කොරෝනා මඩින්න අපිත් ගන්න… වැඩ නැතිව පඩි ගන්න පිරිසකගෙන් ඉල්ලීමක්..

April 24, 2020 at 7:02 pm | lanka C news
කොරෝනා මඩින්න අපිත් ගන්න… වැඩ නැතිව පඩි ගන්න පිරිසකගෙන් ඉල්ලීමක්..

මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිළධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු පවිත්‍රා වන්නිආරච්ච් මැතිනිය,
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
සුවසිරිපාය,
කොළඹ,

ගරු අමාත්‍යතුමියනි,

මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිළධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවට අන්තර්ග්‍රහණය කිරීම.

කොවිඞ් 19 නම්, දරුණු ගෝලීය වසංගතය පාලනය උදෙසා අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වයෙන් සහ මග පෙන්වීමෙන්, ඔබතුමිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියළුම සුව විරුවන් කරනා අසීමිත කැපවීම මම මහත් සේ අගය කරමි.

කොවිඞ් 19 වසංගතය පැතිරීම වැලැක්වීමේදී, ගෙවුනු කාලය තුළ ප්‍රායෝගික ගැටළු රැසක්ද මතුවී තිබෙනු පෙනුනි.

ඒ අතරින්, ඔබතුමියගේ අමාත්‍යංශයේ ද ඇති කඩිනමින් විසඳිය යුතු ගැටළුවක් මාගේ නිරීක්ෂණයට හසුවිය.

එනම්,
– මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් ලෙස, වසරක මහජන සෞඛ්‍ය ඩිප්ලෝමා පුහුණුවකින් පසු සේවයට බඳවා ගෙන ඇති, නිළධාරීන් 502 ක පමණ පිරිසක් නිශ්චිත රාජකාරියක් නොමැතිව වැටුප් ලබමින් සිටීමයි.

– එම නිළධාරීන් මා හමුවී කතා කල අවස්ථාවල කියා සිටියේ, මේ තත්වය පිලිබඳ රජයේ අවධානය යොමුකරන ලෙසයි.

– එකම රාජකාරිය කිරීමට යාමේදී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා මෙම මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් අතර සුහදත්වය ද බිඳවැටී තිබිනි.

එම සේවාවල වෘත්තීය සමිති එකඟතාවයෙන් පසු මා හට පැවසුවේ, මෙම ගැටළුව කඩිනමින් විසඳිය යුතු කරුණක් බවයි. ඒ සඳහා ඔවුන් විසින් ප්‍රායෝගික විසදුමක් ද ඉදිරිපත් කරන ලදී.

එනම්,

මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් කණ්ඩායම මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවට අන්තර්ග්‍රහණය කිරීමයි.

මෙම අන්තර්ග්‍රහණ ක්‍රියාවලිය මගින්, දැනට පවතින මහජන සෞඛ්‍ය පරීක්ෂක පුරප්පාඩු පිරවීමෙන් එම සේවාව ශක්තිමත් කළ හැකි අතර මහජනතාවට වඩාත් යහපත්, ගුණාත්මක සේවාවක් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යංශයට හැකි වනු ඇත.

මෙම ගැටළුව ඉක්මනින් විසඳීමට ඔබතුමියට ශක්තිය ලැබේවා.

මෙයට,
හිතවත්,
කුමාරසිරි හෙට්ටිගේ
අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම්

 

739 views

103 Comments to “කොරෝනා මඩින්න අපිත් ගන්න… වැඩ නැතිව පඩි ගන්න පිරිසකගෙන් ඉල්ලීමක්..”

  1. දුටුගැමුණු says:

    පඩි වෙනුවට වැඩ ඉල්ලන මිනිස්සු 👏

  2. Ishara says:

    ඇත්තටම සාධාරණ ඉල්ලීමක් රටට දෙයක් කරන්න හදන.. මේ ගැන පියවරක් ගන්න

  3. වර්තමානයේ තත්වය අනුව බලන විට මගේ මතයනම්..

    මෙවන් නිලධාරීන් මහජනතාවගේ සුබසෙත උදෙසා ක්‍රියාත්මක කල යුතු යන්නයි. වර්තමානයේ උවද කොරොනා මර්දන රජකරි වල නියඋතුව සිටින ත්‍රීවිද හමුදා නිලදාරින්ටද කොරොනා සැදුණු පසුබිමක.

    සෞඛ්‍ය සෙවාවට පමනක් තනිව කොරොනා මර්දන කටයුතු කිරිමට නොහැකිව හමුදා , පොලිස් හා වෙනත් රජයෙ අයතන වල උපකාට ලබන අවස්තවක.
    සෞඛ්‍ය සෙවාවක් සපයන නිලධාරීන්ගේන් සුදුසු රජකරි නොගැනිම හස්‍යට කරුනකි.
    නිලධාරී කුහකත්වය හෙතුවෙන් හෝ පවුද්ගලික හේතුන් නිසා මොවුන්ගේ සෙවාවක් නොගෙනිම අනුමත නොකරමි.

