කොරෝනා පැරදවීමෙන් පසු අපේ පොළොවෙන්, අපේ දෑතින් වැඩ ගන්නා යුගයක්…

April 4, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා පැරදවීමෙන් පසු අපේ පොළොවෙන්, අපේ දෑතින් වැඩ ගන්නා යුගයක්…

පිටරටින් එන නැව් දෙස බලා සිටි යුගය වෙනුවට මෙරට පොළොවෙන් – ජනතා දෑතින් වැඩ ගන්නා යුගයක් “කොරෝනා” අභියෝගය ජය ගැනීමෙන් පසුව නිර්මාණය කිරීමට මුළුමහත් ජාතියම දැන් සිටම මානසිකව සූදානම් විය යුතුව ඇති බවත් එවැනි මනසකින් යුත් දේශීය කර්මාන්තකරුවකු අද දිනයේ සිට මෙරට තුළ දැඩි සත්කාර ඇඳන් නිෂ්පාදනය අරඹා ඇති බවට වන සුබාරංචිය රට හමුවේ තබන බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මීගමුව රෙක්ස් ඉන්ඩස්ටී්‍රස් ආයතනය දැඩි සත්කාර ඒකක ඇඳන් වාණිජමය ලෙස නිෂ්පාදනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

“කොරෝනා වසංගතය ලෝකයට පාඩම් රැසක් උගන්වා තිබෙනවා. යුරෝපයෙන් අපට ආනයනය කරපු මතවාද අද පුස්සක් බවට පත් වී තිබෙනවා. ‘ජාතික රාජ්‍යය තුළ සිදු කරන නිෂ්පාදන පමණයි අපට ඉතිරි වන්නේ’ කියන පාඩම අද අපට කියා දී තිබෙනවා. ඒ නිසා මේ මහා වසංගතයෙන් මිදුණු පසුව අප දේශීය වශයෙන් කර්මාන්ත පුනරුද යුගයක් ඇරඹීමට සූදානම් විය යුතුයි. කර්මාන්ත පුනරුද යුගයට අවශ්‍ය මානසිකත්වය අප දැන් සිටම නිර්මාණය කළ යුතුයි.

‘කර්මාන්ත පුනරුද යුගයක් කරා’

මියයන රෝගීන් ගණන, ආසාදිතයින් ගණන දෙස බලා සිටීමෙන් පමණක් පලක් වන්නේ නැහැ. ඒ නිසයි අප ඉහත කර්මාන්ත පුනරුද යුගය දෙස බලාගෙන මේ මොහොතේ කටයුතු කිරීමට පටන් ගත්තේ. කොරෝනා වසංගතයත් සමග සංවාදයක් මතු වූවා, ‘අපට දැඩි සත්කාර ඒකක ඇඳන් පන්සීයකට වඩා නැහැ’ කියා. එයට උත්තර සෙවීමට යාමේදී තමයි මට දේශීය කර්මාන්තකරුවකු වන රෙක්ස් ඉන්ඩස්ටී්‍රස් ආයතනයේ අධිපති සුනිල් ප්‍රනාන්දු මහතා සිහිපත් වූයේ. මම ඔහුගෙන් මේ පිළිබඳව ලිඛිතව ඉල්ලීමක් කළා. ඉල්ලීමට අනුවයි මෙම ආයතනය ඉතා කෙටි කලකින්, දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන ඕස්ටේ්‍රලියාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක සඳහා යොදාගන්නා ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳකට සමාන ඇඳක් නිෂ්පාදනය කරනු ලැබුවේ. ඉදිරියේදී මෙම දැඩි සත්කාර ඒකක ඇඳ ස්වයංක්‍රියව ක්‍රියාත්මක කරන ආකාරයට වැඩිදියුණු කිරීමටත් මෙම ආයතනය පොරොන්දු වී තිබෙනවා.
දැනටමත් සෞඛ්‍ය අංශවලින් මේ සඳහා ඇණවුම් ලැබී තිබෙනවා. අප ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ දානපතීන්ගෙන්, ‘කරුණාකර රජයේ රෝහල් සඳහා මෙම ඇඳන් ලබාදීමට ඔබගේ දායකත්වය ලබාදෙන්න’ කියා. ආනයනික දැඩි සත්කාර ඒකක ඇඳක් සඳහා වැය වන මුදලින් හරි අඩක් පමණයි මේ සඳහා වැය වන්නේ. එය රටට වගේම රජයේ සෞඛ්‍ය සේවා අංශවලට සුබාරංචියක්.

මෙමගින් පෙන්නුම් කරන්නේ අපේ දේශීය කර්මාන්තකරුවන්ගේ දක්ෂතාවයි. එපමණක් නොවෙයි තරුණ පිරිස්වලට රැකියා සුලබ වීමක් ද බලාපොරොත්තු විය හැකියි. කොරෝනා වෛරසය කියාදුන් පාඩම හරියට ඉගෙනගන්නවානම් අපට පුළුවන් වෙන්න ඕනේ, අපට වුවමනා දේ අපේ රටේම නිපදවා ගන්න. මේ වසංගතේ ජය ගැනීමෙන් පසුව නිර්මාණය වන්නේ අපේ රටේ කර්මාන්තකරුවාට, ඔහුගේ නිෂ්පාදනවලට ඉහළ අගයක් ලැබෙන වාතාවරණයක්. පිටරටින් ලැබෙන කෑමබීම කමින්, පිටරටින් ලැබෙන යානවාහන පදිමින් ගතකළ කාලපරිච්ඡේදය මෙතැනින් පසු අවසන් කරමු. දේශීය නිෂ්පාදනයට මුල්තැන දෙන කාලපරිච්ඡේදයකට යාමට, අපට කවුරු අකමැති වුවත් සිදු වෙනවා.

