කොරෝනා බියකරු සීමාවකට.. ලෝකය පුරා හදිසි තත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප‍්‍රකාශ කෙරේ..

January 31, 2020 at 8:02 am | lanka C news
කොරෝනා බියකරු සීමාවකට.. ලෝකය පුරා හදිසි තත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප‍්‍රකාශ කෙරේ..

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඊයේ පැවැති විශේෂ රැස්වීමක දී ඔවුන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ චීනය මුල් කරගෙන පැතිරීගෙන යන කොරෝනා වෛරසයේ සීඝ්‍ර වර්ධනය සැලකිල්ලට ගනිමිනි.

අද වන විට වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් ඇති අතර නිල වශයෙන් වාර්තාවන ආසාදිතයන් ප‍්‍රමාණය 9000 ඉක්මවා තිබේ.

49,249 Viewers

15 Comments to “කොරෝනා බියකරු සීමාවකට.. ලෝකය පුරා හදිසි තත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප‍්‍රකාශ කෙරේ..”

  1. namal raj says:

    Is this the end of the world and end of the man kind? Wish Ranjan Ramanayaka is here – out of jail – to save all of us with his sound/audio recordings of everything good and bad.

    • Dilshan says:

      Yes of course super hero with huge apatite for backside.

      That’s his tag line
      GONJA MAN
      super hero with apatite for back side

  2. Weerawickrama says:

    This virus came and recordings of Ranjan became worthless to media.

  3. Susantha says:

    අපි සියලුම දේවල් චීන්යෙන් ආනයනය කරන නිසාත් 700,000 කට අධික චීන්නු අප රටේ ඉන්න නිසාත් අපට මේ රෝගයේ චීනෙටත් වඩා පීඩාවට පත්වීමේ හැකියාව ඇති නිසා වහාම සුදුසු පියවරවල් ගත යුතුයි. හැමදේම වගේ බොරු මවා පාන මේ රජය කිසිම පියවරක් ගන්නවා වගේ පේන්න නෑ.

  4. Love nature says:

    මස් කෑමේ විපාක ඇයි ඒගැන කියන්නේ නැත්තේ

  5. Love nature says:

    මෙම වසංගත වලින් බේරෙන්න නම් සතුන් මැරීම, සත්ව හිංසාව අතහැර සියලු සතුන් කෙරෙහි දයානුකම්පීව වසමු.

  6. Love nature says:

    දැනගැනීම පිණිසයි

    සතෙකුගේ මස් ආහාරයට ගන්නේ, රස තෘෂ්ණාවක්, රස මජිරිකමක්, රස පෙරේතකමක්, රස ආසාවක් විදියට දිවට පුරුද්දක් හැටියට පුරුදු වෙලා තියෙන වැරදි ගතියක් නිසා.
    දෙවෙනි කාරණය අපි හොඳටම දන්නවානම් ඒක තමා මේ චතුස්කෝටික පාරිශුද්ධ බව, මේ මස් පණ ඇති සතෙක් මරලා, කවදා හරි මරලා ලබා ගත්තු දෙයක් මං මේ කන්නේ. මේ මම කන මස, තවත් සතෙක් කැමැත්තෙන් දුන්නු දෙයක් නෙවෙයි. අදින්නාදානා. ඉතින් මේක ගත්තොත්, රස පෙරේතකමින්, රස මජිරිකමින්, රස ආසාවෙන්, මොකද වෙන්නේ? ණයක් වෙනවා. අනුන්ගේ මසක් ගැනීම නිසා. ඉතින් ඒක නිසා මස් නොකා ඉන්නට පුළුවන්කම තියෙනවා.
    දැන් ලෝකයේ ඉන්න ලොකුම සත්තු මස් කන අයද? නැහැ. අලියා, කඟවේනා, අනිත් පාර ලෝකෙ වැඩියෙන්ම වේගයෙන් දුවන්න පුළුවන් අශ්වයා, මස් කාලද ජීවත් වෙන්නේ? නැහැ. එහෙමනම් මේ මස් කන එක අත්‍යාවශ්‍ය නැහැ. අපි මස් කන, මස් නොකන කිසිම සතෙක් මස් කාලා ජීවත් වෙන්නේ නැහැ. ඒක නිසා මස් නොකා ඕනෑම සතෙකුට මේ පැවැත්ම පවත්වාගෙන යන්න පුළුවන්.දැන් ඇතිවෙන බොහෝ ලෙඩ රෝග වලට හේතුව මස් ආහාරයට ගැනීමයි.

  7. Love nature says:

    දෙවියන්වහන්සේ සත්තු මවා තිබෙන්නේ මිනිසුන්ගේ ප්‍රයෝජනයට කියන වචනය දැන් ආගම් පොත්වලින් අයින් කල යුතුය.

    • Dasaya says:

      Munisaa Upathinma Sarwa Bhakshakayeki …
      Para para wenuwen Katha karanawanam umbata plolowe pas wath kanna Wenne naha …Mooda Harak

Main News