කොරෝනා බිහිසුණුව පැතිරෙන බව WHO පුරෝකථනය කරනවා… වහාම වෛද්‍ය මතය අනුව රට වසා දමන්න…

May 15, 2021 at 10:40 am | lanka C news
කොරෝනා බිහිසුණුව පැතිරෙන බව WHO පුරෝකථනය කරනවා… වහාම වෛද්‍ය මතය අනුව රට වසා දමන්න…

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලද විශේෂ ප්‍රකාශය මෙසේය.

කොවිඩ් වසංගතය ලංකාවේත්, ඉන්දියාවේත්, නේපාලයේත් සීග්‍රයෙන් පැතිරෙනවා. ඒ වගේම ඉන්දියාවේ කොවිඩ් රෝගයට අමතරව කලු දිලීර (Black Fungals) කියලා තවත් දීලිර රෝගයක් පැතිරිලා යනවා. අපි මේ හැම රෝගයකින්ම රටේ ජනතාව ආරක්ෂා කර ගන්න ඕනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය, අපේ වෛද්‍ය විශේෂඥයන් ගණනාවක් සමග ඉකුත් දිනක කළ සාකච්ඡාවලින් අනතුරුව නිවේදනයක් නිකුත් කලා. ඒ නිවේදනය අනුව ඊළග සති කිහිපය තුළදි කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ඔවුන් පුරෝකතනය කර තිබෙනවා.

අපි තව කරුණක් මතක තබාගත යුතුයි. එනම් අපේ රටේ එන්නත් හිගයක් තියෙනවා. ජනතාවගෙන් හැම කෙනෙකුටම එන්නත ලබාදෙන්න ලබන වසර හෝ මේ වසරේ අග අතර කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වෙනතුරු රටේ ජනතාව ආරක්ෂා වෙන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකම වන්නේ වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමයි. වෛද්‍යවරු රට වහන්න කියනවා නම් එයත් අපි ඉටු කළ යුතු වෙනවා.

ඉන් පසුව කොවිඩ් වසංගතය පාලනය වී තිබේදැයි අපට සතියෙන් සතිය වාර්තා ගෙන ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. ඊට අමතර වෙන විකල්ප තිබෙනවාදැයි කියන්න මම දන්නේ නැහැ. කොවිඩ් වසංගතය තවදුරටත් පැතිරීම පවතින දුර්වල ආර්ථිකයට මරු පහරක්. එම නිසා පවතින රෝග ව්‍යාප්තිය නතර කර ගන්න අවශ්‍යයි. එසේ කළොත් අපට ආර්ථික හානිය අවම කරන්න පුළුවන්.

මම මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නේ රටේ ජනතාවගේ ජිවිත බේරාගන්න කියලායි. ආර්ථිකයට වන හානිය අපට හදා ගන්න පුළුවන්. නමුත් ජීවිතයට වන හානිය අපට හදා ගන්න බෑ. රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීමයි. එය පරමාර්ථය කර ගනිමින් ජිවිත ආරක්ෂා කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

37,621 views

29 Comments to “කොරෝනා බිහිසුණුව පැතිරෙන බව WHO පුරෝකථනය කරනවා… වහාම වෛද්‍ය මතය අනුව රට වසා දමන්න…”

  1. මෝඩ බයියා says:

    කවුද WHO කියන්නෙ අපිට ලොකුගේ සර් ලන්ස සර් ප්‍රසා සර් කියන එව්ව වටිනව ඔය පරජාතික බිල්ලොන්ට වඩා.අපේ සර්ල ඒ රටවල පදින්චිය උනාට ඒවයින් ණය ආධාර ගත්තට අපිට ඒ රටවල් සහ ඒ ආයතන බිල්ලො.එහෙමයි අපේ මොළ සුද්ද කරල තීන්නෙ

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      පවි බං උඹ,

    • ටැලිපෝන් හිගන්නා says:

      සෑර් දැන් අපිට ලකුණු දාගන්න දෙන්න සෑර්… සෑර් කීවොත් ටෙලිපෝන් ඩිස්කනෙක්ට් වෙනවා….