    ඉහල සෞඛ්‍ය නිලධාරීන් මේ සම්බදව කටයුතු කල යුතුය. කඩිනමින් මෙවන් නිලධාරීන්ගේන් සුදුසුකම් වලට සරිලන සෙවාවක් ලබාගැනීම අගනෙය.

    මහජනතාව වශයෙන් අපගේ බදු මුදලින් මෙවන් අකටයුත්තක් සිදු කිරිම වැරැදිය.

  4. ගන්න වැටුපට සරිලන සෙවාවක් කිරිම මේම නිලධාරීන් විසින් ගනුලබන උත්සහය අගනේය.

    හදවතින් ඔබ සියලු දෙනාවෙත සුබපතමි….

  5. Ruwan Hewanayaka says:

    මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරියෙකු ලෙස මමද මෙම තීරණය බොහෝ සේ අගය කරමි අවුරැදු ගණනක් පුරා අප මේ වෙනුවෙන් වෙහෙසුනද වගකිවයුත්තන් නිහඩව බලා සිටියා මිස මේ වෙනුවෙන් දෙයක් දෙයක් කෙරැවේ නැත… මෙය ඉතා හොද තීරණයකි…

    • Ruwan Hewanayakage says:

      මාගේ අදහසක් ලෙස කිසිවකු විසින් නිර්මාණය කල දෙයක් මෙහි පළකර ඇත .එය මට අදාළ නැත . කරුණාකර මෙම ආයතනය එය නිවැරදි කරන්න

  6. දියනාත් සමරකෝන් says:

    අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ජයග්‍රහණයත් සමග ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් ගේ ද ආශීර්වාදයෙන් රජයට උගත් බුද්ධ්මත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ සේවය හා අනුශාසකත්වය ලබාගැනීමට හැකි වි ඇත .
    ගරු කුමාරසිරි හෙට්ටිගේ මැතිදුනි ඔබතුමන් ද අප රටේ බිම් මට්ටමේ සිට රජ මැදුර දක්වා පවතින අර්බුදකාරී ගැටලු හදුනාගත් බහුශ්‍රැත උතුමෙකි.
    ඒ බවට වසර ගනනක් සෞඛ්‍ය සේවයේ ඔද්දල් වී තිබුණු මහජන සෞඛ්‍ය ක්ශේත්‍ර නිලධාරීන් ගෙ ගැටලුවට විසදුම් ලබාදීමට මැදිහත් වීමෙන් මොනවට පැහැදිලි වේ..
    මැතිදුනි ඔබට තව තවත් අප රටට සේවය සැලසීමට ශක්තිය ධෛර්යය වාසනාව ප්‍රාර්ථනා කරමි .

  7. Pathum Ranganath says:

    රටේ සෞක්‍ය තත්වය නගාසිටුවීම උදෙසා ඔබ ගත් තීරණය ඉතා අගය කොට සලකනවා .. එය සාර්තක කරගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා .

  8. TSP Fernando says:

    Anthargrahanayata kemathi akamethi siyalu denata sadarana lesa wede wenawanam ratata tawath buddimath niladarin pirisak ak wevi pera dinayaka men andawanne netinam boho denek sathutu wevi

  9. ඇමතිතුමියනි මෙය ඉතාම කාලෝචිත ක්‍රියාවකි.

    PHFO,මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්,වසර එකක න්‍යායාත්මක දැනුමක් හා මාස6ක ක්ෂේත්‍ර පුහුනුවක් ලබා සිටින ඩිප්ලෝමාදාරී පිරිසක් වන අතර මොවුන් හරහා විශාල සේවාවක් මේ හරහා ඉටු කර ගැනීමට හැකි බැවින් මේ සම්බන්ධයෙන් ඉක්මනින් සොයා බලා කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
    දැනට මෙම පිරිස බදවා ගෙන අවුරුදු දෙකක් පමන වන අතර මෙම පිරිස ඉතාමත් දක්ෂ පිරිසක් බවට ඔවුන් දැනට පවතිනා ඉතා කුඩා රාජකාරී පරාසය තුල පෙන්වා ඇත..රටට අවැසි මෙම මොහොතේ මෙම පිරිස මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර හා අන්තර්ග්‍රහනය සිදුකර මහජනතාව වෙනුවෙන් සේවය කිරීමට යොදවා ගැනීම සුදුසු වන්නේ යැයි අපගේ මතයයි..

  10. රුවන් හේවානායකගේ says:

    මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරට අදාළ අධ්‍යාපන සුදුසුකම් නොමැති මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරින් පිරිසක් දේශපාලන නායකයන්ද ජනතාවද නොමග යවමින් මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරට හොර පාරකින් යාමට උත්සාහ කරමින් සිටිති. මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරට යාමට සුදුසුකම් ඇති තරුණයන් මේ රටේ ඕනෑතරම් සිටිති. සෞඛ්‍ය අමාත්‍ය තුමියනි. මොවුන්ගේ හොර උගුල්වලට ඔබතුමිය හසු නොවන්න

Main News