කොරෝනා බාධාවක් කර නොගෙන අධ්‍යාපන සැලසුම් හදන්න..- ජනපති අධ්‍යාපන බලධාරීන්ට දන්වයි..

December 10, 2020 at 2:28 am | lanka C news
කොරෝනා බාධාවක් කර නොගෙන අධ්‍යාපන සැලසුම් හදන්න..- ජනපති අධ්‍යාපන බලධාරීන්ට දන්වයි..

පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට කියයි.

මානව සම්පත සංවර්ධනය රජයේ මූලික අරමුණ වේ. රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමට ඔවුන් නව දැනුමෙන්, කුසලතාවන්ගෙන් සහ නිපුණතාවන්ගෙන් සන්නද්ධ කළ යුතුය. ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පවතින වාතාවරණය මත අඩාල නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු රාජ්‍ය අමාත්‍යාංශ අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගැනීමට ගෙන ඇති පියවර සමාලෝචනයට ගනිමින් (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසීය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කඩිනමින් සැකසීමට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛත්වය දී තිබේ. අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුකූලව සැකසෙන නිශ්චිත අරමුණක් සහිත තනි විෂය නිර්දේශයක් යටතේ පෙර පාසලේ සිට උපාධිය දක්වා අධ්‍යාපන ක්‍රමවේද සැකසීම තවත් අරමුණකි.

ඉලක්ක සපුරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ඊට අයත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, දහම්පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති සැලසුම් වෙන වෙන්ව ජනාධිපතිතුමා විසින් විමර්ශනය කෙරිණ.

අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත, විජිත බේරුගොඩ, සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

14,367 views

6 Comments to “කොරෝනා බාධාවක් කර නොගෙන අධ්‍යාපන සැලසුම් හදන්න..- ජනපති අධ්‍යාපන බලධාරීන්ට දන්වයි..”

  1. Dilshan says:

    කොරෝනා වාතාවරණයක් යටතේ දුරස්ත
    අධ්‍යාපනය වැඩි දියුණු කරන්න උත්සාහයක් දෙන්න.දරුවන්ගෙ නිරෝගීමත් ජීවිතය වැදගත්.ප්‍රතිපත්ති බලගන්වනවා කියා මේ වෙලාවෙ කිරීම සුදුසු නැත.

  2. RP says:

    Just telling to them is not enough. Make sure they are doing it. I know many teachers are doing private on line teaching. Very poor online teaching at major schools. Nobody to supervise. Best thing get down teachers to school if you can not start school for students and give fascilities from school for online teaching from school like normal days.

  3. බූරු පුතානෝ සජීයා says:

    අපේ ජනාධිපතිත් ඩොනල්ඩ් ට්‍රම්ප් වගේමයි. මිනිස්සුන්ට මොනව වුනත් කඩේ වහන්නෙ නැහැ.

  4. sanka says:

    හා ‘ ස’

    අර කට්ටියට ගානක් එන විදියට හරි ක්‍රමේටද හදන්න ඕනෑ…නැත්තන් ගානක් එන්නේ නැතිවෙන්න වැරදි ක්‍රමේටද හදන්න ඕනෑ…

  5. ක්‍රිමිනල් says:

    2019 වර්ෂයේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කළ මුදලට සාපේක්ෂව ගත් කළ රුපියල් බිලියන 41 කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් කප්පාදු කරලා , කිසිම දැක්මක් නෑ , හැමදේකටම වගේ බොරු කෛයිවාරුවයි ,පම්පෝරියයි විතරයි. උස්සන් ආවේ විද්‍යාව , දැන් යන්නේ මුට්ටි ,පැනි ,රතු නූල් , කරේ තියන් .මේ වගේ මිත්‍යාදෘශ්ඨික පාණ්ඩුවකින් අධ්‍යාපනයට කරන්න පුලුවන් ලබ්බක් නැහැ ,හැබැයි ඉතින් පාරවල් ටික හදන්න බිලියන 330 ක් ,ඒ අගය අධ්‍යාපනයට සහ සෞඛ්‍ය ට වෙන්කල මුදලට වඩා සැහෙන්න වැඩි අගයක් .

    • Banda says:

      යකෝ මුට්ටියෙන් ඔලුවට ගැහුව වගේ ඔහොම කියන්න එපා.