කොරෝනා පැතිරුනේ නුවරඑලි ‘වසන්ත උදානය’ නිසා.. පැවැත්වූ අය වගකිව යුතුයි.. සෞඛ්‍ය ප‍්‍රධානියා එපා කිවුවා..- ආනන්ද විජේවික‍්‍රම

June 21, 2021 at 12:02 am | lanka C news
කොරෝනා පැතිරුනේ නුවරඑලි ‘වසන්ත උදානය’ නිසා.. පැවැත්වූ අය වගකිව යුතුයි.. සෞඛ්‍ය ප‍්‍රධානියා එපා කිවුවා..- ආනන්ද විජේවික‍්‍රම

පසුගිය අලුත් අවුරුදු සමයේ නුවර එළියේ වසන්ත උදානය අවුරුදු සැණකෙළිය නොපවත්වන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයා පැහැදිලිවම දැනුම් දී තිබූ බව කොළශ අයි ඩී එච් රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

නමුත් එම උපදෙස් නොතකා එම සැණකෙළිය පැවැත්වූ බවත් වෛරසය පැතිරී යාමට විශේෂයෙන්ම එය මුල් බවත් අද වන විට නුවරඑලියේ පමණක් ආසාදිතයන් 80ක් පමණ මිය ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය.

පවතින වෛරස් ව්‍යාප්තියට එම සැණකෙළිය පැවැත්වූ අය වගකිව යුතු යයිද ඒ මහතා සඳහන් කළේය.

සංචරණ සීමා ලිහිල් කල පසු ජනතාව එයාකාරයෙන්ම කටයුතු කළොත් රට තුල දැඩි අර්බුධකාරී තත්වයක් උද්ගත වනු ඇතැයිද ඔහු පැවසීය.

විශේෂයෙන්ම කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති තත්ත්වයක් තුළ එලෙස හැසිරීමට ගියහොත් ශ්‍රී ලංකාව විශාල අනතුරකට පත්ව ඇතැයි ද ඔහු කියා සිටියේය.

45,557 views

12 Comments to “කොරෝනා පැතිරුනේ නුවරඑලි ‘වසන්ත උදානය’ නිසා.. පැවැත්වූ අය වගකිව යුතුයි.. සෞඛ්‍ය ප‍්‍රධානියා එපා කිවුවා..- ආනන්ද විජේවික‍්‍රම”

  1. Saman says:

    Meyat hoda JVP karayek. Hemijja wage hitiyata

  2. රාජන්ගනේ-යාය -7-BOC-සිරිමල් උයනේ-පින් අරක්කු චාමර says:

    ලොකු මල්ලි, පොඩි මල්ලි, චුටි මල්ලි, යමු රජන්ගනේ අපේ කුබුරේ මහා මාලිගාවට, එකේ කක්කුසියට දාල තියෙන්නේ කිරිගරුඩ tile.
    ගිහිල්ල, ඔයාලගානේ පිනට රෙවෙනකම් බොමු

    මගේ වාචාල කම නියමෙට බැලිය හැකි පිනට බොනකොට , ඒක මගේ හිනමානේ
    හප්පා මම පරම්පරවෙම්ම සල්ලිකාරයෝ , පොල්කොට කක්කුස්සියේ fun එකට රිව්වට

  3. සිසිල් සුදේශ් says:

    තවම නුවරඑළිය නගරාධිපති වගේම සැණකෙළිය හෙබවූ කිසිවකුත් ඇල්ලුවෙ නෑ නේද? මාධ්‍ය ප්‍රකාශක තුමා දැනුවත් නැද්ද!

    • 🤣🤣🤣🤬 says:

      ඌ රූකඩයක් බං….!
      මත්කුඩු අල්ලනවා හෝ ගාලා… ඒත් ඒව ආයිත් අල්ලනවා…!
      බැලින්නම් උගේ නිළ ඇඳුම ඇඳගත් එකෙක්මයි ගෙනියල තියෙන්නේ..!
      නීති කඩපු එවුන් අල්ලනවා හෝ ගාලා හැමදාම..!
      ඒ වුනාට ඌට ලොකු පඩියක් ගෙවනවා හැමදාම ඔය ටික කිව්වහම..!

    • gadol says:

      මේ මොනවා කියනවද ? රටේ පාලකයාගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුව ගන්න බැහැ ..කළු සුද්දෝ පුතාලා ලේලිලා රේස් බලමින් කල සැණකෙළි වල ප්‍රතිඵලය කොරෝනා පැතිරීම

  4. Gamaraala says:

    Who gave the approval from Colombo…?

  5. Nawodhi says:

    Can you name who organise the NE summer festivals? Health workers alone cannot decide everything. Have committee representing all professionals including economists as well. Why you want to close Mullative and Mannar where not any single C-19 case?

  6. nadaraja says:

    හොද වෙලාවට තම්බියුන් ගියනෙතේ , සිංහල මෝඩයන් හින්දයි මෙරට විනාශවුනේ

  7. ගොනාට අo says:

    කොච්චර කිව්වද කොරෝනා තුන්වෙනි රැල්ල පටන් ගත්තෙ නුවරඑලියෙ කාල්ටන් වසන්ත උදානෙන් කියල එකම මාධ්‍ය‍යක්වත් ඒකට එරෙහිව කතා කලේ නැහැ. ඇයි, වෙන්ඩ ජනාධිපතියි රජපවුලේ කුමාරවරුයි කුමාරියොයි රජ ඇදුම් ඇදගෙනම ගිහින් හිටියනෙ

  8. sumudu says:

    දොඩම්ගේ හෝටල්වලට ඩඩ්ලිගේ හෝටල් වලට සෙනග පුරවන්න නුවර එළියේ වසන්ත උදානය සැලසුම් කරා

Main News