කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ලංකාවේ.. විශාල ලෙස රෝගීන් හා මරණ ඉහල යාවි.. සෞඛ්‍ය පද්ධතිය බිද වැටේවි..- සෞඛ්‍ය ප‍්‍රධානීන් දැනුම් දේ…

January 14, 2021 at 12:02 am | lanka C news
කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ලංකාවේ.. විශාල ලෙස රෝගීන් හා මරණ ඉහල යාවි.. සෞඛ්‍ය පද්ධතිය බිද වැටේවි..- සෞඛ්‍ය ප‍්‍රධානීන් දැනුම් දේ…

එංගලන්තයේ පැතිරී යන කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය ශ්‍රී ලංකාවේදීද වාර්තා වී තිබීම විශේෂ තත්වයක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ මෙම වෛරසය ඉතා වේගෙන් පැතිරීමට හැකියාව ඇති නිසා මෙරට රෝගීන් ප්‍රමාණය ඉහල යනු ඇති බවයි.

ඉන් අසාධ්‍ය රෝගීන් ප්‍රමාණය ද විශාල ලෙස ඉහල යා හැකි බවත් මරණ ප‍්‍රමාණයද විශාල ලෙස ඉහල යා හැකි බවත් ඔහු අනතුරු ඇගවයි.

එම තත්වය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට අසීරු බවත් ඔහු අනතුරු ඇඟවීය.

මෙම වෛරස් ප‍්‍රභේදය විශාල වශයෙන් පැතිරීමට ගියොත් බරපතළ තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

26,709 views

9 Comments to “කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ලංකාවේ.. විශාල ලෙස රෝගීන් හා මරණ ඉහල යාවි.. සෞඛ්‍ය පද්ධතිය බිද වැටේවි..- සෞඛ්‍ය ප‍්‍රධානීන් දැනුම් දේ…”

  1. 😍😍😍😍😍😍 says:

    අනුමානයක් නැහැ එංගලන්තයේ ඉඳලා තැපෑලෙන් ආපු පාර්සලයකින් වෙන්න ඇති එන්න ඇත්තේ..!
    ගහල අලවලා තිබුනේ ” කොරෝනා” මුද්දරද..? මොකද දිවේ ගාලනෙ මුද්දර අලවන්නේ..😍😍

  2. දුටුගැමුණු says:

    බයවෙන්න එපා ඉන්ජෙක්ෂන් එක පස්ස පැත්තට ගහන්න විතරයි තියෙන්නේ 😀😀😀

  3. ත්‍රීවීල් says:

    කෝ බං අර ඩොක්ටර් හරිත අලුත්ගේ මේ ටික කලින්ම කියනකොට මේකෙ වැලලෙන්න හදපු බයි පැටව් ටික?

  4. Rajinda says:

    මිනිස්සුන්ගේ රස්සාවල්වල පඩි ටික බේරාගෙන, ආයතන වලට සේවකයින්ට වැඩ කළමනාකරණය කරගන්න කාලය දීලා රැකියා වලට, ආයතන වලට අවම හානියක් වන පරිදි දැන්වත් සති තුනක්වත් රට වසා දැමිය යුතුයි. මිය යන මිනිස්සු ගණන හෝ ආසාදිතයින් ගණන ගැන හිතලා නොවෙයි මේ රටේ මිනිස් ශ්‍රමිකයින් ගැන ඔවුන්ගේ පවුල් වල සිටින වැඩිහිටියන්, කුඩා දරුවන් ගැන සිතිය යුතු නොවේද. ඔවුන් සියල්ලන් අසනීප වූ විට මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටුනොත් ඒවාට මුක්කු ගසන්නේ කව්රුන්ද, කොහෙන්ද හා කෙසේද කියා සිතිය යුතු නොවේද?

  5. Nqndasoma Suriyaarachchi says:

    මෙච්චර කල් කොරෝනා ගැන නොතිබුණු අවදානමක්, භයානක කමක් දැනුයි වසංගතයන්ට දැනිල තියෙන්නෙ……!

    එංගලන්තෙන්ම එනකල් අවදානමක් දැනුනෙ නැහැ…..!!

    රටම අවදානමට ඇදල දැම්මෙ මුං තමයි…….!!!

  6. සමන්ත says:

    අවුලක් නෑ කොරෝනා තාම සමාජගත වෙලා නෑනේ.. ඒකත් මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරට සම්බන්ධ කරන්න. පස්සේ වුහාන් පොකුරට සම්බන්ධ කරලා තාමත් මුලු ලෝකයේම කොරෝනා සමාජගත වෙලා නෑ කියන්න. වසංගත රෝග අංශය…

  7. Janaki punchihewaa says:

    Nikam boru kiyala minissu baya gan wanna epaa….? Mehe UK oya tharam bhayanaka naha….!!! Hungak marenne mehe lockdown eka ganan gaththe nathi hindayi …!!! Anika winter eka hindayi…!!! Boruwata lankawe minissu baya ganwanawaa ….apith inne London

  8. Ajith says:

    No wonder Kusal Mendis got out for a duck today against England. He didn’t want to risk his life mixing with the English team.

  9. Jagath says:

    දැන් නම් ලක්‍ෂ 69 හොදටම සැප ඇති

Leave a Comment

Main News