කොරෝනා පැතිරීම උපරිමව තිබියදී ස්පාඤ්ඤය Lockdown සීමා ඉවත් කරයි..

April 14, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා පැතිරීම උපරිමව තිබියදී ස්පාඤ්ඤය Lockdown සීමා ඉවත් කරයි..

කොරෝනා වසංගතය හමුවේ අසල්වැසි යුරෝපා රටවල් සිය රටවල්වල ක්‍රියාත්මක කර ඇති අගුලු දැමීම තවත් දීර්ඝ කරමින් සිටින මොහොතේ මැතක සිට ලොව වැඩිම දෛනික කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාවක් එක දිගට වාර්තා වූ ස්පාඤ්ඤය දින කිහිපයක් අඩු කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වීමේ තත්ත්වය මුල් කරගෙන අද (13දා) සිට සිය සිය අගුලු දැමීමේ සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ .

මේ යටතේ එරට මෙතෙක් අගුලු දැමීමේ ක්‍රියාමාර්ගය නිසා සති දෙකක පමණ කාලයක් වසා දමා තිබු මහා පරිමාණයේ කර්මාන්ත හා ඉදි කිරීම් ආයතනවල සේවකයින් අද සිට නැවත සේවයට වාර්තා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .එමෙන්ම ප්‍රධාන පෙළේ ප්‍රවාහන සේවාවන්හි සේවකයින්ද අද දිනයේ සේවයට වාර්තා කර ඇති අතර ඔවුනට සේවය කිරීමේදී පැළඳීම සඳහා මුහුණු ආවරණ බෙදා දීමට බළධාරීන් විසින් පියවර ගෙන තිබේ .රට අගුලු දැමීම හේතුවෙන් රටේ ආර්ථිකය අඩපන වෙමින් පැවතීම මෙවැනි තීරණයක් ගැනීමට මුල් වී ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි .

කෙසේ වුවද රටේ බහුතරයක් දෙනා පස්වැනි සතියටත් අද සිට කොරෝනා වසංගතය මත නිවෙස්වලට සීමා කර තිබෙන බව ස්පාඤ්ඤ රජය පවසයි .අද සිට සේවයට වාර්තා කරන සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වයද ඔවුන්ගේ සේවය ලබා ගැනීමට පෙර තහවුරු කර ගැනීමට කටයුතු යොදා ඇති බව ස්පාඤ්ඤයේ අභ්‍යන්තර කටයුතු ඇමති ෆර්නැන්ඩෝ ග්‍රෑන්ඩේ -මාලස්කා පවසයි .

රට තුළ කොරෝනා වෛරසය පැතිරීම සීමා වී ඇති බව හා දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාවේ සැළකිය යුතු මට්ටමේ අඩු වීමක් දක්නට ලැබෙන බව ස්පාඤ්ඤ රජය විසින් ප්‍රකාශ කර ඇතත් ඊයේ (12දා ) එරටින් කොරෝනා මරණ 517 ක් හා නව කොරෝනා ආසාදිතයින් 3500කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ .අද (13දා) සවස වන විට
ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ හැටනවදහස් හාරසිය අනුහය දෙනෙකු (169,496) වූ අතර කොරෝනා මරණ සංඛ්‍යාව දාහත්දහස් හාරසිය අසු නව දෙනෙකු (17,489) විය .

මේ අතර ස්පාඤ්ඤයේ ඇතැම් කලාපවල ප්‍රධානින් මෙසේ රට අගුලු දැම්මේදී පනවා තිබු සීමාවන් ලිහිල් කිරීමේ තීරණය විවේචනය කර තිබේ .නැවතත් කොරෝනා වසංගත තත්ත්වයක් රට තුළ උද්ගත වනු ඇතැයි ඔව්හු බිය පළ කර සිටිති .

