කොරෝනා පැතිරුනේ ආණ්ඩුවේ වරදින්.. සමාජ පැතිරීමක් යයි රටේම ජනතාවගේ මතයයි..

November 9, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා පැතිරුනේ ආණ්ඩුවේ වරදින්.. සමාජ පැතිරීමක් යයි රටේම ජනතාවගේ මතයයි..

කොරෝනා වයිරසයේ දෙවන රැල්ල පිළිබදව කොතරම් අනතුරු ඇඟවීම් සිදු කර තිබුණද ආණ්ඩුව කොරෝනා දෙවන රැල්ල වෙනුවෙන් සුදානම්ව නොසිටි බව දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.

කොරෝනා වයිරසයේ දෙවන රැල්ල තවමත් සාමාජගතව නැතැයි ආණ්ඩුව පවසන්නේ වුවත් තමන්ගේ මෙන්ම බහුතර රටේ ජනතාවගේ නිගමනය වන්නේ කොරෝනා වයිරසයේ දෙවන රැල්ල දැනටමත් සාමාජගතව ඇති බව යන්න බවද හෙතෙම කියයි.

ගනේෂන් මහතා මේ බව පැවසුවේ ව්‍යාප්තවෙමින් පවතින කොරෝනා වයිරසය හා දේශපාලන තත්ත්වයන් පිළිබදව මාධ්‍ය කළ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.

කොරෝනා වයිරසයේ දෙවන රැල්ල පැතිරයමින් තිබෙනවා. දෙවන රැල්ලක් පිළිබදව අනතුරු ඇඟවීම් සිදු කර තිබුණද ආණ්ඩුව එයට මුහුණදීමට සුදානම්ව සිටියේ නැහැ. එැබැවින් කොරෝනා වයිරසය පාලනය කිරීමට ආණ්ඩුව ගනු ලැබු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අපට කිසිසෙත් තෘප්තිමත් වෙන්න බැහැ. ආණ්ඩුව දෙවන රැල්ලක් ඇතිවීමේ අවධානම සම්බන්ධයෙන් අනුගමනය කළේ ඉතාමත් උදාසීන වැඩපිළිවෙලක්

කොරෝනා දෙවන රැල්ල ඇති වුයේ විදේශිකයින් මගින් බව පැවසෙනවා. දේශපාලන හා ආර්ථිකමය කාරණා වෙනුවෙන් මෙරටට ගෙන්වු විදේශීය පුද්ගලයින් මගින් දෙවන කොරෝනා රැල්ල ඇතිව තිබෙනවා.එමෙන්ම පැතිරෙමින් තිබෙන කොරෝනා වයිරසය ප‍්‍රබල බවත් වෛද්‍යවරු ප‍්‍රකාශ කර තිබෙනවා.

ආණ්ඩුව තවමත් කියන්නේ මෙම වයිරසය පැතීරීම සමාජගතව නැති බවයි. නමුත් අපගේ මතය නම් කොරෝනා වයිරසයේ දෙවන රැල්ල සමාජගත වී අවසන් බවයි.

යහපාලන ආණ්ඩුව කාලයේදි දෙමළ ජනතාවගේ සියලූ ඉල්ලීම් ඉටු කළ නොහැකි වුවත් යම්තාක් දුරකට එම ඉල්ලීම් ඉටු කළා. උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කළා. අපගේ ආණ්ඩු කාලය ආරම්භයේදි දේශපාලන සිරකරුවන් 200 ක් පමණ සිටියා. නමුත් ආණ්ඩු කාලය අවසන්වනවිට නිදහස් කිරීමට සිටියේ සිරකරුවන් 100 ආසන්න දෙනෙක් පමණයි. දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය පමණක් නොවෙයි. දෙමළ ජාතික සන්ධානය පවා එවක ආණ්ඩුවට විශාල සහයෝගයක් ලබාදෙමින් කටයුතු කළා. අප සියලූ දෙනාටම එම ජයග‍්‍රහණ හිමි වෙනවා. ඒ නිසා පැවති අපේ ආණ්ඩුව හොදයි කියල මම කියන්නේ නැහැ. නමුත් වත්මන් ආණ්ඩුව ඊටත් වඩා නරකයි. භායනකයි.

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප 1000 කළ යුතු බවට යෝජනා කළේ ලංකා කම්කරු කොංග‍්‍රසයි. වතු කම්කරුවන්ට රුපියල් දාහක් නොවෙයි දෙදහක් දෙනවා නම් අපි කැමැතියි. විශේෂයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයයේ මේ බව සදහන් වුණා. දැන් අපි ආණ්ඩුවේ නැහැ. දැන් ආණ්ඩුවේ සිටින ලංකා කම්කරු කොංග‍්‍රසය මේ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන.

