කොරෝනා පැතිරීමේ අවදානම ඉතාම ඉහලයි.. නිවසින් පිට යන්න එපා.. ගමන් බිමන් නවතන්න..- වසංගත විද්‍යා ප‍්‍රධානී

July 16, 2020 at 10:00 am | lanka C news
කොරෝනා පැතිරීමේ අවදානම ඉතාම ඉහලයි.. නිවසින් පිට යන්න එපා.. ගමන් බිමන් නවතන්න..- වසංගත විද්‍යා ප‍්‍රධානී

කොරෝනා වෛරසය යළි යළි වතාවක් සමාජය පුරා පැතිරීමේ අවදානම ඉතාමත් වැඩි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එනිසා හැකිතාක් ගමන් බිමන් සීමා කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වැලිසර නාවික හමුදා පොකුර ක්‍රියාත්මක වෙද්දී රට පැවතියේ ලොක්ඩවුන් තත්ත්වයක වුවත් කන්දකාඩු ආශ‍්‍රිතයන් හමුවන්නේ රට විවෘත කර තිබියදී නිසා ආසාදිතයන් සමාජය පුරා ගැවසීමේ ඉඩක් ඇති බවද ඔහු සඳහන් කළේය.

එනිසා අත්‍යවශ්‍ය කරුණකට හැර ගමන් බිමන්වල නොෙයෙදන ලෙස ඔහු දැඩිව ඉල්ලා සිටියේය.

කිසියම් හෝ කාරණාවකට සංචරණය යෙදින්නේ නම් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඉතාම ඉහළින් අනුගමනය කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

61 views

14 Comments to “කොරෝනා පැතිරීමේ අවදානම ඉතාම ඉහලයි.. නිවසින් පිට යන්න එපා.. ගමන් බිමන් නවතන්න..- වසංගත විද්‍යා ප‍්‍රධානී”

  1. kamal says:

    ඇයි මම විපරිත සංඥාව සමග තරහා ගන්නෙ ඔවුන්ට කළ්‍යාණ මිත්‍රයෝ හමුවුනේ නැ ඒකයි විපරිත සංඥාව අපාය‍ෙ යනවා පව්

    • Neela says:

      රට ඉන්නා අයව ගෙන්නා ගත්තේ ඇයි? බටහිර වෙද මහත්තයෝ…

      • ගොන් බයියා says:

        ස තුනෙන් දෙක ගැනීම වලක්වන කුමන්ත්‍රන මේවා. අහුවෙන්න එපා කොරෝනා පාලනය කරල ඉවරයි.

  2. ක්‍රිමිනල් says:

    අපේ සෞ.සේ.අ.ජ වෛද්‍ය අනිල් ජාසිංහ මහතානම් කියන්නේ වෙනම කතාවක් , එතුමාගේ ප්‍රකාශයන් වලින් රටට හැගෙන්නේ සමාජයේ කොවිඩ් පැතිරීම පාලනය කල හැකි මට්ටමක ඇති බවත් ,තවමත් කොවිඩ් සමාජ පැතිරීමේ අවදානම අතිශය අවම බවත්‍ ය. රටේ මහජනතාවට වගවියයුතු ඉහල නිලධාරීන් පරස්පර විරොධි අදහස් දැක්වීමෙන් අසරන වන්නේ රටේ මහජනතාවයි.එබැවින් කරුණාකර ජනතාව කබලෙන් ලිපට වට්ටන්නෙපා .

  3. wijebahu says:

    Mixed signals from every one. Jasinha is trying to save Loku Sir. this Doctor may disappear from the seen soon, because he is telling the truth.

  4. සයිබර් නානා says:

    මෙයා ගැන නේද GMOA එක කිව්වෙ රාජිතගෙ ඇම්බැට්ටයෙක් කියලා

    • ක්‍රිමිනල් says:

      ආහ් ඔව් !සත්‍ය තත්වය රට හමුවේ තියෙන උන් රාජිතගේ ඇම්බැට්ටයො , බෛලා ගහලා ,මාධ්‍යෙන් බොරුව ගෙනිය උදවිය කලවං ජාන නැති කේසර සිංහයො . උබලට තැරිදාර පුන්නක්කු බෛයො කියන්නේ කටකහනවට නෙමෙ.

      • සයිබර් නානා says:

        ක්‍රිමිනල් නං හොයාගෙන ගිහිං ආයුධ පෙන්නන්න කියල අහවර කරල දමන එක රටට සෙතක්

  5. සරත් says:

    මේ පාර ආණ්ඩුව 2/3 ලේසියෙන්ම ගන්නවා. ඔලුව පොඩ්ඩක් හරි කල්පනා කරල ඇත්ත තත්වය තේරුම්ගැනීමට හැකි අය, මහින්දානන්ද උසාවි යන්නේ නැතුව ගෙදරට වෙලා ආරක්ෂා උනා වගේ කොහේවත් යන අපිට සත පහකට වැඩක් නැති දේශපාලුවන්ට පෝලිමේ ගිහින් කතිරේ ගහන්න ගිහින් කොරෝනා හදාගන්නේ මොන මගුලකටද කියල හිතල ගෙදරට වෙලා පරිස්සමින් ඉන්නවා. අනිත් උන් ඡන්දේ දානවා. එතකොට ආණ්ඩුව ලේසියෙන්ම 2/3 ගන්නවා!

    • ක්‍රිමිනල් says:

      එ කිව්වෙ බන් මහින්දානන්දලත් කොවිඩ් 19 ට බය වෙලා ඇත්ත තෙරුම් අරගෙන සමාජයත් එක්ක නොගැවසී ඉන්න අතරේ අමූ බෛවහල්ලු හුරේ දාලා ,කොවිඩ් හැදුනත් ,මලත් කමක් නෑ කියලා කතිරේ ගහලා 2/3 අරන් දෙනවා. 😂😂😂😂

      • රතු 🌟 ව says:

        උඹ කවුද කියල අපි හොයාගෙන ඉන්නෙ. පරිස්සම් වෙලා හිටපන්

  6. Power says:

    වෛද්‍යතුමනි, ජනාධිපතිතුමාට ඔබතුමන්ලා ලිඛිතව දැනුවත් කරන්න එළඹෙන සෙනසුරාදා, ඉරිදා දෙක තුළ ඇඳිරි නීතිය පනවා මුළු මනින්ම රට වසා දමන්න කියලා. එසේ නොකළහොත් මිනිස්සු විනෝද ගමන් බිමන් ගිහින් මේ තත්වය තව තවත් උත්සන්න වේවි. මොකද නීතී පනවන්නෙ නැතුව මිනිස්සුන්ට ගෙවල් වලින් එළියට බහින්න එපා කිව්වට වැඩක් නෑ.

  7. සිංහ says:

    පී සී ආර් පරීක්ෂණය අද කළාම හෙට පොසිටිව් වෙන්න ඉන්න කෙනා අහුවෙනවාද? හොඳම දේ තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම. ඇඳිරි නීතිය දැම්මේ නැතත් හෙට දානවා වාගේ රජය කටයුතු කරන්න. නැත්නම් අපේ ගොන් බූරුවන් ට්‍රිප් යනවා

  8. Love nature says:

    එදා විසාලා මහනුවර තුන්බිය දුරු කිරීමට රතන සූත්‍රය ඉවහල් වූවා සේ ම කොරෝනාව නැති කිරීමට සෑම නිවසකම රතන සූත්‍රය ඇසීමට සැලැස්විය යුතුය බුදු සරණයි.

Main News