කොරෝනා ප‍්‍රබල වෙලා.. මුව ආවරණ දෙකක්, ෆේස් ෂීල්ඩ් එකක් පලදින්න.. ජීවිතය රැකගන්න..

September 3, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා ප‍්‍රබල වෙලා.. මුව ආවරණ දෙකක්, ෆේස් ෂීල්ඩ් එකක් පලදින්න.. ජීවිතය රැකගන්න..

මේ වන විට කොරෝනා පැතිරිම ප‍්‍රබලව සිදුවන නිසා මුව ආවරණ දෙකක් පළඳින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

නිවසින් එළියට යන අවස්ථාවන්හිදී ‘ෆේස් ෂිල්ඩ්’ ආවරණය පැලදීමද ඉතා වැදගත් බවද ඇය කියා සිටියාය.

එමෙන්ම ජාතිය වර්ගය නොබලා ළඟම ඇති ස්ථානයට ගොස් කොරෝනා මර්ධන එන්නත් කඩිනමින් ලබා ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය පැවසුවාය.

තම ජීවිත ආරක්ෂා කරගැනීම තමන්ම කටයුතු කළ යුතු බවත් වෙනත් අය තීරණ ගන්නා තුරු නොසිට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි ද ඉල්ලා ඇය ඉල්ලා සිටි.

ජනතාවන් නිවෙස් වලට හැකි තරම් කාලය ගත කිරීම වඩා වැදගත් බවත් කොරෝනා පාලනය කර ගැනීමට හුදෙකලා වීම ඉතා වැදගත් බවද ඇය කියා සිටියාය.

ගම්පහ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මෙසේ පැවසීය.

42,502 views

25 Comments to “කොරෝනා ප‍්‍රබල වෙලා.. මුව ආවරණ දෙකක්, ෆේස් ෂීල්ඩ් එකක් පලදින්න.. ජීවිතය රැකගන්න..”

  1. රංජිත් විජේසිංහ says:

    මේ තියෙන අවදානමෙන් බේරෙන්න අනිවාර්යෙන්ම එසේ කල යුතුයි. ඔය කියන දේවල් ඇහුවනම් අද මෙහෙම වෙන්නේ නෑ නේ

  2. Sunil Perera says:

    ape minissunta owa karanna epa kiuwwata owa ahanna. amuthu set ekak inne ape rate.

  3. නාරද says:

    ආදරණීය ‌පොලේ පොල් බිස්නස් මෑන් වෙත, කෙරෝනා හදාගත්තා හෝ හැදුනා නම් කොහොම හරි කට්ට කාගෙන පී එච් අයි මැතිදුන් කියන දවස වෙනකම් හිටියානම් හොඳයි නේද? මැදින් පැනලා පොල් වික්කාම ගන්න අයට අසාධාරණයක් නේද?

  4. Suranjan says:

    විකාර කියනවා.

    තාම සමාජයට පැතිරිලත් නෑ..
    අනික ඕක බයවෙන්න ඕනේ දෙයක් නෙමේ සාමාන්‍ය උණක් හෙම්බිරිස්සාවක් වගේ දෙයක්….

    මම නෙමේ ඔබතුමන්ලම තමා ඔහොම කියන්නේ…

  5. Suranjan says:

    තාම සමාජයට පැතිරිලත් නෑ..
    අනික ඕක බයවෙන්න ඕනේ දෙයක් නෙමේ සාමාන්‍ය උණක් හෙම්බිරිස්සාවක් වගේ දෙයක්….

    මම නෙමේ ඔබතුමන්ලම තමා ඔහොම කියන්නේ…

  6. කුඹුක්කණ් says:

    වෙලා ?…

    කෙරුවා, කොරෝනා ප්‍රභල කෙරුවා තොපිලා වැක්සීන් කෙළොලා . වැක්සීන් එක තමා හොදටම කලේ, වැඩ බැරි ප්‍රතිකාර නැති බටහිර ඇලොපති වෛද්‍ය විද්‍යාව තමා හොදටම කලේ.

    මිනී මරුවො

    • Norata Eka says:

      දැන් ඔන්න පාසැල් ලමයින්ට Pfizer දෙන්න තීරණය කරා කියල news එකක් දැක්කා…

      • කුඹුක්කණ් says:

        හ්ම්ම් මාත් දැක්කා

        මුං ළමයි ටිකටත් කෙලොලා තමා නතර වෙන්නෙ

        දැන දැන කරන මේ අපරාධයට මේකට උදව් කරන ඇලොපති හැතිකරේ ඇතුලු සියලු දෙනා මේ භූමියෙන් අතුගෑවී මකබෑවී පලච්චාවෙ.

  7. හදිසි නීති says:

    හදිසි නීති රෙගුලාසි හරහා එන්නත අනිවාර්යය කළහොත් යුදෙව්වන් ඝාතනාගාරයට යැවීමේ දෙවන අදියර ලංකාවේද?

  8. රුක්ෂාන් සිල්වා says:

    රජයේ නිවේදනයන් වලට අනුගත කටයුතු කරන්න. හැකිතාක් නිවෙසටම වී සිටින්න. තමන්ව තමන්ම ලොකඩවුන් කර ගන්න. මේකෙන් බේරෙන්න පුලුවන් එහෙමයි කිවුවට අහන් නැති එවුන්ට හොම්බට අනින්න.

  9. assnga says:

    Why not investigate who organise killing your husband a great man and leave this position and become a respectable professional. Please resign giving a clear statement of inside of the system. You be well recognise by the masses

  10. Third Umpair says:

    ඔයා ඔය ධූරයෙන් අයින් වෙලා , හෙල වෙද මහත්තයෙකුට ඕක දීලා ගෙදර යන්න .

    vaccine එක මොකක්ද , අන්තර්ගතය මොකක්ද , ඒකෙ ක්‍රියාකාරීත්වය මොකක්ද , ශරීරයෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඒකෙන් වන බලපෑම මොකක්ද ? ආදිය කිසිවකුට උත්තර නොදැන , vaccine ගහන්නයි මාස් දාන්නයි , කිය කිය මොන විහිලුවක්ද කරන්නේ ?

    තමන් WHO එකේ , සේල්ස් රෙප් කෙනෙක් බව තේරුම් ගන්න .

    ජෛව විද්‍යාත්මක අවි ගැන හදාරලා නැත්තං , මුල ඉඳලා ඉගෙන ගන්න .

    නිකරුනේ මනස්ගාත කරලා , මිනිස්සු මරන්න එපා .

Main News