කොරෝනා බලපෑමෙන් ජනාධිපති, අගමැති ලොකු කම්පනයකින්…

April 21, 2020 at 8:02 am | lanka C news
කොරෝනා බලපෑමෙන් ජනාධිපති, අගමැති ලොකු කම්පනයකින්…

කොවිඩ් 19 වෛයරසය නිසා මුලු ලෝක ජන සමාජය ම අවුල් – වියවුල් වී ඇති මෙවන් අවස්ථාවක එයින් අපේ රටත් – ජනතාවත් බේරා ගැනීමට පොදු ජනයාගේ කැපවීම් සහිත සහයෝගය අත්‍යවශ්‍ය වී ඇතැයි ,අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

මේ මහා ව්‍යසනයෙන් ජය ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් හා අධීක්ෂණයෙන් පුලුල් වැඩ පිළිවෙළක් දැන් ක්‍රියාත්මක බව කී ඒ මහතා ,එහි සාර්ථකත්වය ඇති වන්නේ පොදු ජනයාගේ සහයෝගය මත යැයිද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ කොවිඩ් 19 වෛරසයට මුහුණ දීම සඳහා දෙනියාය- මොරවක රෝහල් වලට අවශ්‍ය පහසුකම් සපයා දී ඉන් පසු එම ප්‍රදේශ වල සමාජ ක්‍රියාකාරිකයින් දැනුවත් කිරීමට එක් වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

භයානක වෛයරසයක් පැතිරීම ආරම්භ වූ විට එය වළක්වා ගැනීම පහසු කාර්යක් වන්නේ නෑ .මෙය ලෝක වසංගතයක් .මෙහිදී පටු දේශපාලන තර්ක මතු කිරීමෙන් වැඩක් වෙන්නේ ද නෑ .රජයට අයත් බොහෝ අංශ විශේෂයෙන් සෞඛ්‍ය ,ආරක්ෂක ,පරිපාලන සේවය ,දේශපාලන යාන්ත්‍රණය ,දැඩි අභියෝග හමුවේ මේ වෙනුවෙන් ඉහළින් ක්‍රියාත්මක වෙනවා .ඊට සම්බන්ද සියලු දෙනාට අපේ ගෞරවය හිමි විය යුතුයි .

උද්ගත වී ඇති තත්වය නිසා ජනතාව බොහෝ සේ දුක් – පීඩාවට පත් ව සිටිනවා .ඒ ගැන ජනාධිපතිතුමා – අගමැති තුමා සිටින්නෙ ලොකු කම්පනයකින් .රට ගොඩ නගන්න තිබුන කාලය වසංගතයක් වෙනුවෙන් ගෙවා දමන්න රජයට සිදු වෙලා.

මේ අප ගත කරන්නේ ඉතිහාසයේ පෙර හමු නොවූ දවස් යැයි කීවොත් එය නිවැරැදිය .මෙය හැම දෙනාට ම ලොකු අභියෝගයක් .එය ජය ගන්න ඕනෑ .ඒ සඳහා එක් අරමුණයි තිබිය යුත්තේ .ඒ තමයි මේ විපතින් කෙසේ හෝ මිදිය යුතු ය යන අධිෂ්ටානය .රටෙන් මේ වසංගතය දුරු කර ගන්න නම් අප විශේෂඥ උපදෙස් පිළිපදින්න ඕනෑ . ඒ වගේම රජයේ වැඩ පිළිවෙලට ද සහාය දිය යුතු වෙනවා .වෙන විකල්ප නෑ .

