය රජයට තනියම කරන්න බෑ..

May 6, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා පාලනය රජයට තනියම කරන්න බෑ..

කොවිඩ් – 19 අභියෝගය හමුවේ විපක්ෂය උත්සහ දරන්නේ ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කිරීම මිස ජනතාවාදී විපක්ෂයක කාර්යභාරය ඉටු කිරීමට නොවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටින්නේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය මෙන්ම අදාළ විශේෂඥයින්ගේ නිර්දේශ මත කොවිඩ් 19 තුන්වෙනි රැල්ල පාලනය කර ගැනීම සදහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයකටම රජය අවතීර්ණ වී සිටිනවා. දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් රෝගීන් සදහා අවශ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම අනෙකුත් පහසුකම් ලබා දීමේ කටයුතු සුදානම් කරමින් තිබෙනවා. ඒ සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබා දෙන සහායෝගය හා කැපවීමට අපගේ ගෞරවය හා ආචාරය පුද කර සිටිනවා.

මේ සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

විපක්ෂයට අවශ්‍ය වී තිබෙන්නේ කොවිඩ් 19 පාලනය කිරීමට ක්‍රියාත්මක වන රාජ්‍ය යාන්ත්‍රණය බිද වැටෙනු දැකීමයි. කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ දෛනික කටයුතු, ආර්ථිකය හා සංවර්ධනය බිද වැටෙනු දැකීම විපක්ෂයේ සිහිනයක් වී තිබෙනවා.

කොවිඩ් 19 පාලනය සදහා සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඇති විසදුම එන්නත්කරණය හා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කිරීමයි. රටේ බහුතර ජනතාවකට එන්නත්කරණය සිදු කිරීම සදහා රජය අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. ලංකාවට අවශ්‍ය එන්නත් ලබා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය පුරැදු අනුගමනය කිරීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා. එය රජයකට තනියම සිදු කළ හැකි කාර්යයක් නොවන අතර ජනතාවගේ සහයෝගයද ඉතා වැදගත් වෙනවා.

මිනිස් ජිවිත වල විනාකම විපක්ෂයකට වඩා හොදින් අපිට දැනෙනවා. කොවිඩ් වසංගතයෙන් හෝ වෙනත් ඕනෑම සිදුවීමකින් මේ රටේ මිනිස් ජීවිත විනාශ වෙනවට අපි කැමති නැහැ. අපි දැක්කා පාස්කු ප්‍රහාරයේදී මිනිස් ජීවිත වල වටිනාකම විපක්ෂය ආරක්ෂා කරපු හැටි.

රට සම්පුර්ණයෙන් වසා දැමීම හෝ කොටස් වශයෙන් වසා දැමීම සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ මතයි සිදු කෙරෙන්නේ. කොවිඩ් අභියෝගය හමුවේ රටේ සංවර්ධන කටයුතු වගේම ආර්ථිකයත් ශක්තිමත් කිරීම සදහා කටයුතු කරමින් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කරයි.

– Media Unit

20,354 views

16 Comments to “කොරෝනා පාලනය රජයට තනියම කරන්න බෑ..”

  1. saman says:

    ඔක්කොම රජවරු ඔක්කොම වැසියො

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ලොකුගේ ලන්සා කසිප්පු ජොනී ප්‍රසන්න මේ වගේ හාල්පාරුවෝ තමා දැන් ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නෙ ඩලස් විමල් ගම්මන්පිලල දැන් උන්නද මලාද නෑ.එතනින් වත් යමක් ඉගෙන ගනිල්ල මෝඩ බයියනේ ඔබට අබැටක හෝ මොලයක් තිබේ නම් මේ හරක් ක්‍රියාවන්ට හුරේ දැමිය නොහැක.

    • බයියයට රෙද්දක් ජාතික පෙරමුණ says:

      ඈයි මල්ලි මල්වානේ හාමුගේ ගල් කොල්ලා කාරියවසම්

  3. නිකමා says:

    පහුගිය දවස් වල පම්පෝරි ගැහුවෙ එහෙනං , කොලා කියලා . මතක නැති උනැයි .

  4. Kudu Raja says:

    any yako.danna magulak katha karapan.ubalata deshapalayay balaye inna witharai ona.kalakanni haththa.thopita corona hadila marila yanna ona

  5. Susantha says:

    ඔබතුමා බෙදාහරින බෙහෙත්වලින් බැරිවෙයිද ඇමතිතුමෝ?. සජිය අඩුගානෙ විදේෂ තානප්තිවරුන්ගෙන් උදව් ඉල්ලුවා ඔහෙගෙ ලොක්කා කහ පැල හිටවනවා ජිම් 650 ක් දාන්ඩ හදනවා කෆීර් රිකන්ඩිශන් කරන්ඩ හදනවා බේබිලට රවුම් යන්ඩ හෙලි 4 ක් ගන්ඩ යනවා..අපිට පේනවා කොරෝනා පාලනය කරන ලස්සන

  6. Bassa says:

    Kaiwaru gahuwe thaniyama karanna puluwan wage, bari wela passa bima anunama dan janathawa mathak wela!

  7. Araliya says:

    Ei moo kiwwe kalin palanaya kale eyage government eka kiyala

  8. desta says:

    berinam makabewila palayalla musala kalakanni

  9. Nimal Ambalangoda says:

    මූ තමයි මුලින් ම වැට කඩපු එකා. වැලිසර ලය රෝහලේ නිරෝධායන මධ්‍යස්ථානය පටන් ගන්න නොදී මුගේ කුක්කො උසි ගැන්නුව​. ඒ නිසා නිරෝධායනය සති දෙකක් විතර කල් ගියා. ඊට පස්සෙ ඉතාලියෙන් ආපු මුගේ කුක්කො එයාර් පෝර්ට් එකෙන් පැන්නුව​. එහෙම එකා අද බයිල කියනව​.

  10. Banda says:

    Meka kata ariyoth palathama gada gassanava.