කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි..

April 9, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි..

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සති කිහිපයකට පසු කොළඹ දි (08) දින පැවැත් වු තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට නිෂ්පාදන තේ කිලෝවක් සදහා වාර්තාගත මිලක් ලැබි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටියි.

උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා පැවති තේ වෙන්දේසියේදි රු 700/= මිලක් ලැබුණු බවත් අවසන් වරට පැවති තේ වෙන්දේසියේ ලැබුණු තේ කිලෝවක් සදහා ලැබුණු මිලට වඩා මිලට වඩා රු සියයක් වැඩි වි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටියි.

මධ්‍යම කදුකරයට පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග තේ ඵලදාව අඩු වි තේ නිෂ්පාදනය 40% කින් පහත වැටි ඇති බවත්, තේ කර්මාන්තය කඩා වැටිමේ අවධානමක පැවති සමයේ උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා  රු හත්සියක මුදලක් වෙන්දේසියේදි මිල ඉහල යාම තේ කර්මාන්තයේ අනාගතය පිලිබදව තවදුරටත් විශ්වාසය තබා ගත හැකි බව වතු අධිකාරිවරුන් කියා සිටියේය.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා ඉහල ඉල්ලුමක් පවතින බවත්, මේ දිනවල විදේශිකයන් තේ පානය වැඩි වශයෙන් සිදු කරන බව වතු අධිකාරිවරුන් කියයි.

ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙලදපොලේ දැනට පවතින ඉල්ලුම එලෙසම තව මාස කිහිපයක් පැවතිය හොත් රුපියලේ අගය කඩා වැටිම තරමක් දුර පාලනය කර ගත හැකි බවත්, පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තයේ අනාගතයද යහපත් වන බව වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

75,391 Viewers

27 Comments to “කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි..”

  1. ajantha says:

    EVERY DARK CLOUD HAS A SILVER LINE. IMPROVE THE QUALITY OF TEA AND START PROMOTING THE BRAND NAME OF CEYLON TEA.

  2. Chan says:

    Me mila vadiveemen sahena pramanayakata rupiyala balduveema hethuvenava ethakota apita labena rupiyal gana vadiy

    Eelanga karane te nishpadanaya 40% kin adu nisa siduvan samanya mila vadiveema me dekema effect eka ayin kalama oya kiyana taran chuun venna deyak na honda te hadapalla me corona natat mila vadivei

    • Pal says:

      We have lot of people thinking like this. It is really a very low level of mindset.
      These type of people are like Ponnayas , who never can make his wife Satisfied.

      Poor Chan… we feel sorry about you man

      • nimalsiri says:

        ado ponna pal,chan kiyanade hariyatama harido.mun te kilowa 700kata vikkath,7000kata vikkath ratawesiyaata
        eken kisima sahanayak lebennema nehe.eken ena laabaya tea board eke innewun saha aanduwe inna pakkaliyan tikama bedaa gannavaa.adugaane oken lebena laabayen duppath janayaata me velaawe kema tikak
        aran deepallako.mekai chanta kiyanna uvamanaawune.

  3. ඒ පාර පාදෙනියල දුම් හට්ටිය පැත්තකින් තියල තේ කෝප්පෙට පනියිද දන්නෙ නෑ…🙃🙃🙃🙃

    • damian says:

      බලන්නකෝ තව දවස් දෙක තුනකින් පාදෙණියේ දේවාලයේ අනාථ දෙයියා තේ පෝච්චියක් උස්සන් මාධ්‍යයට් අනොඒද කියා.

      • සුමේධ says:

