කොරෝනා ප‍්‍රතිකාර කරන්න ඉඩ නොදීම නිසා බටහිර වෛද්‍යවරුනට එරෙහිව දේශී්‍ය වෛද්‍යවරුන් නඩු දමති..

November 30, 2021 at 3:20 am | lanka C news
කොරෝනා ප‍්‍රතිකාර කරන්න ඉඩ නොදීම නිසා බටහිර වෛද්‍යවරුනට එරෙහිව දේශී්‍ය වෛද්‍යවරුන් නඩු දමති..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන් විසින් පවත්වන, දේශීය වෛද්‍ය සායනවලට අකුල් හෙලමින් සිටින බවත්, ජනතාවට වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමේ අයිතිය අහිමි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන යනු ලබන ක‍්‍රියාමාර්ගවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටත් දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව අවධාරණය කරයි.

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව ඇතිවන අතුරු ආබාධ සදහා ආර්යුවේද හා හෙළ වෙදකම් තුළින් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගැනීමට හැකියාව ඇති බවත්, එසේ අතුරු ආබාධ ඇති පුද්ගලයින් සදහා කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව සමග එක්ව පැවැත්වූ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බාධා පමුණවමින් සිටින බවත් දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුවේ කැදවුම්කරු සුමුදු ලියනාරච්චි අලුත්වලදී අද (28* පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී අවධාරණය කළාය.

දේශීයත්වයට තැන ලබාදිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ප‍්‍රසිද්ධ මාධ්‍යයට පැමිණ අදහස් දැක්වුවත් දේශීය හා ආර්යුවේද වෛද්‍ය ප‍්‍රතිකාර සදහා බාධා පමුණවමින් කටයුතු කරන ආකාරයෙන් ඔහුගේ දෙබිඩි ප‍්‍රතිපත්තිය හෙළිදරව් වන බවද වෛද්‍ය සුමුදු ලියනාරච්චි සදහන් කළාය.

රජයේ ලියාපදිංචි දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ට රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමේ අවස්ථාව වැලැක්වීමට වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ප‍්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරමින් සිටින්නේ හෙළ වෙදකම මේ රටින් තුරන් කිරීමේ අවශ්‍යතාවයක් ඔහු ඇතුළු කණ්ඩායමට තිබෙන නිසාදැයි ඇය ප‍්‍රශ්ණ කළාය. දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට රටේ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිසිදු හැකියාවක් නොමැති බවත් එසේ කටයුතු කරන්නේ නම් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද වෛද්‍ය සුමුදු ලියනාරච්චි පැවසුවාය.

අම්පාර ප‍්‍රදේශයේදී පසුගිය සතියේදී පැවති දේශීය වෛද්‍ය සායනයකට එරෙහිව වාරණ නියෝගයක් ලබාගැනීමට බටහිර වෛද්‍යවරුන් කණ්ඩායමක් කටයුතු කර තිබූ බව සිහිපත් කළ වෛද්‍ය සුමුදු ලියනාරච්චි දේශීය වෛද්‍යවරුන්ට එරෙහිව කුමන්ත‍්‍රණයක් සිදුවන්නේදැයි යන්න ගැන අවධානය යොමු කළ යුතු බවද කීවාය.

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව අතුරු ආබාධ ඇතිවූ අවස්ථාවන් දහස් ගණනක් පිළිබද තොරතුරු තමන් සතුව පවතින බවද ඒ නිසා අතුරු ආබාධ ඇති පුද්ගයින් සදහා වන දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ඇය සදහන් කළාය. පාර්මිපරික වෛද්‍ය දැනුම අනුව බිහිවූ දේශිය වෛද්‍ය ක‍්‍රමයක්, ආර්යුවේද වෛද්‍ය ක‍්‍රමයත් ලෝකයේ පිළිගත් වෛද්‍ය ක‍්‍රමයක් බව බටහිර වෛද්‍යවරුන් අමතක නොකළ යුතු බවත්, බටහිර වෛද්‍ය ක‍්‍රමය බිහිවීමට වසර දහස් ගණනකට පෙර මෙම වෛද්‍ය ක‍්‍රමය ලෝකයේ ක‍්‍රියාත්මක වී තිබූ බවද වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සුමුදු ලියනාරච්චි සදහන් කළාය.

