කොරෝනා පාලනය වෙලා.. දැන් මැතිවරණය පැවැත්විය යුතුයි.. නැතොත් ජනාධිපති තනිව රට පාලනය කරනවා..- සජිත් පක්‍ෂය කියයි..

May 24, 2020 at 10:00 am | lanka C news
කොරෝනා පාලනය වෙලා.. දැන් මැතිවරණය පැවැත්විය යුතුයි.. නැතොත් ජනාධිපති තනිව රට පාලනය කරනවා..- සජිත් පක්‍ෂය කියයි..

කොවිඩ් 19 න් රට යම් දුරකට යථා තත්ත්වයට පත් වෙමින් පවතින නිසා දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිෂන් සභාවේ යම් එකඟතාවකට පැමිණ ජූලි මස හෝ අගෝස්තු මුල් සති කිහිපයේ මැතිවරණ පැවැත්විය යුතු යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පැවසීය.

මේ වන විට මහජන නියෝජිත ආයතන සියල්ලක්ම අක්‍රිය වී ඇති නිසා පාර්ලිමේන්තු මැතිවරණය නොකඩවා කල් දැමීම කාලෝචිත නොවේ.

ව්‍යවස්ථාවේ ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වන බව අත්තනායක මහතා පවසයි.

පළාත් පාලන ආයතන මේ වන විට රැස්නොවන නිසාත් පළාත් සභා ද අක්‍රිය වී ඇති තත්ත්වයක පාර්ලිමේන්තුවද විසුරුවා හැර ඇති නිසා ජනාධිපතිවරයා හා භාරකාර ආණ්ඩුව රට පාලනය කිරීම භයානක තත්ත්වයක් බව ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අංශවල උපදෙස් සම්බන්ධයෙන් ඒ අනුව දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම යම් මතයකට පැමිණ ඡන්දය පැවැත්වීමට පක්ෂ ප්‍රචාරක කටයුතු, ඡන්ද දායකයන්ගේ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂාව සහ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ගැන පොදු එකඟතාවකට පැමිණිය යුතු වේ.

ඡන්ද ප්‍රකාශ කරන මධ්‍යස්ථානයේම ගණන් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද සලකා බලන ලෙස ඔහු යෝජනා කළේය.

– aruna

49 views

22 Comments to “කොරෝනා පාලනය වෙලා.. දැන් මැතිවරණය පැවැත්විය යුතුයි.. නැතොත් ජනාධිපති තනිව රට පාලනය කරනවා..- සජිත් පක්‍ෂය කියයි..”

  1. vishnu says:

    (මේ වන විට මහජන නියෝජිත ආයතන සියල්ලක්ම අක්‍රිය වී ඇති නිසා)
    මූ මොන පැත්තෙන්ද දන්නෑ කතා කරන්නෙ

  2. Saradiel says:

    කොහොමද ඔයවගේ දිවදෙකේ කබරගොයි විශ්වාස කරන්නේ.

  3. දේශප්‍රේමියා says:

    තොපිලා නිදි වැදිලද පහුගිය අවු 5හේ හිටියේ? පලාත් පාලන ජන්දෙ අවු 3,4ක් නොතියා ඉන්නකොට ඔය කියන…
    ව්‍යවස්ථාවේ ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය උනේ නැත්ද?

    තොපිලා 225 එකතුවෙලා රට පාලනය කරාට වඩා 1000%හොදට අපේ ජනාධිපතිතුමා රටපාලනය කරනවා.අපිට ඒක පැහැදිලිව පේනවා.විස්වාසයි.

    තොපිලා වගේ එවුන්ගේ දේශපාලන අනාගතය අවිනිශ්චිතයි/අවිශ්වාසයි.

    මොකද බුද්ධිමත් ,රටට ආදරේ මිනිස්සු අවදිවෙලා ඉන්නේ දැන්….

  4. mp says:

    ඉතින් හොඳයිනෙ…!!!

  5. Gs says:

    Haka .. Haka ..
    Aksatva aksitva
    Navata Parlament
    Ras karanna spada ?

  6. Banapuths says:

    Ane ada piyano sitiya nam! LTTE ekata auda dunna wage mulu sinhala janathawatama Korona denda thibuna. Puthano pasubata wenda epa. Nathnam nottige putha wenawa. Ape puthano ehema naha neda?

Main News