මෙවන් අවස්ථාවක මිනිසුන්ගේ මානසික තත්වය ද තේරුම් ගත යුතුයි .බොහෝ දෙනා කාලය ගත කරන්නේ බරපතල ආතතියකින් .මෙය තවත් සමාජයීය ප්‍රශ්නයක් වෙන්න පුලුවන් .මෙයින් මිදෙන්න අප අධ්‍යාත්මිකව ශක්තිමත් වෙන්න ඕනෑ .” යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

– Khmedia

100 views

12 Comments to “කොරෝනා බලපෑමෙන් ජනාධිපති, අගමැති ලොකු කම්පනයකින්…”

  1. Dikman Aiyya says:

    ….Well,….i do not think that those 2 battle harden fellows get the KAMPANAYA,.in a slightest way…they have gone through worst times than this.Who feel KAMPANAYA better stay at home without trying to represent 225. We do not need timid weak people at this time,….

    • Citizen says:

      Brothers may expect general public to cast their sympathy vote..හෙහ් ගෙහ්..කොහොම ද ආණ්ඩුවේ ටිකිරි මොලේ.. ඔය ටින්කිරි කතා හොඳයි පොංගල් මොට්ටුවන්ට..nothing else all stories are having the same conclusion..😁

  2. Pettah says:

    Ha haaa.. Ehenam sirla ekmanata kohoma hari election thiyala Covid19 elawamuko

  3. Aurora says:

    හෙට්ටිගේ මහත්තයෝ, මටනම් පෙනෙන්නේ නැහැ එතුමන්ලාට එහෙම කම්පනයකට පත්වෙන්න ඕන කියල. මොකද මේක අඬුව තියෙද්දී අතපුච්චාගැනීම කියල තමයි අර්ථ ගන්වන්න තියෙන්නේ. බටහිර වෙදකම් කරන බටහිර ඖෂධ කොම්පැණි මාෆියාවේ හිරකාරයෝ නොවී 2009 යුද්දේ වෙලාවේ සියලුම ලෝක සම්මතවලින් එලියට ඇවිල්ලා අපේමවූ ක්‍රමේකට එදා ලෝකෙම බලගතු ත්‍රස්ත සංවිධානය සුන්නත්ධූලි කරපු රාජපක්‍ෂ සහෝදරවරු මේ වෛරස් එක ඉදිරියේ කම්පනයට පත්වෙනවා කියන්නේ මොන කථාවක්ද ? අපි හැමදාම දැනන් හිටියා බටහිර වෙදකමේ වෛරස් වලට බෙහෙත් නැහැ බලන් ඉන්නවා විතරයි කියල. නමුත් අපේ සිංහල වෙදකමේ ඒ කියන්නේ පාරම්පරික වෙදකමේ (වට්ටෝරු වෙද්දු කියල පහලට දාල හඳුන්වන) වෛරස් රෝග වලට ප්‍රතිකාර තියනවා. ඒ නිසා ඔය බටහිර පෙති මාෆියාවට යට නොවී 2009 වගේ රැඩිකල් පියවරක් අරන් අපේ සිංහල වෙදකමේ ඒ කියන්නේ පාරම්පරික වෙදකමේ වෙදදුරුවරයකුට රෝගීන් 3 දෙනෙක්වත් බාර දෙන්න. ඕක GMOA පෙති සේල්ස්මන්ලට කියන්න ඕන නැහැ දැන්ම. වැඩේට බහින්න ප්‍රමාද නොවී.

    • ගෝල්ඩ් බර්ග් says:

      බටහිර වෛද්‍ය ක්‍රමයට ප්‍රතිකාර කරල ලෙඩ්ඩු 97 හොඳ වෙලා 7 මැරිල තියෙනව. ඊට වැඩිය හොඳට කරන්න පුළුවන් නම් අළුතෙන් එකතුවෙන ලෙඩ්ඩු ඔක්කොම ආයුර්වේද රෝහල් වලට ඇතුලත් කරන්න කාගෙත් වත් අහන්න ඕන නැහැ. අඩුම ගානේ ලෙඩ්ඩු 100 කට වත් ප්‍රතිකාර කරල ප්‍රතිඑලය පෙන්වන්න ඕනැ. ලෙඩ්ඩු 3 ක ප්‍රතිඑලය කවුරුවත් ගණන් ගන්නේ නැහැ.

