කොරෝනා පැතිරුනොත් ලංකාවේ ලක්‍ෂ 22ක් ගොදුරු වීමේ වැඩි ඉඩක්..

January 31, 2020 at 3:24 am | lanka C news
කොරෝනා පැතිරුනොත් ලංකාවේ ලක්‍ෂ 22ක් ගොදුරු වීමේ වැඩි ඉඩක්..

ප‍්‍රතිශක්තිකරණය අවම මට්ටමක ඇති රෝගීන් හට කොරෝනා වෛරසයේ දැඩි අවදානමක් ඇතැයි මහනුවර ජාතික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.

වකුගඩු , අක්මා , පිළිකා , හෘද , දියවැඩියා , විවිධ ආසාදිත රෝගින්, අවයව බද්ධ කළ රෝගින් , ගර්භණී කාන්තාවන් සහ කුඩා දරුවන් ප‍්‍රතිශක්තිකරණය අවම තත්ත්වයක සිටින බැවින් ඔවුන් මේ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා කීය.

කිවිසුම් යාම , කැස්ස , සෙම්ප‍්‍රතිශ්‍යාව , යන රෝග ලක්ෂණ වෛරසය ආසාදනය වී දින පහත් දහහතරත් අතර කාලයේ මතුවන බවත්, එම රෝග ලක්ෂණ මතුවීමට පෙර වුව ද රෝගවාහක වෛරසය සෙසු පුද්ගලයන් වෙත බෝවීමේ අවදානමක් පැවතිය හැකි බවත් ඔහු කියා සිටියේය.

සොටු දියර ගැලීමේදී හෝ කිවිසුම් යාමේදී හෝ කැස්ස පවතින අවස්ථාවේදී රෝගය බෝ වීමේ වැඩි අවදානමක් පැවතිය හැකි බව කී විශේෂඥ වෛද්‍ය මැදගෙදර මහතා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථානවල රැුඳී සිටීමෙන් වළකින්නැයි ජනතාවට කියා සිටියේය.

කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිසුන්ටත් මිනිසුන්ගෙන් සතුන්ටත් බෝවී යන බවත්, රෝගය පහව ගිය ද සතුන්ගේ සිරුරු තුළ වෛරසය තැන්පත් ව තිබී පසුකාලීනව යළි මතුවිය හැකි බව ද හෙතෙම කීය. සාර්ස් සහ මාර්ස් වැනි උණ වෛරසයන්ගේ ම තවත් නව තත්ත්වයක් බවද විශේෂඥ වෛද්‍යවරයා කීය.

කොරෝනා වෛරස් ආසාදනය මගින් ඇති වන උණ රෝග තත්ත්වය නිට්ටාවට සුව කිරීම සඳහා නිශ්චිත ඖෂධයක් මේ වනතුරු සොයාගෙන නැති බැවින්, ජීවිත අවදානම ප‍්‍රබල ලෙස ඇතැයි ද හෙතෙම කීය.

අවම ප‍්‍රතිශක්තිකරණ මට්ටමක සිටින රෝගීන් හට වෛරසය ආසාදනය වුවහොත් ජීවිතය අහිමිව යෑමේ අවදානමක් ඇති බව ද වෛරසය පෙණහලූ තුළට යෑමෙන් අනතුරුව රෝගියා මිය යෑමට ඇති අවදානම වැඩි බව ද කී විශේෂඥ වෛද්‍ය මැදගෙදර මහතා චීනයේ සිට පැමිණෙන පිරිස් සති දෙකකට වැඩි කාලයක් විශේෂ ස්ථානයක රඳවා තබා රෝග ලක්ෂණ පහල වන්නේද නොවන්නේ ද යන්න බැලීමෙන් රෝගය රට පුරා ව්‍යාප්ත වීම අවම කර ගත හැකි යැයි ද කීය.

මේ වනවිට ශ‍්‍රී ලංකාවේ වකුගඩු, අක්මා, පිළිකා , හෘද , අවයව බද්ධ කළ සහ දියවැඩියා රෝගීන් පමණක් ලක්ෂ විසි දෙකක් ඉක්මවා සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත සනාථ කරයි.

සමන්තී වීරසේකර
– divaina

423 views

10 Comments to “කොරෝනා පැතිරුනොත් ලංකාවේ ලක්‍ෂ 22ක් ගොදුරු වීමේ වැඩි ඉඩක්..”

  1. AJ says:

    We have 9 people discovered yet but no doctors spread things like Sri Lanka. Please just educated the public but do not scare them.