ඒමන්ති මාරඹේ
– divaina

78 views

21 Comments to “කොරෝනා පැතිරීම උපරිමව තිබියදී ස්පාඤ්ඤය Lockdown සීමා ඉවත් කරයි..”

  1. GU-NP-PAD SAJIYA says:

    SPAIN wage wadakarapalla, USBA walin igenganila, mama kiwa beheth dipalla

    MAMA EPA KIYADDI “LOCK DOWN KALA” MAMA KIWWA WIDIYATA ” SHUT DOWN” KALE NA

    MAMA MAGE “SRI MUKAYEN KIWWE” Huuuuuuuuuuu

    • Khans View says:

      ඉන්දියාව Lockdown ලබන මැයි 03 දක්වා දීර්ඝ කිරීමට අද තීරණය කලා.එම තීරණය ප්‍රකාශයට පත් කරමින් අගමැති මෝදි “මේ සදහා වැයවන වටිනාකම අතිමහත්.නමුත් ඔබගේ ජීවිත වල අගය හැම දේටම ඉහලයි” යනුවෙන් පැවසීය.
      ” These measures have come at a huge price, but the value of your lives is supreme “.

      • jackson says:

        Wait and see all those European countries who are highly affected will come back with flying colors while our idiots will keep singing hosannas to there leaders who will go behind those countries with a begging bowl.

      • ආර්ථික ලාබ පාඩු ගැන නොසිතා සිය ජනතාවගේ ජීවිත වල වටිනාකම ගැන පමණක් සිතූ නායකයන් ඇති රටවල් පමණක් මේ ව්‍යසනයෙන් ගොඩ එයි..
        නැගෙනහිර සහ බටහිර වෙනස එයයි..

        • Terminator says:

          Are you aware of this statement ?
          “As a country which did not go through a lock-down even during the 30-year war, there is no need to go for a lock-down in the face of the COVID-19 pandemic, President Gotabaya Rajapaksa said yesterday (17 March,2020) adding that the country needs to function.”
          මාරයෝ ඕක උඹේ අම්මට කියලා සිංහලට පරිවර්තනය කර ගනින්.ඊට පස්සේ වරෙන් බූරැවා කතාවට.

          • Did I mention about a lock down..? Also, I didn’t know yesterday was 17/03/2020.. Anyway, I prefer to avoid any conversation with people who cannot engage in a meaningful discussion. Thanks for the offer though…but no thanks..

            අම්මගෙන් සිංහල ටිකක් ඉගෙනගත්තොත් නරකද?

        • encourage them to do more many. more crop will appear in history’s ever recorded ??????

  2. kolla says:

    eka hinda apit chande tiyamu neda 😀 ekanee oya kiyanne 🙂 spain walata honda arthikayak tiyenwa lankaawa mokkda

  3. ගමරාළ says:

    ස්පාඤ්ඤ යෙන් අමනොඥ උත්සාහයක් රටෙ ආර්ථිකය කඩා වැටිම වලක්වා ගැනීමට .

    කාලකණ්ණි ඇමෙරිකාව මෙකෙන් හරි ප්‍රන්ත 51 වෙනමම පාලනය වන ස්වාධීන රටවල් 51ක් බවට පත්වෙවා, එවිට ලොකවාසි සියලු දෙනාට නිදහසේ ජිවත් වෙන්න පුලුවන් වට පිටාවක් ගොඩනැගෙයි.

  4. කෝ රෝනා අල්මේදා says:

    ආර්ථිකේ බින්දුවට නෙමේ ඍණ උනත් කීයටවත් ලංකාවේ නම් කීයට වත් අඳුරු නීතිය අයින් කරන්න එපා. බැරිවෙලාවත් කොරෝනා දෙවන අදියරට ගියොත් ගොඩ එනවා බොරු. එහෙම උනොත් ඉතින් ඡන්දෙ තියනවා බොරු, තුනෙන් දෙක තියා දශම දෙක වත් නැතුව තමයි ඉන්න වෙන්නේ. මේ වෙලාවේ බුද්ධිමත්ව තීරණ ගන්න ඕන.

