කොරෝනා බිය කැබිනෙට්ටුවටත් එයි.. කැබිනට් හමුව ZOOM මගින් පවත්වයි..

December 1, 2020 at 12:02 am | lanka C news
කොරෝනා බිය කැබිනෙට්ටුවටත් එයි.. කැබිනට් හමුව ZOOM මගින් පවත්වයි..

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් හමුවට 30 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්විය.

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමේ ප්‍රායෝගික භාවය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව මෙම කැබිනට් රැස්වීම අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.

කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුවත් රටේ ඉදිරි සංවර්ධනය හා ජන ජීවිතය සම්බන්ධයෙන් ගත යුතු තීන්දු තීරණ පිළිබඳව අවධානය යොමු කරමින්, සංවර්ධන කටයුතු විධිමත්ව හා සක්‍රීයව ඉදිරියට ගෙනයාමේ අරමුණින් කැබිනට් මණ්ඩලය අන්තර්ජාලය ඔස්සේ රැස්ව සාකච්ඡා කළහ.

විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මෙම කැබිනට් රැස්වීමට සම්බන්ධ වූයේය.

කැබිනට් අමාත්‍යවරු සිය නිවසේ හෝ කාර්යාල පරිශ්‍රයන් හි සිට මෙම කැබිනට් හමුව සඳහා සහභාගි වුහ.

– රොහාන් වැලිවිට

 

18,281 views

7 Comments to “කොරෝනා බිය කැබිනෙට්ටුවටත් එයි.. කැබිනට් හමුව ZOOM මගින් පවත්වයි..”

  1. ගජයා says:

    රට පාලනය කරන්නේ ඇමෙරිකාව

  2. jagath,perera says:

    ithaaliwala coronawalata beheth handhunagena…jayawewa italy

  3. අනේද කියන්නෙ says:

    යේක දෙන් රට පාලනය කොරන්නෙ ඇමෙරිකාවන්ද? ඇමෙරිකාවට විවෘතයි. ලංකාවට විවෘත නෑ.

  4. Hi says:

    ඡන්දදායකයන් වන අපි පොදු ප්‍රවාහනයේ යමු.පාසල්සා අදිමු.සාමාන්‍ය විදියට “කොරෝනා ” එක්ක ජීවත් වෙමු!!! වැඩිම වුනොත් මැරිලා යයි.අනික දෛනිකව හම්බකරන අය ජීවත් වන්නේ කොහොමද නේද?
    ඒ වුනාට අපි ඡන්දෙන් පත් කරපු අපේ බදු මුදල් වලින් සුර සැප විදින දේශපාලුවන් ආරක්ෂා කරමු!!!

  5. Jude says:

    Habai laminta School yanna kiyanava…..

  6. Ques says:

    When there are videotelephony software programs by SL service providers, why do they use ZOOM an American software ? all ways when some idea pop up for publicity they execute it with out proper pre study.

    • ක්‍රිමිනල් says:

      Idiot ! Its more like why you use Microsoft Windows instead of command line based DOS , Zoom is a cloud-based video conferencing service you can use to virtually meet with others – either by video or audio-only or both, all while conducting live chats – and it lets you record those sessions to view later. Over half of Fortune 500 companies reportedly used Zoom in 2019 and during 2020 has hit even greater heights, recently claiming 300 million daily Zoom meeting participants. So why NOT use Zoom ?

Main News