කොරෝනා පැණිය ගන්න ධම්මික බණ්ඩාරගේ නිවසට මහා පිරිස් එති.. නොමිලේ බෙදා දෙයි.. තදබදය පාලනයට පොලිසියෙන් යයි..

December 8, 2020 at 10:00 am | lanka C news
කොරෝනා පැණිය ගන්න ධම්මික බණ්ඩාරගේ නිවසට මහා පිරිස් එති.. නොමිලේ බෙදා දෙයි.. තදබදය පාලනයට පොලිසියෙන් යයි..

කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට විශාල ජනතාවක් එක්ව සිටින බව දැක්වෙන පින්තූර සමාජ ජාලවල හුවමාරු වෙයි.

අදාළ ඖෂධය ඔහුගෙන් ලබා ගැනීම සඳහා ජනතාව මෙසේ එක් රැස් වී සිටින බවද සදහන්ය.

තදබදය පාලනය සඳහා පොලිස් නිලධාරීන් ද යොදා ඇති බව පින්තූරවල දැක්වෙයි.

අදාල ඖෂධය මගින් කොරෝනා සුවපත් වන බවත් ඖෂධය භාවිත කල අයෙකුට වෛරසය ආසාදනය නොවන බවත් ධම්මික බණ්ඩාර මහතා සදහන් කර ඇත.

මෙය ඔහු විසින් අද දිනයේ නොමිලයේ බෙදා දීම සිදු කරයි.

106,889 views

66 Comments to “කොරෝනා පැණිය ගන්න ධම්මික බණ්ඩාරගේ නිවසට මහා පිරිස් එති.. නොමිලේ බෙදා දෙයි.. තදබදය පාලනයට පොලිසියෙන් යයි..”

  1. sira says:

    තදබදය පාලනය සඳහා පොලිස් නිලධාරීන් ද යොදා ඇති බව පින්තූරවල දැක්වෙයි. හා.. හා . STF එකෙත් පින්තුරු ටිකක් දාන්න

  2. dharmadasa.podithuwakku says:

    Ane modayo mae corona peni beela corona kawadaawath saneepawenne nehei!!! ara ithaaliwala hadhana vaccine injection dekak gahapalla okkoma saneepa wei!!!

  3. කසුන් says:

    ‘කොරොනාවට” නිකන් බේත් දෙන්න බෑ, බෝතලයක් රුපියල් 6000/= ක් වෙන අතර තව බෝතල් කාලක් FREE දෙන්නෙ.එසේ දෙන බවයි තතුදත් ආරංචි මාර්ග පවසන්නෙ, අධික ජනගගක් පැමිනෙමින් සිටින්නෙ.

Main News