  5. Aurora says:

    ඇමෙරිකානු අධිරාජ්‍යයයේ අමුතුම ආණ්ඩුක්‍රමයක් තමා ක්‍රියාත්මක කරන්නේ. ප්‍රාන්ත 51 ප්‍රජාතන්ත්‍රවාදී විධියට ස්වාධීනව ආණ්ඩු කරමින් බදු අයකරනවා වොෂින්ටන් ආණ්ඩුව සඳහා. ඒ සමඟම ප්‍රාන්තවල තියන කර්මාන්ත යුද්ධායුද නිෂ්පාදනය කරනවා වොෂින්ටන් ආණ්ඩුව සඳහා සහ ලෝක වෙළඳ පොළ සඳහා. වොෂින්ටන් ආණ්ඩුව ඒ ආයුද භාවිතා කරනවා, මාකටින් කරනවා. ආයුද සඳහා ලෝකයේ ඉල්ලුම තියාගන්න මොනවා කරලා හරි යුද්ධ නිර්මාණය කරනවා. උන් වැඩියෙන්ම දිරිමත් කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම් හැදිලා, නඩත්තුවෙලා දිගටම පවතින්න. වොෂින්ටන් ආණ්ඩුවට මේ ලෝකේ ලොකුම හානිය කලේ රාජපක්‍ෂවරු. ත්‍රස්තවාදය කිසිදා ආයුද වලින් පරාජය කරන්න බැහැ කියන මතවාදය බොරු කරපු නිසා එයින් පසු අලුත් ත්‍රස්ත කල්ලි බිහිකරන්න අමාරුයි. ඒකට තියන කෝපය තමයි මානව හිමිකම් කියල පිටකරන්නේ.

    • කෝ රෝනාල්ඩෝ says:

      උඹේ කොමෙන්ට් එක මතක් කරලා save කරලා තියා ගනින්. මොකද කවද හරි රාජපක්ස වරු මිලේනියම් ගිවිසුම (MCC) අත්සන් කරපු දාට මෙතන paste කරන්න. ඇමරිකාව WHO එකට සල්ලි දුන්නේ නැත්නම් අපි වගේ දුප්පත් රටවල් වලට බලවත් පහරක් වනවා. ඒක තේරුම් ගත්ත නිසා තමයි උඹලා වගේ කුක්කෝ බුරන්න දාල රාජපක්ෂ වරු පැත්තකට වෙලා බලන් ඉන්නේ.

      • Aurora says:

        පව්බන් උඹල, උඹලගේ ඇමෙරිකා එක්සත් ජනපදය චීනෙට ගෙවන්න තියන නය (3 T USD) ගෙවන්න වෙනවා MCC එකෙන් අපිට ඩොලර් 480 M දෙන්න ඉස්සරවෙලා. දැනටමත් ඇමෙරිකාව චීනේ කරලා තිබුණ බිලියන් ගානක ආයෝජන චීන ආණ්ඩුව තුට්ටු දෙකට අරන් ඇමෙරිකාවට නැත්තට නැතිවෙලා ඉන්නේ. කොරෝනා ඉවරවුණාම බලමු එක රටක්ද 51 ද ඉතුරුවෙන්නේ කියල. (කොහොමත් මගේ හැම කමෙන්ට් එකක්ම සේව් කරලා තියනවා)

      • nimalsiri says:

        ispaagnaya gena kathaa nokara ispirithaale inna naanaya gena kathaa korapiyawuge paiye den godaak mayil vewilaalu,umba gihin eka shawe korala pin daaganin umbe account ekata.

    • SDE says:

      Very true 100% agree

  6. මහා කලු says:

    ස්පාඤ්ඤයට උපදෙස් ලබා දෙන්නේ අපේ රටේ රනිල් ලෝක්කයි මංගල ලෝක්කයි වෙන්න ඇති.

  7. Love nature says:

    මාරයාට අත වනනවා වැනියි.

  8. Kumara says:

    A country cannot be lock-down for a long .If the economy collapses government will not be able to allocate money to healthcare sector and public will not be able to afford their medical expenses and this increases risk of fatalities from other diseases. Lock-down will only slowdown the spread and the behavior of the virus suggests that it cannot be eradicated until a vaccine is invented or herd immunity is formed. That’s why USA, Canada and many European countries have less relied on lock-down strategy and have accepted certain percentage of deaths among the population is unavoidable???

Main News