කොරෝනා පාලනය වූහේ සුලගට නොවේ.. එයට නිර්ලෝභීව ආණ්ඩුවට ලකුණු දෙනවා..- ලාල් කාන්ත කුහක නොවී කියයි..

June 25, 2020 at 10:40 am | lanka C news
කොරෝනා පාලනය වූහේ සුලගට නොවේ.. එයට නිර්ලෝභීව ආණ්ඩුවට ලකුණු දෙනවා..- ලාල් කාන්ත කුහක නොවී කියයි..

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පවතින ආණ්ඩුව විශාල කාර්යභාරයක් කළ බවත් එය අගය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේඩී ලාල්කාන්ත මහතා පවසයි.

රට තුළ වෛරසය පාලනය කිරීම සඳහා රජය හා ආණ්ඩුව ගත් උත්සාහය සාර්ථක වී ඇති බවත් එ් සදහා නිර්ලෝභීව ආණ්ඩුවට ලකුණු දිය යුතු බවද ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවේ මැදිහත්වීමෙන් තොරව කොරෝනා සුලගට පාලනය නොවූ බවත් ඔහු කියා සිටියේය.

හිටපු මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ස්වාධීන රූපවාහිනිය සමග සාකච්චාවකට එන්වෙමිනි.

208 views

21 Comments to “කොරෝනා පාලනය වූහේ සුලගට නොවේ.. එයට නිර්ලෝභීව ආණ්ඩුවට ලකුණු දෙනවා..- ලාල් කාන්ත කුහක නොවී කියයි..”

  1. On The Spot says:

    අපි ඔබට සහෝදරයා කියා අමතන්නට සූදානම් නැති බැවින් ලාල් කාන්ත මහත්මයා කියා අමතන්නෙමු.ඔබේ මතය නිවැරදියි.ඔබ මේ මතය රටට හෙලි කලා සේම පැලවත්තේ කාර්‍යාලයේදී බිමල්,අනුරකුමාර​,හඳුන්නෙත්ති,විජිත වැනි මහතවරුන්ටත් අවබෝධ කර දෙන්න​.හොඳ දේට හොඳයි කීමත්,නරක දේ පෙන්වා දී සුදුසු ක්‍රියා මාර්ග යෝජනා කිරීමත් පාලනයේදි අවශ්‍ය විශිෂ්ඨ අංගයන්.ඒ මහත්වරුන් ඒ දැනුමෙන් පෝෂණය කරන්න උත්සහ කරන්න​.

Main News