කොරෝනා භයානක 4 වන රැල්ලක්.. රට නැවත ලොක්ඩවුන් සූදානමක…

November 8, 2021 at 10:00 am | lanka C news
කොරෝනා භයානක 4 වන රැල්ලක්.. රට නැවත ලොක්ඩවුන් සූදානමක…

දෙසැම්බර් මාසය වන විට කොරෝනා 4 වන රැල්ලක් භයානක ලෙස මතුවනු ඇතැයි බටහිර රටවල් අපේක්ෂාවෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

මෙරට ද ජනතාව හැසිරෙන්නේ කොරෝනා නොතිබූ රටක් ලෙස බවද පැවසූ ඔහු ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් නැවතත් කොරෝනා භයානක රැල්ලක් ඇතිවිය හැකි බවද පැවසීය.

විශෙෂයෙන්ම මුව ආවරණ අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කරනු මෑත කාලයේ නිරීක්ෂණය වූ බවයි.

ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන්නේ නම් නැවතත් සංචරණ සීමා පැනවීමට සිදුවුණු ඇති බවද ඔහු කියා සිටියේය.

44,235 views

5 Comments to “කොරෝනා භයානක 4 වන රැල්ලක්.. රට නැවත ලොක්ඩවුන් සූදානමක…”

  1. නීතිය නැමිලද ? says:

    උපරිමය 50 දෙනෙක් කිව්වාට මේ දිනවල පැවැත්වෙන කඨින පිංකම් සඳහා බොහෝ දෙනෙක් සම්බන්ධ කරගන්න භික්ෂූන්වහන්සේලා කටයුතු කරනවා. ලවුඩ්ස්පීකර් දමා පන්සලට එන්න කියමින් ගම දෙවනත් කරනවා. ඒක මීළඟ කොරෝනා රැල්ලට ඉතාම හොඳ හේතුවක් වේවි..

    • Prageeth W says:

      එතකොට හැම සිකුරාදාම, පල්ලියේ ඉන්නේ 50 ට අඩුවද ?

  2. Norata Eka says:

    දැන් කෝ අර අති සාර්ථක එන්නත වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානමින් හිටපු උදවිය 🤔🤔🤔🤔
    එන්නතින් ලැබුන එක් දෙයක් කියන්න බලන්න කවුරුහරි….

  3. Love nature says:

    කොරෝනා එන්නත බෙහෙත් සමාගම් මුදල් හොයන මාෆියාවක් මුලු ලොකයම මෙයට රැවටුනා

  4. 3% ට බය බයියා. says:

    විපක්ෂයේ පොකුරක් නිර්මාණය කරලා බේරෙන්න ක්‍රමයක් හොයා ගන්න .

Main News