        අන්‍යාගමික මිහරකා දැනගනින් බටහිර විද්‍යාවෙන් අනුරාධපුර ප්‍රදේශයේ වකුගඩු ආබදයට හේතුව හොයාගන්න බැරි කාලෙක නාථ දෙවියන් හා භාවනාව මගින් තමයි ඒ ලෙඩේට හේතුව හොයාගත්තේ ඉන්පසුව තමයි ලෝක සවුක්ය සංවිදානය පවා ඒ රෝගයට හේතුව පසේ පොහොර යෙදීම නිසා තිබෙන බැර ලෝහ නිසාවෙන් ඇතිවන රෝගයක් බව පිලිගත්තේ .මොකද සුද්දාගේ රසායන විද්‍යා ප්රෝටෝකොල් වලට පර්යේෂණ කලාම මේ රෝගයට හේතුවන රසායන අහුවෙන්නේ නෑ. නාථ දෙව්යෝ තමයි ඒ මග පෙන්වීම කලේ .එය අන්තර්ජාතික සමුළුවක පවා අපේ පර්යේෂකයෝ ප්‍රකාශ කළා .එවගෙම ඒ පර්යේෂක මණ්ඩලයට අන්තර්ජාතික ඇගයීමකට ලක්වුනා ඒ පර්යේෂණ කණ්ඩායමට ලෝකේ විවිද රටවලින් ආරාධනා ලැබුනා මේ ගැන ලෝකය දැනුවත් කරන්න ඉන් පසු මේ රසායන සැදු මොන්සේන්ටෝ සමාගමට විරුද්දව ලෝකයේ බොහෝ පුද්ගලයන් නඩු පැවරුවා .හැබැයි බටහිර සුද්ද හදපු විද්‍යාවෙන් එහා හිතන්න බැරි පොතේ ගුරාල කොම්පැනිවල මුදල් අරගෙන මේ පර්යේෂක මඩුල්ලට අපහස කළා උඹල වගේ දෙකයි පනහේ ලියන්නන්න්ට මුදල් දීලා ඔවුන්ට අපහස කෙරෙව්වා නමුත් අන්තිමේ දින්නේ නාථ දෙව්යෝ

        • nimalsiri says:

          ado sumedha.beepan gihin asamodhagam tikak.umba kiyana oya boru naatha deiyo den anaathwelaaban inne.
          leda denneth,eeta beheth nipadawannai kiyala minisaage oluwata pahadaa denneth,ape allah deviyan misa uru
          mas gilina thope anaatha deiyo neveiban.

        • Aruna Gunarathne says:

          අනේ මල්ලියා පිං සිද්දවෙයි ඔය නාථ දෙයියෝ හම්බුවෙන විදියක් කියපන්කො. පීස් අනේ මල්ලියා පිං සිද්දවෙයි මේ වෙන මොහොකටවත් නෙවෙයි කොරෝන වයිරසේට බේතක් අහගන්න.
          අනේ මල්ලියා ලොකු උදව්වක්.

        • Glyphosate says:

          දැං රජරට වකුගඩු රෝගීන් නැද්ද…?

  4. සමන් says:

    කසල තේ ආනයනය කර, හොද තේ සමග මිශ්‍ර කර රට පටවපු උන්ගැන ඉක්මනින් හොයා බලන්න. නැත්තන් වෙනදේ ගැන අමුතුවෙන් කියනන් ඕන නැහැනෙ.

  5. Kakiyana Lea says:

    Lankawe tea wala nama kaawe Custom Officersla. Eyaalata dola pideeniya dunnahama LIon logo eka gahala oona jaraawak daanna denawa. Deiyange naameta danwath Ceylon tea nama rhakena vidihata weda karanna.

  6. Ranasinghe says:

    ඉතා සතුටුදායක පුවතක්, මේ අවස්තාවේ රජයට අපි සැමෝම සහය දෙන්න ඕනෙ. රජයේ හා නිලදාරින් තම වගකීම නිසි පරිදි කරමින් පවතී. වුර්තීය සමිති රජයට බාදා නොකල යුතුය. මාද්ද්‍ය සන්දර්ශන වුවමනා නොවේ. පොලිසියට් හා හමුදවට විශේශයෙන් තුති පුදකල යුතුය.
    හෙට දිනය හොද වේවි

  7. Danapala says:

    රටක් වශයෙන් අමාරු අවස්ථාවක ඉඳිද්දි ජනාධිපති තුමා චීනයට තේ දුන්න, කොරෝනා ලෙඩ්ඩුන්ට දෙන්න, ඒකෙ පින තමයි මේ මුලු රටටම ලැබුනේ.

  8. Prem says:

    THE WELANDAMATA SINHALA AYA UNANDU VIYA YUTHUI

    • nimalsiri says:

      thopitanam kavadaawath eka koranna behe prem.kasala thewalata honda the kalavamkorala pita rata patawannata ape minissu thamai soorayoban.