  4. Atta says:

    “මෙහිදී පටු දේශපාලන තර්ක මතු කිරීමෙන් වැඩක් වෙන්නේ ද නෑ .”,…. eya meeting tiyala eka kiyanne. Owa karala kiyawa kiyawa inne natiwa yanna baida?? kiyana dei karana dei wenasa ethanama penwa. paw

  5. Wise Owl says:

    The US Military new years ago that a Corona virus coming.
    පෙන්ටගනය කොරෝනා වෙෙරසය එනබව දැන සිටි බව එලි වූයේ කෙසේද? ඒ පෙන්ටගනය
    වෙන්ටිලේටර,ෆේස් මාස්ක් සහ රෝහල් ඇදන් වල අඩුවක් පවතින බවට 2017දි ධවළ මන්දිරයට කල අනතුරැ ඇගවීමක් එලිදරව් විමෙනි.
    The Pentagon warned the White House about a shortage of ventilators, face masks, and hospital beds in 2017—but the Trump administration did nothing.

    • Kadiya says:

      එහෙම දැනගෙන ඉඳලා දැන් චීනෙත් එක්ක පටලැවෙන්නේ ඇයි. ඊළඟට චීනේ තුල කොරෝනා පැතිරීම ප්‍රසිද්ධ කලේ නැහැ කියන්නේ මොන ව්‍යාපාරිකයද තමුන්ගේ ව්‍යාපාර කදන්වට්ටන්න හේතුවෙන කාරණා ප්‍රසිද්ධ කරන්නේ. මට හිතාගන්න බැහැ ඇමෙරිකාවේ සෞඛ්යාරක්‍ෂාව ට්‍රම්ප් විසින් චීනයට පවරලවගේ හැසිරෙන එක. චීන ආර්ථිකය කඩන් වැටුනම චීන කොටස් ලාබෙට ගන්න ඇමෙරිකාව කරපු සැලසුම බැක්ෆයර් වෙලා ඒ සමාගම් වල තිබුණ ඇමෙරිකන් කොටස් චීනේ මිලදී ගැනීම නේද ඇමෙරිකාවේ ප්‍රශ්නේ. අනෙක ඇමෙරිකන් සිස්ටම් එක කිලින් මැෂින් එකක් මිසක් හෙල්ත් සේෆ්ටි මැෂින් එකක් නොවීම නේද ප්‍රශ්නේ.

  6. We are Lions says:

    President & pm must try to introduce Ayurveda medicine also, like indian pm Modi, who said recently, try Ayurvedic medicines.
    must not depend on only western medicine.

  7. 77 UNP says:

    සාපේක්ෂව මුස්ලිම් ජනතාව කොරෝනා වයිරස් ආසාදනයට වැඩියෙන් ලක්වීම පිළිබඳව කවුරුවත් යම් මට්ටමක සාධාරණ අධ්‍යනයක් කවුරුහරි කළාද. විශේෂයෙන් සිංහල මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය වැඩිද? ඒ අතරින් යම් කොටසක් අපත ජීවිත ගතකළත් බොහෝදෙනෙක් පන්සිල් රකින මිනිස්සු බෞධයෝ වගේම, හින්දුන් හා ක්‍රිස්තියානින්. නමුත් මුස්ලිමුන් ප්‍රාණඝාතයේදී ඉතාම ඉහලින් ඉන්නේ. මේ කාරණාව ප්‍රතිශක්තිය අඩුවෙන්න හේතුවක් නොවේද? සිල්වත් පැවිද්දන්ගේ සුදුරුධීරානු ප්‍රමාණය සිට විවිධ ජන කණ්ඩායම්වල සුදු රුධීරාණු දක්වා යම් අධ්‍යනයක් කලොත්, එහි සාධනීය ප්‍රථිපල මම හිතන විධියට ජනතාව පන්සිල් රකින්න උත්තේජනයක් වුනොත් කොතරම් හොඳ වේවිද?

  8. sena says:

    මහජනතාව ඉන්නෙ අධිකම්පනයෙන්

Main News