ශ‍්‍රී ලංකාව භයානක කඩඉමකට.. කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වේ…

January 13, 2021 at 12:00 pm | lanka C news
ශ‍්‍රී ලංකාව භයානක කඩඉමකට.. කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වේ…

කොරෝනා වෛරසයේ බි‍්‍රතාන්‍යයේ පැතිරී යමින් ඇති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව තහවුරු කරයි.

ඔහු පවසන්නේ මෙම පුද්ගලයා බ්‍රිතාන්‍යයේ සිට ගුවන් මගින් මෙරටට පැමිණි පුද්ගලයකු බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී සිදු කරන ලද පරීක්ෂණ වලින් මොහුට ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසය බ්‍රිතාන්‍ය ප්‍රභේදය බව ද හෙළි වී ඇත.

60,485 views

31 Comments to “ශ‍්‍රී ලංකාව භයානක කඩඉමකට.. කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වේ…”

  1. රන්වල says:

    කාලි රාවණා ඒලියන්ත අමිල ආදී ඉසිවර දෙව්වර කපුවර තුමනි මේ ඔබේ අවස්තාවයි

  2. Nandasoma Suriyaarachci says:

    සමාජ ගත වීමක් වෙලා නැහැ…….! සමාජ ගත උනාම තමයි නිසි පියවර ගත යුත්තේ…..!!

    එතෙක් ලංකාවෙ හැම තැනම කොරෝනා පැතුරුනාත් බය වෙන්න දෙයක් නැහැ…….!!!

  3. Nandasoma Suriyaarachchi says:

    කොරෝනා දෙවන රැල්ල මෙතරම් භයානක අන්දමින් රට පුරා ව්‍යාප්ත වීමටත්, ඉදිරියේදී මීට වඩා අති භයානක තත්වයක් ඇති වීම කෙරෙහි වසංගත රෝග අංශයේ සමාජ ගත වීමේ නිර්ණායක සහ ඒ මත නිසි කලට නිසි සංචරණ සීමා නොපැනවීමත් වග කිව යුුතුයි……!

  4. Nandasoma Suriyaarachchi says:

    බහුබූත අදහස් හේතුවෙන් මෙවර කොරෝනා පාලනය අවුල් ජාලාවක් වී ඇත……!
    පළමු රැල්ල පාලනය කිරීමට සෘජු තීරණ ගත් අයට මොකද උනේ…..??

  5. Sweden Lapaya says:

    එන්න දෙන්න එපා කූනු ලෙඩ හරක්ට. යුරෝපයේ තත්වය භයානක යි. Covid is Out of controll in Europe.

  6. kandyan says:

    Covid 19 samaja gathawla naha, Samajaya Civid 19 gathawelaaaaaaa

Main News