    • dev says:

      Ratata kelawenakam balan inna konda pana nathi ekek mu

  2. ඌ මගේ පිට කහනවා මම උගේ කහනවා says:

    මූ තමයි අනික් බඩුව. තමන්ගේ දේශපාලන ගමන වෙනුවෙන් ඕන එකෙක් කපාගෙන පවාදීමට හෝ විරුද්ධ පක්ෂය සමග බුදියාගැනීමට හෝ දෙපාරක් නොහිතන බඩුවක්. දැන් කරන්නෙත් ආණ්ඩු පක්ෂය එක්ක ඩිල් ගහගෙන ඊලන ග පාර කොහොමහරි බලය ගන්නේ කොහොමද කියන එක. ඉන්න කම් හොරු ටික ඔක්කොම රැක්කා. දැන් ඒ හොරු ටික මූ ව රකිනවා. පුත්තල්ම් බූරුවෝ හැමදාම රැවටෙනවා.

  3. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    ඔව්…. එතකොට උබට කියන්න පුළුන්නේ කොරෝනා වලින්ලං පස්සේ කාවේ ආර්ථිකය හදන්න පුළුවන් උබලගේ ආණ්ඩුවකට විතරයි කියලා……
    අනෙ පලයන් යකෝ යන්න 😂😂😂😂😂

  4. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    ඔව්….. එතකොට උබට කොරෝනා වලින් පස්සේ යන්න පුළුවන්නෙ ලංකාවේ ආර්ථිකය හොදටම කඩාගෙන වැටිලා දැන් ලංකාවේ ආර්ථිකය හදන්න පුළුවන් උබලගේ ආණ්ඩුවකට විතරයි කියලා……..
    අනෙ පලයන් යකෝ යන්න 😂😂😂😂

  5. පොඩි එකා says:

    තෝ ගෙදෙට්ට වෙලා කට වහගෙන හිටපිය හතලිස් පස් වසරක දේසපාලන නිකමා.

    කැච කචා කියන්නෙ නැචුව.

  6. lol says:

    pina na oi me rate minissunta mewage nayekayek path kara ganna. genawoth genne sinha ham porawa gattu hiwallu

  7. Matiya says:

    Lontha ponsiya rathath jathiyath agamath winasa karala den upades denawa. Thota koronawath hedila makabewi tholonchi wela prabakaran lagata pala kalakanni jathithdrohiya

  8. Mahasona says:

    .අපි හෙළයො බොලවු.

  9. මහනුවර අක්‍රම් says:

    මොන ප්‍රශ්නයක්වත් නැති කාලේ ගෑස් එක ගන්නත් මිනිස්සුන්ව පෝලිමේ තියපු පට්ටම වැඩකාරයෙක්!…… ඔය කියන විදියටම කරමු!

    • රංජිත් says:

      Gas අයිතිකාරයෝ රජය මිනිස්සුන්ට එපාකරන්න රාජපස්සලත් එක්ක ගහපු game එකක් ඒක.පේනවනේ බර අඩුකරලා gas විකුනන හැටි කෝ ඒවට නිතිය.හේතුව බිස්නස්කාරයො ඔක්කොම රැකඩයක් වගේ නටවනවා.චන්දෙට ස ට වියදම් කරේ ඒක නිසා.උන් දන්නව ස කියන්නෙ මෙලෝ වැඩක් දන්නෙ නැති ගොං කදක් කියලා. පුලුවන්නම් 12.5 kg ටැංකි තියෙන තැනක් කියපල්ලා.

      • කොම්පාස් කුහකයා says:

        ගෑස් ගන්නේ යමක් කමක් තියෙන අයනේ ගමේ අපිට නම් දර තමයි. ගෑස් පුළුවන් තරම් වැඩි කරන්න. එතකොට අපට දරකෑල්ලක් වත් විකුනගෙන ජීවත් වුනහැකි.
        හෑ .. අමතක උනා එතකෙට ටොයියොයි ජෙප්පොයි කෑගහයි වන විනාශය කියලා….හැබැයි වැඩක් නෑ.. ඉන්න ටිකත් දැන් කොරෝන වලින් ඉවර වයෙිනේ.;;;;

  10. Jagath says:

    පල පල නාකි හම්පඩ පප්පා යන්න.උඹව දැන් ගණන් ගන්නේ නෑ කවුරුත්.

Main News