ඒ නිසා නැව් දිහා බලාගෙන හිටපු යුගය වෙනුවට අපේ පොළොවෙන්-අපේ දෑතින් වැඩ ගන්නා යුගයක් තමයි කොරෝනා අභියෝගය ජය ගැනීමෙන් පසු අප ඉදිරියේදී නිර්මාණය වෙන්නේ.”

රෙක්ස් ඉන්ඩස්ටී්‍රස් ආයතනයේ සභාපති සුනිල් ප්‍රනාන්දු, අධ්‍යක්ෂ සහන් ප්‍රනාන්දු, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. එල්. නසීර්, අමාත්‍යාංශ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ලලන්ත ගුණසේකර යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,

383 views

50 Comments to “කොරෝනා පැරදවීමෙන් පසු අපේ පොළොවෙන්, අපේ දෑතින් වැඩ ගන්නා යුගයක්…”

  1. Chinthana says:

    Wimal does the great thing- we appreciated … GMOA and other responsible docters have informed that thay have only 400 beds to treat those ICU patients. And also 200 beds already occupied at that time… some of them cannot remember …If that limit exceeded the entire process of medication treatment get worse. Then all those people will start to creeping like Bulls.

  2. sana says:

    Please don’t clear our forests for cultivation. We have enough under used land areas e.g. 75% of coconut lands have no under crops. So much unproductive tea & rubber lands. So vast abandoned paddy lands. Poorly cultivated home gardens. If we go for vertical farming benefits are more. Select crops that use little water & more harvest — Cassava. Opportunities unlimited.

  3. sena says:

    අනිවාර්යෙන්ම නැවත පරාක්‍රමබාහු යුගයකට පියනගමු

    • අල්ලපු ගෙදර තිනන් says:

      එකෙන්ම!

      වැඩ බැරි නම් වැඩක් නෑ! හැංගිලා ඉඳගෙන ඔන්ලයින් වීඩියෝ දාන, මේ ව්‍යසනය වෙලාවෙත් තමන්ගේ මඩ්ය කරගන්න, බලය ගන්න බලන් ඉන්න එවුන් මතක තියාගන්න. ඊලඟ ඡන්දයෙන් උන්ව අතුගාලා දාලා රට ගොඩගන්න ජනාධිපති තුමාට ශක්තියක් වෙමු.

  4. banda says:

    Well done for the Rex Industries and Management at Negambo.
    BUT what I do not understand is why politician Wimal is there?
    Politician Wimal, these will not give you additional mileage because it is nothing to do with you –
    – not your idea
    -not your design
    -not your technology
    -not your materials
    -not your work place
    -not out of your money
    Please do not come for cheap publicity. We trust the President, that is more than enough.

  5. Vis8 says:

    Brilliant! Keep up the good work!

  6. Abba says:

    Great idea Mr. Wimal

  7. assanga says:

    JR ge mahaweliya nothibunanam ombala okkoma ada badigenne yakkune. conctre godawak waling parawal hadala kanna beri bawa denaganille. Gamini Dissanayaka ta haa JR ta oinsiduwewa

    • Viveka says:

      JR he ammage boodalen hadapuwa nemei. Evata API me athama gaanak loka bankuwata Naya genavavane. Anika eya ratata karapu sevaya Saha vinashaya gana api dakka vindane. R prrmadasa mahaththayath ratata godaak Honda deval kala. Me vage projects karanne for the welfare of the people anith passe Ena Aya Eva hariyata pavichchi nokaloth kaatath vadak naha. Apita desha palane vadak naha kavuru Hari ratata rate Inna dakshayinta thanak labena vadak karanava Nam agaya karanna oni. Wimalge politics monava unath he has a right vision that we need to promote Sri Lankan products and food supply and industrues for us to survive. Singapore novunata nomari kaala andala Inna ape rate Agri business and all the closed factories of Sirimavos time for sugar, clothes, steel, wood will be /must be back on track. Without waiting things to import from other countries, globalization my foot. If these developed countries can let their own people die, lose jobs in millions. Do you think they will be compassionate about people from a poor country like ours. We need to be smart and at least grow jack trees everywhere. I remember yahapalana economic expert Harsha Silva was saying too much Agri lands we need to convert them to business lands reduce the farmers kivva. Ranil and Mongal hithiyanam apita pas thamai Kanna venne.

  8. Patriot says:

    People of Sri Lanka let’s take this opportunity & use it for better things. Grow fruits & vegetables in your garden. Talented & creative people if u have anything want to do it but never had courage to do it this is the time. After all nothing to loose. So let’s develop this beautiful country . This is the time. If u ask & demand. Then leaders of the country will help u this time.

  9. අල්ලපු ගෙදර තිනන් says:

    පේනවා නේද ඔය එක එක සිපයියෝ කටින් බතල හිටවන, පටු වාසි ගන්න දඟලන කාලේ විමල් වීරවංශ වැනි දේශයේ දරුවන් රට ගොඩගන්න උත්සාහ කරන හැටි.

    විමල් මැතිඳුන්ට දීර්ඝායු!

    අනිත් එවුනුත් ආදර්ශයක් කර ගනිල්ලා

Main News