කොරෝනා පොකුරු රට පුරා බිහිවීමේ අවදානමක්..

November 22, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා පොකුරු රට පුරා බිහිවීමේ අවදානමක්..

කොරෝනා පොකුරු දිවයින පුරා තවදුරටත් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එවන් පොකුරු ආයතන තුළ නිර්මාණය වීම වළක්වා ගැනීමට ආයතන ප්‍රධානීන්ට, කාර්ය මණ්ඩලයට හා ඒවාට එන අයටද විශාල වගකීමක් ඇතැයිද ඔහු පැවසීය.

එක් සේවකයකු ආසාදිත වූ පසු ආයතනයේ කාර්යය මණ්ඩලයේ විශාල වශයෙන් ආසාදිත වීම සිදු විය හැකි බවද ඔහු සඳහන් කරයි.

දැනටත් එවන් තත්වයන් පොලිසිය, බන්ධනාගාරය, නාවික හමුදාව වැනි ආයතන තුළ අත්විදිමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

35,320 views

9 Comments to “කොරෝනා පොකුරු රට පුරා බිහිවීමේ අවදානමක්..”

  1. sumudhu says:

    බස්නාහිර පළාතේ පදිංචි අය පිට පළාත්වල සංචරණය කිරීම දෙසැම්බර් 31 දක්වා වහා අත් හිටවන්න

  2. ජිංජි බරස් කොටහේන says:

    එහෙමයි අප්පුහාමි, පොකුරු පමණයි සමාජ ගත්වීමක් ඇත්තේම නැහැ. ඊයේ මරණ 9 න් 4 ක් ම ගෙවල් වල වෙච්ච ඒවා. ඒ මිනිස්සු මැරෙනකම් කොරෝනා කියලා දැනගෙන ඉන්න නැතුව ඇති. එක නිසා හැම නිවසකටම pcr යන්ත්‍රය බැගින් ලබා දෙන්න පුහුණුවක් එක්ක. එතකොට තම තමන්ගේ ටෙස්ට් තමන් ම කරගනයි.

  3. රාලහාමිගෙ දුව... says:

    හා.. හා .. එතකොට කොහොමද අපි තාත්තලට ඔන් ලයින් පන්තියකට සහභාගි වෙනව කියල ගෙදරින් එලියට ඇවිල්ලා… හොරෙන් රෑට පාටි දාලා ජොලිය දාන්නේ..?

  4. Kevin says:

    රටක් මෙහෙම අවිනිශ්චිත බවේ තබාගෙන ඉදිරියට ගෙනියන්න පුළුවන්ද? දැන්වත් රෝගය පාලනය කිරීමට රට ලොක්ඩවුන් කරන්න.

    • වයි දිස් කොලවෙරි says:

      රට ලොක්දවුන් කරොත් මිනිස්සු මැරෙන්නේ කන්න නැතුව.

  5. Ravana parapura says:

    සෑම ග්‍රාම නිළදාරින් මගින් ජනතාවට හෙළ ඔසු නොමිලේ ලබාදෙන්න මෙය ඉතා ඉක්මනින් වර්දනය කිරීමට හැකි වේ

  6. මර්තේනිස් අයියා says:

    එහෙම කිය කියා අපි තාලෙට නටමූ හෙට උදේම අපි දරැවන් පාසැල් යවමු නනනානනානනානනානා………………

  7. gonsira says:

    obage eiileema paridi api daruwan samaga korona hadabnn pasal yayanawoo

Leave a Comment

Main News