කොරෝනා පැණි මුලාවක්.. ධම්මික බණ්ඩාරගේ පැටිකිරිය දැන් රටම දන්නවා.. ජනතාව මුලා කිරීම පාපයක්..- කොරෝනා ඇමතිනි

December 21, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා පැණි මුලාවක්.. ධම්මික බණ්ඩාරගේ පැටිකිරිය දැන් රටම දන්නවා.. ජනතාව මුලා කිරීම පාපයක්..- කොරෝනා ඇමතිනි

කොරෝනා මර්දන සඳහා යැයි කීමෙන් හඳුන්වාදී ඇති විවිධ පැණි වර්ග ජනතාව මුළා කිරීමක් යයි කොරෝනා පාලන පිළිබඳ රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ඇය පෙන්වා දෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ දී කිසිම ඖෂධයක් ලියාපදිංචියකින් තොරව භාවිත කළ නොහැකි බවයි.

ඒ සඳහා පළමුව පර්යේෂණ කර ඖෂධයේ සාර්ථකත්වය විද්‍යානුකූල තහවුරු කළ යුතු බවද ඇය පෙන්වා දෙයි.

දේශීය හෝ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුලද ක්‍රමවේදයක් ඇති බවත් ඊට අදාළ ඖෂධ ආයුර්වේද වෛද්‍ය සභාවෙන් තහවුරු කරගත යුතු බවද පවසන ඇය රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතැයිද කියා සිටී.

හැඟීම් දනවන ආන්දෝලනාත්මක වාර්තාවලින් ජනතාව මුලා වන බවත් එවිට ජනතාවට කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකි වන බවත් ඇය පෙන්වා දෙයි.

බොරු විශ්වාස ජනතාව අතරේ පැල කල විට ඔවුන් ඒ පාර වල යන බවත් එයින් සිදුවන්නේ කොරෝනා මර්දනයේ මූලික සෞඛ්‍යාරක්ෂිත පියවරයන් ඔවුන්ගෙන් ගිලිහී යාම බවත් එනිසාම ඔවුන් අවදානමට ලක් විය හැකි බවත් ඇය සදහන් කරයි.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ ඖෂධය ගැනද අදහස් පලකරමින් ඇය සඳහන් කරන්නේ ඔහු කවර පසුබිමක පුද්ගලයෙකු දැන් ජනතාව දන්නා බවයි.

මෙවන් දේ නීතිවිරෝධී බවත් කොරෝනා භාවිතා කරමින් මුදල් හම්බ කිරීමට හෝ ජනතාව මුලා කිරීමට කටයුතු කිරීමයි මහා පාපකර්මයක් බවත් ඇය පෙන්වා දෙයි.

58,391 views

50 Comments to “කොරෝනා පැණි මුලාවක්.. ධම්මික බණ්ඩාරගේ පැටිකිරිය දැන් රටම දන්නවා.. ජනතාව මුලා කිරීම පාපයක්..- කොරෝනා ඇමතිනි”

  1. Only paper qualifications not going to work. Local Traditional Medicine systems to be implemented to save Sri Lankans.

  2. ගමේ වෙදා says:

    චන්න ජයසුමන, සිසිර ජයකොඩි, පවිත්‍රා, ප්‍රනාන්දුපුල්ලේ පන්දු ගසන්නේ අහිංසක මහජනයා සමගයි .ඇමතිවරු එක් එක් කතා කීමෙන් තේරෙන්නෙ ආණ්ඩුව අනාගෙන ඉන්න බවයි

  3. Ranjith Gunawaradana says:

    Dr Sudrashini Fernandupulla voice is voice of Westen Pharmaceutical Companies and their vital interest of Foreign of Western powers. .Her stament is looking down graded of Local Medicine.
    She is NOT to be Fit for Such post of State Minster of Health?
    She has no view and knowledge of indigenous Medicine of our civilization over 5000 years.
    She was born to served for Foreign -Powers.

