කොරෝනා බියෙන් ස්වයං වාරණයේ.. පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක්…

April 27, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා බියෙන් ස්වයං වාරණයේ.. පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක්…

සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව (27) දින පාසල් ආරම්භ කලද වතුකරයේ සහ ප්‍රධාන නගරාසන්න පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ඇති බව විදුහල්පතිවරුන් පැවසිය.

පාසලට පැමිණි ළමුන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව පාසලට ඇතුලත් කරගත් බවත්,පාසලේ සමස්ත සිසුන් පිරිසගෙන් 50% ක ධාරිතාවෙන් ළමුන් පාසලට ඇතුලත් කරගත් බවයි විදුහල්පතිවරුන් කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරියක් හමු වු හැටන් බොස්කෝ විදුහලේ 9 බි වසර තවදුරටත් වසා දමා ඇති බවත්, එම පාසලේ සිසුන් 31 දෙනෙකු සහ ගුරුවරුන් 03 ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත්, හැටන් ශ්‍රි පාද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම පාසලේ 2 සහ 4 පන්ති තවදුරටත් වසා දමා එහි සිසු සිසුවියන් කිහිප දෙනෙකු සහ ගුරුවරුන් ස්වයං නිරෝධානයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

13,605 views

2 Comments to “කොරෝනා බියෙන් ස්වයං වාරණයේ.. පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක්…”

  1. කමල් says:

    ආර්ථිකය සවිමත් විය යුතුයි, රට ලොක් ඩවුන් කලොත් කපෝතියි. ඒත් 50% ධාරිතාවයෙන් එන විට කෙනෙකු දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අසාධිත වුවහොත් සමස්ථ සංඛ්‍යා ඉහල ගියහොත් 50% ධාරිතාවයෙන් අපට ඔක්සිජන් තියනවාද? අවදානමට පෙර සූදානම හොඳයි නේද? රට රැකගනිමු. ‌රජය පෙරලන්න බලන බලවේග පරාජය කරමු

  2. සනත් ඉතාලිය says:

    ඊයෙ කිරිඇල්ල කියනව අපි ආන්ඩුව පෙරලන දැල එලල තියෙන්නෙ කියල. අපි දැල අදින්න ඔඕනෙ නැහැ ඊට කලින් ආන්ඩුව අකුලගෙන යන්න වෙයි කියල . මොකද්ද ඒ කතාවෙ තේරුම. 300ක් බිල්ලට දීල හිනා උන උන් ආන්ඩුව පෙරලන්න ගේමක් වත් ගැහුවද. මුන්ට මිනිස් ජීවිත වටින්නෙ නැහැ බලය තරම්.

Main News