මම ආණ්ඩුවට එකතුවන බවට ඇතැමුන් පවසමින් සිටිනවා. එවැනි කිසිම අරමුණක් අප පක්ෂයට නැහැ. සමගි ජනබවේගයේ ශක්තිමත් සාමාජික පක්ෂයක් ලෙස අප කටයුතු කරනවා. නායක සජීත් පේ‍්‍රමදාස මහතා අපට විශ්වාසයි.

ආණ්ඩුව විශයෙන් දෙමළ ජනතාව වෙනුවෙන් ලබාදෙන විසදුම කුමක්ද කියා අපට පැහැදිලව ප‍්‍රකාශ කළ යුතුයි. එවැනි පැහැදිලි කිරීමක් කරන්නේ නම් , විසදුමක් ලබා දෙන්නේ නම් අපට ආණ්ඩුවට එක්ව සහයෝගය ලබාදීමේ අවශ්‍යතාවයක් නැහැ. මම ආණ්ඩුවට යෑමේ අවශ්‍යතාවයකුත් නැහැ. විපක්ෂයේ සිට වුවත් ආණ්ඩුවට සහාය ලබාදෙන්න පුලූවන්. රටට යහපතක් වන කරුණු වෙනුවෙන් සහාය ලබාදීමේ ගැටලූවක් නැහැ.

අප ඉල්ලන විසදුම වන්නේ සමානාත්මතාවයයි. එවැනි විසදුමක් ලබාදෙන්නේ නම් මනෝ ගනේෂන් ආණ්ඩුවට යෑමේ අවශ්‍යතාවක් නැහැ. එවැනි විසදුමක් ලැබුණේ නම් මනෝ ගනේෂන්ට දේශපාලනයේ රැදී සිටීමේ අවශ්‍යතාවයකුත් නැහැ.

– මාධ්‍ය අංශය

13,385 views

15 Comments to “කොරෝනා පැතිරුනේ ආණ්ඩුවේ වරදින්.. සමාජ පැතිරීමක් යයි රටේම ජනතාවගේ මතයයි..”

  1. dev says:

    Mowun samaga nohettema gana tiyenne puduma abhimanayak

    Minissu maran hari unge wade karagannahadanne

    kala kanni kiwwata kamak naa

    • John the baptice says:

      කොරෝනා පැතිරුනේ ආණ්ඩුවේ වරදින්..නොවේ ආණ්ඩුව නිසා කොරෝනා පැතිරීමක් සිදු වුයේ නැහැ …එම ප්‍රකාශය ගනේෂන් ඉල්ලා අස්කර ගත යුතුයි
      එම ප්‍රකාශය ගනේෂන් ගේ මතයක් මිස ජනතා මතය නොවේ …ගනේෂන් කියන්නේ ජාතිවාදී ත්‍රස්තවාදී අවස්තාවාදියෙක් ..කට වහගෙන හිටු

      • Alapaluwa says:

        නෑ නෑ ආන්ඩුව මේ ඔක්කොටම වැරදි. මනෝ ගනේෂන් කියන්නෙ නියම සත්‍ය වාදී මහජන හිතෛයිෂියෙක්. මිනිස්සු සෘඛ්‍ය පුරුදු කලේ නැතත් වැරදි ආන්ඩුව. ලෝකෙ තෙල් මිල වැඩි උනත් වැරදි ආන්ඩුව. මට පඩයක් ගියත් වැරදි ආන්ඩුව. ඊයෙ මගෙ කකුල පුටුවක වැදුන, වැරදි කවුද? ආන්ඩුවම තමයි. මට මොනවහරි අල්ලගෙන ආන්ඩුවට බැන්නෙ නැත්තන් 1600 හම්බවෙන්නෙ නෑ. ඇත්ත ඕකයි. ට.. ටා…

  2. Ranjan says:

    This is like a cricket or any other match, They wait until the other side loose. Then they say we have the best captain and coach also good selectors. WEDE WARADINAKAN INNAWA SADHDHE DHANNA`. Nethnam BILLO wage innawa.

