කොරෝනා පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කලා..- හමුදාපති

October 16, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කලා..- හමුදාපති

කොරෝනා වෛරසය පැතිර යාම මේ වන විටත් සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද මව්බිම පුවත්පත වෙත සදහන් කර තිබේ.

එසේ නමුත් ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක බැවින් කොරෝනා ආසාදිතයෙකු බවට පත් නොවී සිටීමටත් සියලු දෙනා වගබලා යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා ආසාදිතයන් පිළිබද සහ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.

කොරෝනා ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සදහා අවශ්‍ය රෝහල් පහසුකම් නිරෝධායන මධ්‍යස්ථාන අවශ්‍ය තරම් ඉඩකඩ පුළුල් කර ඇති බවද පැවසූ ඔහු තවදුරටත් ඉඩකඩ අවශ්‍ය වුවහොත් ඒවා ලබාදීමට ද කටයුතු යොදා තිබෙන බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් දැනට පවතින තත්වය ඉදිරි සති දෙක තුළ සාමාන්‍ය අතර පත්වේදැයි කල විමසුමකදී ඔහු පවසා ඇත්තේ ඒ ගැන දැන්ම අනාවැකි පළ කළ නොහැකි බවයි.

මේ මොහොතේ කළ යුතු වැදගත්ම දේ වන්නේ කොරෝනා වෛරසයට ගොදුරු නොවී ආරක්ෂා වීමට වගබලා ගැනීම යයිද තව දුරටත් පවසා ඇත.

66,032 views

8 Comments to “කොරෝනා පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කලා..- හමුදාපති”

  1. Modaya says:

    අනේ මංදා !

  2. Gota says:

    PCR nawaththuwada. 🙂

  3. Saradiel says:

    දළදා සමිදු පිහිටෙන් මේ වසංගතය අපේ රටින් තුරන් වේවා සාදු සාදු සාදු

  4. Love nature says:

    රතන සූත්‍රයෙන් පිහිට ලබා ගමු

    රතන සූත්‍රය ආරක්ෂාවට ගන්නා අයුරු-නිතර රතන සූත්‍රය සජ්ඣායනා කරමින් සිටින කෙනාට සියලු උවදුරු දුරු වෙන්නට පටන් ගනී. පළමුවෙන් මෙසේ කරන්න. පිරිසුදු පැන් වලට හෝ තැඹිලි ගෙඩියකට තමාගේ දිව වේලෙන තුරු, තොල් වේලෙන තුරු, උගුර ආතුර වන තුරු, සිතට දැනෙන තුරු රතන සූත්‍රය සජ්ඣායනා කරන්න. එය තුන් වරක් හෝ හත් වරක් හෝ විසිඑක් වරක් හෝ සිය වරක් හෝ එකසිය අටවරක් හෝ වන්නට පිළිවනි. ඉන් අනතුරුව එය හිස්බඩට පානය කරන්න. පළමුවෙන්ම තමා ආරක්ෂා විය යුතුය. ඉන් අනතුරුව අන් අයටද සෙත් කළ හැකි ය. පැරණි පොත්පත් හා ජන සංස්කෘතියේ එන ආරක්ෂා විධි, කෙම් ක්‍රම වල අසන්නට කියවන්නට ලැබුණු ලෙස මෙසේ සටහන් කරමු.

  5. උක්කුං මල්ලී says:

    මේ ඉන්නේ doctor සිල්වා ද?

  6. chandu says:

    එකම තැටිය

  7. Sunil says:

    😂

Main News