කොරෝනා පෙන්නා ගිනි කයි.. රුපියල් 10 පෙරුම්කායන් 200ට විකුණයි..

March 17, 2020 at 8:40 am | lanka C news
කොරෝනා පෙන්නා ගිනි කයි.. රුපියල් 10 පෙරුම්කායන් 200ට විකුණයි..

පැතිර යන කොරෝනා රෝගය ව්‍යාප්ත විම වැලැක්විම සදහා හැටන් දික්ඔය නගර සභාව සහ පොලිසිය විසින් හැටන් ප්‍රදේශයේ පිහිටි සියළුම සංචාරක  නිකේතන හිමියන් දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා සහ එම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් ,සෞඛ්‍යය අංශ නිලධාරින් සහ හැටන් පොලිස් නිලධාරින් එක්ව සංචාරක නිකේතන හිමියන් දැනුවත් කිරිමේ වැඩසටහන දියත් කර ඇත.

හැටන් ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන වලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකන්ගේ සම්පුර්ණ දත්ත වාර්තාවක් නගර සභාවට සහ පොලිසිය වෙත අනිවාර්යයයෙන්ම සංචාරක නිකේතන හිමියා විසින් ලබා දිය යුතුය.

මේ අතර කොරෝනා රෝගය පැතිර යාම වැලැක්විම සදහා ආයුර්වේද ඖෂධයක් වශයෙන් භාවිතා කරන ලෙස දේශිය ආයුර්වේද වෛද්‍යවරුන් විසින් උපදෙස් ලබා දි ඇති (පෙරුම්කායම්)මිල ඉහල දැමිමට වතුකරයේ වෙලදසැල් හිමියන් මේ වන විට කටයුතු කර ඇත.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද පෙරුම්කායම් පැකට්ටුවක් රු 10 වැනි ඉතා අඩු මුදලකට අලෙවි වු අතර , එ සදහා ඇති ඉල්ලුම ඉහල යාමත් සමග හැටන් නගරයේ ඇතැම් වෙලදුන් ඇසුරුම්කරණ ලද පෙරුම්කායම් පැකට්ටුවක් රු දෙසියයක් වැනි අධික මුදලකට අලෙවි කරන බව හැටන් ප්‍රදේශවාසින් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

622 views

One Comment to “කොරෝනා පෙන්නා ගිනි කයි.. රුපියල් 10 පෙරුම්කායන් 200ට විකුණයි..”

  1. kiribatha says:

    Just use soap to wash your hands. Ask the professor Channa who created this perumkayam frenzy whether he is using perumkayam. People who take all the benefits of Western world are trying to mislead uneducated village folks in Sri Lanka. They know that uneducated groups love to hear these rubbish. Just look at current day rulers (GR, BR, Wimal, Gammanpila Dallas etc. ) in Sri Lanka. Their families are living and studying in the USA and other western countries, but they are the heroes that fight against imperialism and western culture. They talk about Buddhism and then arrange marriages from non-Buddhists for their sons. Hypocrisy is at its best.

Main News