  9. Luxman says:

    Wake up tea board time to start with your promotion ,pure Ceylon Tea to western countries

  10. ලංකාපුත්‍ර says:

    මේ ලැබෙන අවස්තාව ආයෙනම් විනාශ කරගන්න එපා..කසල තේ ජාවාරම් කරැවන්ට උපරිම දඬුවම් ලබා දියයුතු අතර කුඩා තේවතු හිමියාට උපරිම ආධාර ලබා දී නව තාක්ෂණය ලබා දී තේ කර්මාන්තය ඉදිරියට ගෙන යමු

  11. Bandq says:

    මොලේ තියෙන රාජ්‍ය නායකයන් ඉන්න රටවලට හැදෙන්න හොඳම වෙලාවක්

  12. Sadda says:

    බුදු සරනින්, දෙවී පිහිටෙන් අප රටට ශන්තියක්ම වේවා !.

  13. sena says:

    ඔන්න අපි සුද්දාට බැන්නට සුද්දා අපිට ඉතුරුකරලා ගිය තේ වගාව අද අප රටේ මුලික අදායම බවට පත්වේලා තියෙනවා Ceylon Tea කිව්වහාම තමයි හුගක් රටවල් අපව හදුන්නන්නෙ

    • nimalsiri says:

      neheban sena,wenath vidihakinuth ape rata meeta wadaa prasiddhwunaa 1983 avurudda indala.demala janayaawa amu amuwen maraapu eken.

  14. rasi says:

    රුපියල් හත්සීයක් කියන්නේ ඩොලර් තුනයි පනහකට නේද ?? සාමාන්‍ය තේ ග්‍රෑම් දෙසිය පනහක පැකට් එකකුත් ඩොලර් පහක් විතර වෙනවනේ???

  15. Love nature says:

    තේ යනු ලොව ජනප්‍රියම පානයකි. එයට හේතුව වන්නේ එහි ඖෂධීය වටිනාකමකින් යුත් සංඝටක වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වීමයි.
    තේ වල වැඩි වශයෙන් පවතින ඖෂධීය සංඝටක වන්නේ පොලිෆිනෝල හා කැෆේන්ය. කැෆේන් උත්තේජයක් ලෙස ක්‍රියාකරනු ලබන අතර එමගින් මධ්‍ය ස්නායු පද්ධතිය උත්තේජනය කොට සිරුරට වඩාත් ප්‍රබෝධමත් බවක් ලබාදේ .
    තේ වල පවතින පොලිෆිනෝල වලට ප්‍රතිඔක්සිකාරයක් ලෙස ක්‍රියාකිරිමට හැකියාව ඇත. එම නිසා බොහෝ ලෙඩ රෝග සැදිමේ හැකියාව අවම කරනු ලැබේ. නුතන පර්යේෂණ වලට අනුව තේ යනු පොලිෆිනෝල බහුලව පවතින පානය ‍ලෙස හදුන්වා දී ඇත .
    තේ වල පොටැසියම් මුලදුව්‍ය බහුලව පැවතුනද සෝඩියම් පවත්නුයේ ඉතා අල්ප ප්‍රමාණයකි .එම නිසා ආහාරයේ කැලරි ප්‍රමාණය පාලනය කල යුතු අයට තේ ඉතා යෝග්‍ය පානනයකි .එමෙන්ම තේ වල ෆ්ලෝරයිඩ් සැලකිය යුතු ‍ ප්‍රමාණයක් පවතින හෙයින් දත් දිරා යාම වලක්වා මුඛ ‍සෞඛ්‍ය මනා ලෙස පවත්වා‍ ගෙන යාමට දායක වේ .
    ෆොලීෆිනෝල වලට ශරිරය තුල නිපදවෙන විෂ සහිත මුක්ත ඛන්ඩ වල බලපැම අවම කිරිමේ හැකියාවක් ඇත. එමගින් පිලිකා වැනි බරපතල රෝගි තත්ව ඇතිවිම වලක්වාලනු ලැබේ. හෘර්ද රෝග සැදිමට ප්‍රධාන වශයෙන් හේතුවන ලිපිඩ හා මුක්ත ඛණ්ඩ තේ වල පවතින ප්‍රතිඹක්සිකාරක මගින් අවම තත්වයක පවත්වාගනු ලැබේ. එම නිසා හාර්ද රෝග වැලදිම අවම ‍කෙරේ .එසේම ලිපිඩ ඔක්සිකරණය වීම අවම කොට ශරිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය නියමිත මට්ටමක පවත්වා ගැනිමට හැකියාවක් පවති

Main News