  2. ඩපයා says:

    මේ යකා මොකෙක් ගෙන් හරි සල්ලි අරන් ජනතාව බය කරනවා. මුළු ලෝකයේම දවසකට කොරෝනා රෝගයෙන් මිය යන පිරිසට වඩා කිහිප ගුණයකින් වැඩි පිරිසක් රිය අනතුරුවලින් මැරෙනවා.

    • Kaduwela Siva says:

      මුන් තරගෙට බොරු භීති මවනවා. එක රෝගියයි හමුවෙලා තියෙන්නෙ. එයාපෝර්ට් එකෙන් ෆිල්ටර් කරනවා. හමුවු රෝගියාටත් දැන් සනීපයි. ඔයිට වඩා ලංකාවේ ඩෙංගු වලින් පිලිකාවෙන් මිනිස්සු මැරෙනවා..ඔය කියන් ලක්ෂ 20 ඉන්නෙ මුලු ලංකාව පුරා විසිරිලා ඉතින් කොහොමද ලක්ෂ 20ක් අවදානම් වෙන්නෙ.

  3. Senarath Perera says:

    This doctor is creating phobia amoung people !
    Most viruses originated in the other countries are not virulent in a tropical country like Sri Lanka due to many reasons including hot weather – a factor lethal to the viruses, and our genetics – semi black skin genes which are different than the mongoloid genes found in China. I am a professional in medical field and I hope it will not be so dangerous in Sri Lanka.

  4. Lal says:

    ඕක හරියන්නේ නැහැ බය ගොතට ..මිනිස්සු රවට්ටලා හොර චන්ද අර ගෙන….දැන් කිසි දෙයක් කරගන්ඩ බැරුව කාණුවේ ඉන්න පණුව වගේ දගලනවා….ලක්ෂ හැට නවයේ බත් කන්න හිටපු පුන්නකු කන හරක්ට දැන් සැපද?

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      ගෝටාබය මහත්තය ඇවිල්ල :
      * GuNP – GuJVP හරක් ටික දෙමළ මුස්ලිම් අන්තවාදියො – ත්‍රස්ථවාදියො එක්ක එකෙකතුවෙලා රට වනසපු එක වලක්වපු එකම මදෑ.
      * ගොන්ජ වගේ බූරුවො දම්මල පොලිසිය, නීතිය, උසාවිය බල්ලට දාල කෙලෙසපු එක නවත්වපු එකම මදෑ.
      * කොලඹ වරාය නගරය, ත්‍රිකණාමල වරාය, හම්බන්තොට වරාය (අක්කර 15 000 ක් සමග) වගේ මර්මස්ථාන කුණු කොල්ලෙට විකුනං කකා ගිය එක වලක්වපු එකම මදෑ.
      * රණවිරුවො,හාමුදුරුවරු හිරේට දදා ත්‍රස්ථවාදීන්ට රාජ්‍ය රැකවරනය සහ පහසුකම් දීපු එක නවත්වපු එකම මදෑ.
      * මහ බැංකුවෙන් පටන් ගෙන ලොකු කුඩා සෑම ආයතනයකම මහාපරිමාණයෙන් කරගෙන ගිය දූෂණය, වංචාව පාලනය කරපු එකම මදෑ.
      * ආගම දහමට ගරහල රට විකුර්ති කාමුකයින්ගෙ පාරාදීසයක් කරන්න ගිය එක වලක්වපු එකම මදෑ.

      අසූචි කකා රටම අසූචි වලක් කරපු GuNP – GuJVP ඌරන්ට නම් පුන්නක්කු නෙමෙයි කොස් කොලයි ක්‍රෝටන් කොලයි දුන්නත් හොඳ වැඩියි.

  5. Billa says:

    Some doctors now get ready to earn more money using this hard time. A consultant for children now admit degi patients in all age groups to a private hospital and charge massive hospital Bill. All other doctors freeze and looking the incidence. They create another mafia.

    • Ravi says:

      This is Sri Lanka. A land like no other!
      Are you surprised?
      Everyone wants to earn money in any way that they can.
      Surely, you should know that if you live on this beautiful land.

  6. MD says:

    Sure ekata Donald Trumph gen salli gattha Doctor kenek.China wirodiyek.gahen watuna minihata Anala analama maranna hadana aya tamai ada godak inne.👎

  7. Ravana Parapura says:

    මෙයට එකම බෙහෙත අපේ පැරණි හෙළ වෙදකම පමණයි

Main News