කොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්..

October 4, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්..

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමෙන් පසු අද ඉරිදා දිනයේ ඒ ආසන්න ප‍්‍රදේශයන්හි ජනතාව වැඩි වශයෙන් වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය එක කරමින් සිටිති.

ප්‍රදේශයේ බොහෝ වෙළඳ සැල් වල යම් තරමක තදබදයක් ඇති වී තිබෙන බව ප්‍රදේශයේ වාර්තාකරුවන් කියා සිටිති.

මත්පැන්හල්වලද වෙනදාට වඩා තදබදයක් ඇතිව තිබේ.

මේ වන විට දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර ගම්මාන හතක් පූර්න වශයෙන් හුදකලා කර ඇත.

54,754 views

7 Comments to “කොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්..”

  1. සහන් says:

    දැන්වත් මිනිස්සු බය වෙන එක හොඳයි.. බය නොකලොත් සෞඛ්‍ය උපදෙස් ඔලුවට යන්නෙ නෑ.. පරක්කු වැඩිද මන්දා.. ඒත් රැල්ල අඩු කරගන්න පුලුවන් වේවි..

    කලබලේ බඩු ගන්න මිනිස්සුන්ට බනින එක නවත්තලා.. වැඩිපුර බඩු තොග බෙදාහරින එක රජයේ සහ පෞද්ගලික අංශයේ දැන් වගකීම…

  2. sunimal says:

    මුහුනු ආවරණ නැති අයට දැඩි දඩුවම් දිය යුතුය.

    • country man says:

      sunimal, I fully agree with you. Sinhala people forget every thing in two weeks. People with out masks should be penalized. In France the penalty is 150 Euros for not wearing a mask.

  3. RED BULL says:

    හොඳට බීපල්ල වයිරසය වැළඳෙන්න කලින් බීල මැරියල්ල​

  4. Saradiel says:

    තැබෑරුම් වසා දමන්න කොරෝනාවට වඩා මත්පැන් බයානකයි

  5. Love nature says:

    මත් පැන්වලින් ප්‍රති සක්තිය වනසනවා මේකයි ඇත්ත

  6. Ira says:

    අනෙක් සමහර රටවල් දෙවැනි වටයට කොරෝනා හැදුනහාම කොහොමද හැදුනේ කියා සොයා ගන්න අමාරු උනා. මේවා ලංකාවේ අය උදාහරනයට ගෙන පරෙස්සම් වෙන්න තිබුනා. උදම් අනන්නේ නැතුව. මුඛ ආවරන අත් සේදීම්, මේ ඔක්කෝම මග හැරියානේ. අපේ රට මොන තරම් දුප්පත්ද ආර්තිකයෙන්. පලමු වටයේ කොරෝනා වලින් ගොඩ යන්න හදනකොට දැන් දෙවැනි වටයට කොහොමද මුහුන දෙන්නේ. දවස් 14 නීරෝධානය කලාට වයිරසය ඊට පසුව එලියට ආ බවත් සදහන් උනා ලෝකේ. පරිස්සම් උනානම් කටමැත නොදොඩා…

Main News