    • Hi says:

      නරකද ධම්මික බණ්ඩාර මහතා සුව ඇමති කරලා IDH එකේ බටහිර දොස්තරලා අයින් කරලා ඔය පැණිය එකේ ඉන්න අයට බණ්ඩාර මහතා ගේ ගෝලයන්ට කියලා දුන්නොත්.
      ඒ වගේමයි මුලු ලංකාවේ ම ඉන්න රෝගීන් ට ත් බෙදා දෙමු.
      එතකොට මේ බණ්ඩාර මහතා ට කියලා කාලි මෑණියන්ගෙන් බෙහෙත් පිළිකාවක් වගේ ඒ වට දෙමු.
      එතකොට මේ බටහිර ඒජන්තයන්ට උදවු කරන බටහිර දොස්තරලා රටේ නැති කරලා ඉස්පිරිතාල වහලා හෙල (කාලි) වෙදකම නගා සිටුවීමට හැකියි.!!!@

  4. Rr says:

    කොරෝනා වලට බෙහෙතක් හෙව්ව අඩුම තරමෙ try එකක් දුන්න මනුස්සයාටත් දැන් මුන් එකතුවෙලා ස්ත්‍රි දූශකයෙක්ට වගෙ අපහාස කරනවා.අනෙ තොපි වගෙ උගත් ගුනමකු හැත්ත.

  5. Niru says:

    The only service this woman has done is to safeguard husbands money

  6. Preethi Cooray says:

    මෙවන් දේ නීතිවිරෝධී බවත් කොරෝනා භාවිතා කරමින් මුදල් හම්බ කිරීමට හෝ ජනතාව මුලා කිරීමට කටයුතු කිරීමයි මහා පාපකර්මයක් බවත් ඇය පෙන්වා දෙයි. ME KATHAAWA KIYANNA ONEE ME PATTA WESI TAI ANIK AANDUWE UNTATYI corona walata labunu koti ganan donations walata mokada uneee , ewaa basil saha mahinda sheshels walin aapu ewun athe ehata yawwa mokada unge kalu salli sudu karanne saha rajapakshalage depala thiyenne ehe nisaa ,
    monawa unath ara dhammika kiyana manussayaa e behetha dunne nikam ,salli walata nevi ,me patta ballige munaa dakkamath epaa wenawaa ,

  7. රසික says:

    නියමයි ඇමතිතුමියනි, ජනප්‍රිය මතයට විරැද්ධව සත්‍යය වෙනුවෙන් , අවිද්‍යාවට එරෙහිව විද්‍යාව වෙනුවෙන් නොබියව කනා කරන ඔබතුමිය දේශපාලකයෙකුට වඩා තවමන් වෛද්‍යවරියක් බව පෙන්විම ගැන ඉතා ආඩම්බරයි.

    • Kadiya says:

      මේක කොමිස් වෙනුවෙන් සහ තමනුත් නියෝජනය කරන බටහිර බෙහෙත් මාෆියාව වෙනුවෙන්. හෙළවෙදකමින් රෝගීන් සුවවෙනවට විරුද්ධව හිතතුල පැසවන කුහක ඉඉරිසියාව වෙනුවෙන්.

  8. Maha sinhale says:

    කලු සුද්දන් සහා කලු සුද්දියන්ට දැනගැනීම පිණිසයි

    පනම් අටෙන් මට වැඩිකර දුන්න..
    හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න..
    මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ..
    අනේ සර් අනුකම්පා නොසිතේදෝ..

    අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ..
    නිම වෙන්නට.. කල් ගත වෙයිදෝ..
    අනේ සර්.. අපි මිතුරන් වෙයිදෝ..
    එදා දවස උදා වේවිදෝ..
    එදා දවස උදා වේවිදෝ..

    මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටි..
    අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී..
    මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න..
    අනේ සර් කරුණාවෙන් සලකන්න..

    අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ..
    නිම වෙන්නට.. කල් ගත වෙයිදෝ..
    අනේ සර්.. අපි මිතුරන් වෙයිදෝ..
    එදා දවස උදා වේවිදෝ..

  9. වරදට දඬුවම නියතයි says:

    කොරෝනා වලින් සල්ලි හම්බකරනවට වැඩිය පහසුයි රාජ්‍ය දේපල මංකොල්ල කන එක. 2015 යහපාලනෙත් එක්ක සෙට් වුණේ මිනිහා හොරකම්කරපු බිලියන් ගණනක් වන මුදල් පිළිබඳව යහපාලනේ හොයනෙකෙන් බේරෙන්න. සන්නස්ගල සමඟ තිබුන සාකජ්ජාවකදී ලලිත් කොතලාවල රටට ඇහෙන්න කිව්වා තමුන්ලා හොරකම්කරපු රටේ ධනය රුපියල් බිලියන් 3 ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කරලා තියනවා කියල. බොරුනම් ලලිත් කොතලාවලට නඩු දමන්න. මේ අවසන් වතාව පාර්ලිමේන්තු එන.

Main News