කොරෝනා මඩලිය හැකියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි..

January 29, 2020 at 10:00 am | lanka C news
කොරෝනා මඩලිය හැකියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි..

චීනය මූලික කරගෙන පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කළ හැකි බවට විශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ ප‍්‍රධානියා චීනයේ සිදුකළ සංචාරයක් අතරතුර දී බීජිං නුවරදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

වෛරසය පාලනය කිරීම සඳහා චීන රජය විසින් මේ වනතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තම සංවිධානය ප්‍රසාදය පළ කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

චීනයෙන් විදේශිකයන් වහා ඉවත් කරගැනීම සහ හදිසි ක්‍රියාමාර්ගවලට යොමුවීම තම සංවිධාන විසින් අනුමත නොකරන බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

24,741 Viewers

One Comment to “කොරෝනා මඩලිය හැකියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි..”

  1. සනත් ඉතාලිය says:

    බොහොම හොද නිගමනයක් .අනියත බියක් ඇතිකරල මිනිස්සු පීඩාවට පත්කරනවට වඩා මිනිසුන් දැනුවත් කිරීම වටිනව මිනිසුන් ඉවත් කරගැනීම 100%සාර්තක විසදුමක් නොවේ

Main News