කොරෝනා බිහිසුණුව පැතිරෙන බව WHO පුරෝකථනය කරනවා… වහාම වෛද්‍ය මතය අනුව රට වසා දමන්න…

May 15, 2021 at 10:40 am | lanka C news
කොරෝනා බිහිසුණුව පැතිරෙන බව WHO පුරෝකථනය කරනවා… වහාම වෛද්‍ය මතය අනුව රට වසා දමන්න…

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලද විශේෂ ප්‍රකාශය මෙසේය.

කොවිඩ් වසංගතය ලංකාවේත්, ඉන්දියාවේත්, නේපාලයේත් සීග්‍රයෙන් පැතිරෙනවා. ඒ වගේම ඉන්දියාවේ කොවිඩ් රෝගයට අමතරව කලු දිලීර (Black Fungals) කියලා තවත් දීලිර රෝගයක් පැතිරිලා යනවා. අපි මේ හැම රෝගයකින්ම රටේ ජනතාව ආරක්ෂා කර ගන්න ඕනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය, අපේ වෛද්‍ය විශේෂඥයන් ගණනාවක් සමග ඉකුත් දිනක කළ සාකච්ඡාවලින් අනතුරුව නිවේදනයක් නිකුත් කලා. ඒ නිවේදනය අනුව ඊළග සති කිහිපය තුළදි කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ඔවුන් පුරෝකතනය කර තිබෙනවා.

අපි තව කරුණක් මතක තබාගත යුතුයි. එනම් අපේ රටේ එන්නත් හිගයක් තියෙනවා. ජනතාවගෙන් හැම කෙනෙකුටම එන්නත ලබාදෙන්න ලබන වසර හෝ මේ වසරේ අග අතර කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වෙනතුරු රටේ ජනතාව ආරක්ෂා වෙන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකම වන්නේ වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමයි. වෛද්‍යවරු රට වහන්න කියනවා නම් එයත් අපි ඉටු කළ යුතු වෙනවා.

ඉන් පසුව කොවිඩ් වසංගතය පාලනය වී තිබේදැයි අපට සතියෙන් සතිය වාර්තා ගෙන ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. ඊට අමතර වෙන විකල්ප තිබෙනවාදැයි කියන්න මම දන්නේ නැහැ. කොවිඩ් වසංගතය තවදුරටත් පැතිරීම පවතින දුර්වල ආර්ථිකයට මරු පහරක්. එම නිසා පවතින රෝග ව්‍යාප්තිය නතර කර ගන්න අවශ්‍යයි. එසේ කළොත් අපට ආර්ථික හානිය අවම කරන්න පුළුවන්.

මම මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නේ රටේ ජනතාවගේ ජිවිත බේරාගන්න කියලායි. ආර්ථිකයට වන හානිය අපට හදා ගන්න පුළුවන්. නමුත් ජීවිතයට වන හානිය අපට හදා ගන්න බෑ. රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීමයි. එය පරමාර්ථය කර ගනිමින් ජිවිත ආරක්ෂා කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

37,513 views

29 Comments to “කොරෝනා බිහිසුණුව පැතිරෙන බව WHO පුරෝකථනය කරනවා… වහාම වෛද්‍ය මතය අනුව රට වසා දමන්න…”

  1. මල්වානේ බැසිල් says:

    පොහොට්ටුවේ හොරුන් රැකබලා ගත් විරුවා .

    • මයිකල් says:

      පොහොට්ටුවෙ කොහෙන්ද බොල හොරු? රට බේරාගත් මනුස්සයට ඔහොමද කතා කරන්නෙ ජඩයො?

      • JUDE says:

        වසර 5 අපේ රට අගාදයට දමා මහා බැංකුව මංකොල්ලා කාපු හොරු දැන් රටේ ජනතාව ගැන කතා කරනවා …අපි නොදන්නා රනිල්ගේ කෙරුවාව
        ලජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුලු

  2. TNA says:

    Mr. Ranil people are suffering . No food, no medicine, no protection, no money. please release some provisions to the affected people from robbed money from CB.