  3. සමන්ත says:

    මෙතුමා සහ සෑම දෙනෙක්ම ඉල්ලන සමානතාවය කුමක්ද? දෙමළ ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාවද සිංහලයින්ට වඩා වරප්‍රසාද භුක්ති විදිනවා. ලංකාවේ ඕනෑම තැනක පදිංචි වෙන්න පුලුවන්, ඕනෑම පළාතක රුකියාව කරන්න පුලුවන්, දෙමළ භාෂාවෙන් ඕනෑම පළාතක වැඩ කරගන්න පුලුවන් තමන්ගේ ආගමික ස්ථාන අටව ගන්න පුලවන් තවත් මොනාද ඉල්ලන්නේ සිංහල මිනිසුන්ට මේ විදිහට පුලුවන්ද? යාපනය, කිලිනොච්චිය වගේ දිස්ත්‍රික්කයක එසේ නැත්නම් මඩකලපුවේ, කාත්තන්කුඩි වල, සයින්දමාරු වල ගිහින් සිංහලයින්ට කැමති විදිහට ඉන්න පුලුවන්ද තමන්ගේ කියලා ආගමික ස්ථානයක් ඉදිකරන්නවත්, රුකියාව කරන්නවත් ගෙයක් දොරක් හදන්නවත් පුලුවන්ද? දෙමළ සහ මුස්ලිම් පිරිස් වල 60% කටත් වඩා බහුතරයන් ජීවත් වෙන්නේ සිංහල මිනිසුන් බහුතරය ජීවත් වෙන පැතිවල. තවත් ඉල්ලන සමානතාවය කුමක්ද?..

    • පයිසාල් says:

      අයිෂෙට තේරෙන්නෙ නෙද්ද? යෙපි කියෙන්නෙ ඔක්කොම මුෂ්ලිම් වෙන්ඩ, බෙරිනම් මූදෙ පනින්න

    • සිංහලයා says:

      මුන් ඉල්ලන් කන්න හදන්නේ පිරුබකරන් වගේ ආයිත් සැරයක්. කල්ලතෝනි සක්කිලියා මේද පාර දුන්නොත් නැත්තටම නැති වෙන්න වදිනවා උබලට. තියන දෙයක් කාල වෙන දෙයක් බලා ගෙන කටවහගෙන හිටු. අහිංසක දෙමල්ලු මරව ගන්නේ නැතුව.

  4. RITIGALA says:

    aanduwa kiyanne janathawama nisa eka hari wenna puluwan…janathawa thama waga kiyanna one.

  5. Kamal Italy says:

    ඇයි? ආණ්ඩුව තොපිව යැව්වද spa වලට ගණිකාවෝ ලඟට නැත්නම් කාලකන්නි බේ බද්දන්ව යැව්වද අනතුරක් නොසලකා අරක්කු පෝලිම් වලට, කුඩ්ඩන්ට කුඩු හොයා වරෙව් කියලා තැන තැන යැව්වද කාලකන්නි තොපි වගේ එවුන්ට ටගන තැන ජන රාශි ඇතිකරන්න රැස්වීම් තියපියවූ හර්තාල් කරපියව් කිව්වද, පකනිල්පෙත්ත ගහපු තොපේ මහා එකා කොරෝනා වලට මම බය නැහැ, අදත් උදේ රැස්වීමක් තියලා ආවේ කියා කිව්වේ ආණ්ඩුව කරවලද? යකෝ පොන්නයෝ රජයක් විදියට කල හැකි හැම දේම කරත්දීත් මදිනම් පලයව් gall face එකට ගිහින් පනපියව් මුහුදට. අපි පිටරටවල දුක් විඳින්නේ තොපි ලබන සාත්තුව වත් නැතිව

  6. උපාසක says:

    ආණ්ඩුව ගෙවල් ගානේ ගිහින් මිනිස්සුන්ට ෆේෂ් මාස්ක් දාලා අත් හෝදවලා යන යන තැන්වල මීටරේ දුරින් තියලා බලාගත්තෙ නෑ කියලද මෙයා කියන්නේ.

  7. වෙබ් බුවා says:

    මුං බලයේ හිටිය නං කොරෝනා රැලි එන්නෙ නෑ. එන්නෙ කොරෝනා සුනාමි

  8. Duminda says:

    දැන් තමුන්නාන්සේට හොඳට නින්ද යනවද කොරෝනා වැඩි වෙච්ච හින්දා😂 පිස්සු වගේ කියවන්නෙ නැතුව මොනවද කරන්ඩ ඕනේ කියලා ජනතාව දැනුවත් කරන්න

  9. sinha le says:

    දෙමළ ජනතාව වෙනුවෙන් ලබාදෙන පහසුම විසදුම සිරිමා සාස්ට්‍රි ගිවිසුම නැවත පන ගැන්වීමයි.

  10. kkuruwita says:

    This donkey is exhibiting his stupidity , shamelessly !!!

Main News