– media unit

14,444 views

7 Comments to “කොරෝනා ප‍්‍රතිකාර කරන්න ඉඩ නොදීම නිසා බටහිර වෛද්‍යවරුනට එරෙහිව දේශී්‍ය වෛද්‍යවරුන් නඩු දමති..”

  1. ගබන් says:

    නඩු කිව්වාට වැඩක් වෙන එකක් නැහැ. මේක බටහිර රටවල් කීපයක් විසින් කරගෙන යන ව්‍යාපාරයක්. සියයට අසූවක් කිසිදු රෝග ලක්ෂණ නැහැ. මියයන්නේ සියයට දෙකකට අඩු ප්‍රමාණයක් පමණි. ප්‍රතිශක්තිකරණය හොඳ නම් කොරෝනා හැදෙන්නේම නැහැ. ඉතින් අපේ දේශීය වෛද්‍ය ක්‍රමය තරම් සුදුසු ක්‍රමයක් නොමැති තරම්. නමුත් මේ මාෆියාව කරන්නේ රජයේ අනුදැනුම ඇතිව නම් කුමක් කල කල හැකිද?

  2. K de Silva says:

    බටහිර දොස්තරලා ගෙන් බහුතරයක් අනුන්ගේ කටපාඩම් දැනුම විකුණලා සල්ලි උල්පත් හදාගන්න අය මිසක් එකදු බෙහෙතක් හෝ හදා ගන්න වත් දන්න අය නොවේ.

    පිටරටින් දැනුම හා ද්‍රව්‍ය ආවේ නැත්නම් සුම්මා.

    ඒ නිසා හැමවිටම වෙනත් වෛද්‍ය ක්‍රම යටපත් කරන්න උත්සාහ කරනවා. ඔය සංගම් කාරයෝ නම් පිළිකුල් සත්තු.

  3. Thambapani g says:

    Me deshiya wedu kiyala vadipura inne wancha karayo boruwata minnisunge sali kadagannawa pani kotthamali kudu wikunala . Godak ayata kissima sudusukamak na .mesan bas korona beheth hadanawa.

  4. සින්හලයා says:

    පොහොට්ටුවට තමා මාත් චන්දෙ දුන්නෙ. ඒත් දේශීය වෛද්ය ක්‍රමයට කරන නිග්‍රහය දැකලා පොහොට්ටුවම එපා වුණා. නායකයන්ට පූසාරි ගාව දනගහන්න හොඳයි. ඇත්ත දේශීය වෙද්දු නරකයි.

  5. Norata Eka says:

    මේක හරි ඇත්ත…රටේ පිලිගත් වෛද්‍ය ක්‍රම වල උපකාර ලබා ගැනීමට ජනතාවට ඇති අයිතියට අකුල් හෙලීමට කිසිවෙකුට අයිතියක් නෑ …

  6. යටත් වීමේ සැමරීම says:

    74 වන යටත් විජිත සැමරුමට එන්න පුලුවන් එන්නත්කරණයට ලක් වූ අයට පමණයි..ලු…

    යටත්වීම සමරන උත්සවයට ආයුර්වේද ප්‍රතිශක්ති කාඩ් පත වලංගු කරවන්න උත්සාහ ගන්න එපා…කලු සුද්දන්ටම සමර ගන්න කියමු…!

  7. ව්ලැඩ්මිර් says:

    පාහර පාදඩදෙනියයි උගෙ කාලකන්නි ගැය්ටො ටිකයි ගූ ගහල පන්නන දවස ලගයි…..

Main News