  3. Ranil says:

    Buddi ansa 97 Parak Kiyalath Minissue Beragaththu nethi eka enawa pora talk denna. ane nikan palayan ban yanna

  4. ඇට says:

    දවසේ කුලියක් කරගෙන ජීවත් වෙන එවුන් මුගෙ ඇ.. දෙකද කන්නෙ? ජහපාලනේ රට බංකොලොත් කලේ නැත්තන් රට වහලා නොමිලේ කන්න දෙන්න තිබ්බා. දැන් උඹලා මුගෙ පුස් ඇ.. කාපියව්.

  5. NAK says:

    ඇයි වහල දාන්නෙ විකුනලාම දැම්මා නම් ඉවරයිනේ!!!

    • Hoo!!! says:

      රනිලට දැන් කසනව කසනව වගේ ඇති මොකුත් විකුණ ගන්න බැරුව 🤣

  6. Sirisena Yatawara says:

    Needless to say an Every right thinking citizens of Sri Lanka knows that Ranil Wickramasinghe of sole UNP leader has not that any form love of Island people and their aspiration,while he has no other vital interest masses of people during his 40 years of regime of which that political governance by UNP leadership.

  7. Sirisena Yatawara says:

    Needless to say that Every right thinking citizens of Sri Lanka knows that Ranil Wickramasinghe of sole leader of UNP has not that any form love of Island people and their aspiration. While he has no other vital interest masses of people Islanders during his 40 years of regime of which that political governance by UNP leadership.
    Ranil of UNP outfit was that anti-People man, he was enemy number ONE of all Sri Lankan citizens. How can suddenly that Ranil W…..become soft heart to People in our Land by castrospay pandamatice of Covid 19. Is any thing he can do for our citizens? No at all. He was/is political cunning fox.

  8. බටලන්දේ ඝාථකයාගේ කිඹුල් කඳුඵ...! says:

    බටලන්දේ ඝාථකයාගේ කිඹුල් කඳුඵ…!
    මහබැංකුව මහදවල් කොළ්ලකෑ ..
    ‘හු’ කියනකොටම පුක උස්සන නපුංසකගේ ‘පයිලට් ප්‍රොඡෙක්ට්’ යනුවෙන් බටහිරයන්ගේ කුමන්ත්‍රණයක් ලෙස ප්‍රවර්ධණය කරනලද ”බාලාංශ පංතිවල විෂයනිර්දේශයක් වන” ඵකළ අග්‍රාමාත්‍ය කර්‍යල ව්‍යාප්‍රතියක් ලෙස අනුමත කරගන්නාලද බාල අපරාධකාරයන්ගේ විෂය නිර්දේශ, සමලින්ගිකත්ව පුහුනු වැඩමුඵ නවරඡය විසින් තහනම්කරනුලැබුවේද..?
    ඵවැනි සැලසුම් සකස්කර බලෙන් පාසැල්තුලට ඇතුල්කරනලද රනිල,මංගල, අකිල, සාගල,රැවන්විඡයවර්ධණ,කරෑඡයසේකර යනාදී ”වනචරයන්” නීතියේ රැහැනින් පැනගියේ කිනම් දේශපාළකයාගේ බලපෑමෙන්ද..?
    බටලන්දේ ඝාථකයාගේ කිඹුල් කඳුඵ…!

    • ගිරවා says:

      බටලන්දේ වධකයා කොතරම් අපරාධ කලාද ? කෝ ඒවාට දඩුවම් ? අහෝ මේ නරුමයා තාමත් නිදැල්ලේ ..අපේ රටේ මීහරක් වහල්ලු මේ නරුමයා පස්සේ තාමත් යනවා …දැන්වත් මේ වගේ කාලකන්ණි අපේ රටේ දේශපාලනයෙන් සදහටම ඉවත් කල යුතුයි

  9. සඡිත් පේුමදාස says:

    No way. You cant win the hearts and minds of people any more. You tarnish the image of UNP. So its better to go away the politics now.

Main News