තැනින් තැන රෝගීන් මතුවෙනවා.. ආසාදිතයන් කොහේ සිටීදැයි දන්නේ නෑ.. ඉදිරියේදී ඉන්දියාව සේ ආසාදිතයන් වාර්තා විය හැකියි..- වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

October 9, 2020 at 2:10 pm | lanka C news
තැනින් තැන රෝගීන් මතුවෙනවා.. ආසාදිතයන් කොහේ සිටීදැයි දන්නේ නෑ.. ඉදිරියේදී ඉන්දියාව සේ ආසාදිතයන් වාර්තා විය හැකියි..- වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා කැප කිරීම් කළ නිසා තමන්ව නිහඬ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

නැවත එම තනතුර බාර නොගන්නා බවත් තනතුරක් ඇතත් නැතත් තමනට ජනතාව රැක ගැනීම සඳහා කළ යුතු දෙයක් ඇත්නම් එය සිදු කරන බවද ඔහු පැවසීය.

මාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්න ලෙස මේ වන විට චක්‍රලේඛ පවා නිකුත් කර ඇතැයිද ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මේ මොහොතේ කොරෝනා ආසාදිතයන් සිටින්නේ කොහිදැයි නිශ්චිතව කිව නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එනිසා ජනතාව ප‍්‍රවේශම් නොවන්නේ නම් ඉදිරි කාලයේ දී ඉන්දියාව සේ ආසාදිතයන් දිනපතා වාර්තා දීමේ හැකියාවක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

148,288 views

26 Comments to “තැනින් තැන රෝගීන් මතුවෙනවා.. ආසාදිතයන් කොහේ සිටීදැයි දන්නේ නෑ.. ඉදිරියේදී ඉන්දියාව සේ ආසාදිතයන් වාර්තා විය හැකියි..- වෛද්‍ය ජයරුවන් බණ්ඩාර”

  1. පසුගිය කාලය තුල ඔබ කල සේවයට අපගේ කෘතවේදිත්වය මෙසේ පුද කරමු. මිනිසුන් දැනුවත් කරමින්, කඩිනම් සේවය සලසමින්, දිවාරෑ නොබලා ඔබ කල සේවය පැසසීමට අප පසුබට නොවෙමු. ජනතාවට සේවය කිරීමට තනතුරු අවශ්‍ය නැත.ඔබගේත් අනිල් ජාසිංහ මහතාගෙත් වටිනාකම අදට වඩා හෙට හොදින් අපට දැනෙනු ඇත. ඉවසන්න. ජය.

  2. Kalana says:

    මුළු රටටම ඇඳිරි නීතිය දාල ගොඩ එන්න තව පරක්කු නොකර. චන්දයක් නැහැනේ, මන් බැලුව අයි නොකරන්නේත් කියල.

  3. Dicky says:

    ජවිපාවුන්ගේ ගතිය මේක තමයි.

  4. Ranga says:

    මොහු පමනට වඩා ඉස්මතු වෙන්න දඟලපු බව හොඳටම පෙනුනා. වයිරස් රෝග හෝ වසංගත රෝග විශේශඥයකු නොවන මොහු වියත් මග ඔස්සේ තනතුරු ලබා ගත්තෙකුවේ.
    ටයි කෝට් නැතුව මීඩියාවලටවත් එන්නෙ නැති මොහු අන්තිමට ජනාදිපතිතුමාටත් දොස් නැගීමට තරම් සැහැසි වී ඇත.
    බොරු සෝබන තාවකාලික බව ඔහු තේරුම් ගත යුතුව ඇත.
    ඒ අතින් Dr. සුදත් සමරවීර සෑහෙන ඉදිරියෙන් සිටිනු පෙනේ..

  5. සමහර පාසල් වලට තාවකාලිකව විදුහල්පති තනතුරේ වැඩ බලන්න කියල ගුරුවරුන් පත් කරනවා. නියම සුදුසුකම් තියෙන විදුහල්පති ශ්‍රේණිධාරියෙක් පත් කලාම අර ගුරුවරයට යන්න වෙනව. මෙතනත් වෙලා තියෙන්නෙ එවැනිම දෙයක්. බල තණ්හාව තිබුනට වැඩක් නැහැ. අදාල සුදුසුකමත් හදා ගන්න. මාධ්‍ය සංදර්ශන තියලා රටම අවුලුවන්න එපා.

  6. felix says:

    Any valid reason for removing him? Why the government is hiding that?

    • Razor says:

      Well, the reason is that he was acting in the previous post until the person who was in this post comes back from his foreign training. Once he is back, Dr. Bandara had to step back. Not a demotion. We all appreciate what he did while acting. People have to be humble.

  7. sinhale le says:

    සුලු ජාතින් ගම්මිරිස් ප්‍රති අපනය කලා වගේ දැන් කොරෝනාවත්

  8. Doctor says:

    This fellow is not a qualified guy. Earlier there was a dr called S Senaratne as director of Sri Jayawardenapura Hospital.
    Both are same.
    It is a good decision to chase him away from MRI
    ( Dr S Senaratne had to leave Sri Jayawardenapura hospital after a court case)

  9. bua says:

    he is against the present way things are happening so he is bad.

    if he supported what is happening he would be good.

    there is a friend of mine who has 4 children. he doesn’t the know names of any doctor who did 4 ceasers on his wife for child birth and also doesn’t know anything about the anesthetists either. but if something bad happened he would be knowing everything about them.

    on the other hand in the same way finishing the war was very good. but putting everything into that account is not good.
    .

Main News