කොරෝනා මඩින්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප දෙන්නැයි කියයි…

May 16, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා මඩින්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප දෙන්නැයි කියයි…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය.

කොවිඩ් මර්දනය සදහා වන අරමුදලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප හෝ මුදල් ලබා දෙන්න!

කොවිඩ් වසංගතය සීග්‍රයෙන් රටපුරා පැතිර යන මෙම අවස්ථාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා රජයට සහයෝගය ලබාදෙන්නැයි කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යවරිය දානපතියන්ගෙන් ඊයේ දිනයේදී ඉල්ලා තිබුණි. තවද සෞඛ්‍ය අමාත්‍යාංශයට, තම ප්‍රදේශයේ රෝහලට තමන්ට හැකි ආකාරයෙන් පුංචි හෝ උපකාරයක් කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා රජය ගෙන යනු ලබන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා ජනතාව අනිවාර්යෙන්ම සිය දායකත්වය ලබාදීම කළ යුතුව ඇත. ඒ අනුව මෙරට සමස්ත ජනතාවගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ ඒ සදහා සිය මූල්‍යමය දායකත්වය තමන්ට හැකි අයුරින් ලබාදෙන ලෙසයි.

තවද මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගෙන්ද අප ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය මුල්‍යමය දායකත්වය ලබාදෙන ලෙසයි.

බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ ආදායමක් ලබන පුද්ගලයින් වන අතර සමහර මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන්ට හා ඥාතීන්ට මත්පැන් බලපත්‍ර ඇත. පවතින කොවිඩ් වසංගත තත්වය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගමන් වියදම් හා වෙනත් වියදම්ද අඩුවී ඇත. එම නිසා රජය මුහුණදී ඇති මෙම අර්බුදකාරී අවස්ථාවේදී මානව හිතවාදීන්වන සියලුම පාර්මේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අප සංවිධානය ඉතා කාරුණිකව නැවත නැවතත් ඉල්ලා සිටින්නේ රජය ගෙන යනු ලබන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම මූල්‍යමය දායකත්වය ලබාදෙන ලෙසයි. අවම වශයෙන් මසක හෝ දෙකක වැටුප මේ සදහා පරිත්‍යාග කරන ලෙසයි.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

35,172 views

9 Comments to “කොරෝනා මඩින්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප දෙන්නැයි කියයි…”

  1. බේබද්දා says:

    පාර්ලිමේන්තු වැටුප නෙවෙයි සමස්ත දේපලම රාජසන්තක කරන්න ඕනෑ… සතයක් රුපියලක් ගානේ තියෙන්නෙ මිනිසුන්ගේ සල්ලි… අධමයෝ

  2. මෝඩ බයියා says:

    ඔහෙට පිස්සුද හලෝ අපි බඩට නොකා කොරෝන හැදිලත් ඉස්පිරිතාල කොරිඩෝවල ලැගල බදු ගෙවමින් එතුමන්ලා නඩත්තු කරන්නෙ ඩියුටි ෆ්‍රී වාහන තුන හතරක් ගාඩ්ලා ටිකක් ටෙන්ඩර් කොමිස් ටිකක් සුට්ටන් පඩියක් මිනිත්තුවකට ලක්සයක් විතර පොඩි මුදලක් වියදම් කරල පාර්ලිමේන්තු සැසියක දාන පොඩි නැප් එකක් ඒකෙ අවදියෙන් උන්නොත් කුණු හරුප විහිලු ආතල් ටිකක් මේ වගේ දුක්ඛිත ජීවිතයක් එතුමන්ලා ගෙවන්නෙ.අනික එතුමන් අපේ පරම්පරා ගානක් උගසට තියල ලෝකෙම්ම ණය අරන් ඉන්නෙ අපිට සේවය කරන්න.එහෙව් උතුමන්ගෙ සුට්ටන් පඩියට කෙලින්න.

  3. Reasonable request says:

    Reasonable request. Better to extend the period from 1-2 months to 1-2 years.

  4. Kiribanda says:

    Me minissu hengila inne. Penna nehe padi waradana lebenawa. Satha pahakwath denne nehe gasakanawa. Deviyane balaganna palakarayida sekayi

  5. මරතේනිස් අයියා says:

    රංජිත් මහත්තයෝ ඔහෙට සිද්ධවෙන්නෙ අර එළුවගේ මොකද්ද එක වැටෙනකල් බලා හිටිය වගේ බලා ඉන්ට.එළුවගෙ අහවල් එක වැටුනත් ඕකනම් කෙරෙන එකක් නෙමේ

  6. Kishan says:

    This is the golden opportunity for Anura Kumara ( AKD) and JVP clan to show their Love to the people & Payback to the public which they collected from people during their Till campaigns.

  7. නිකමා says:

    මෙන්න මෙයා මගුලක් දොඩෝනවා . හත් වලාමේ වේලක් ඇර වේලක් කන්න තියෙන හිඟන පඩියටත් කෙළින්නෙයි තනන්නෙ . ඒකනං දීල බැරියෝ ඕ ඕ ඕ ඕ .

  8. Love nature says:

    මන්ත්‍රී­ව­ර­ය­කුගේ වැටුප රු. 54,285/-කි. නියෝජ්‍ය ඇම­ති­ව­ර­ය­කුගේ මසක වැටුප රු. 63,500/-කි. රාජ්‍ය ඇමති හා කැබි­නට් ඇම­ති­ව­ර­ය­කුගේ වැටුප රු. 65,000/-කි. කථා­නා­ය­කගේ වැටුප රු. 68,500/-ක් වන අතර අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ වැටුප රු. 71,500/-ක් ලෙස සඳ­හන් වී ඇත. මීට අම­ත­රව කාර්යාල දීම­නාව හා ප්‍රවා­හන දීම­නාව වශ­යෙන් මස­කට රු. ලක්ෂය බැගින් හිමි වේ.

    ඉස්සර මන්ත්‍රී­ව­රුන්ට ලැබුණේ දීම­නා­වක්

    පෞද්ග­ලික දුර­ක­ථන දීම­නාව වශ­යෙන් මස­කට රු. 50,000/-ක් වෙන් කර ඇති අතර කාර්යා­ලීය දුර­ක­ථන දීම­නාව (ස්ථාවර හා ජංගම) වශ­යෙන් මස­කට රු. 50,000/-ක් වෙන් කර ඇත. නිද­හස් තැපැල් දීම­නාව වශ­යෙන් වස­ර­කට ලබා දෙන මුදල රු. තුන් ලක්ෂ පන­ස්දා­හකි. රිය­දුරු හා සංග්‍රහ දීම­නාව රු. 45,000/-කි. පාර්ලි­මේන්තු රැස්වී­මට සහ­භාගි වීම වෙනු­වෙන් දින­කට රු. 2,500/-ක් හිමිවේ. රැස්වීම් නොපැ­වැ­ත්වෙන දින­ව­ලට පැවැ­ත්වෙන කාරක සභා රැස්වී­ම්ව­ලට සහ­භාගි වීම වෙනු­වෙන් දින­කට රු. 2,500/- ක් හිමිවේ.

    මන්ත්‍රී­ව­ර­යාට අම­ත­රව ඔහුගේ සම්බ­න්ධී­ක­රණ ලේක­ම්ව­ර­යාට ද දීමනා වෙන් කර තිබේ. ඒ අනුව සම්බ­න්ධී­ක­රණ ලේක­ම්ව­ර­යාට පෙට්‍රල් ලීටර් 218ක් වෙනු­වෙන් රු. 17,440/-ක් හිමි වේ. අමාත්‍ය කාර්යය මණ්ඩ­ල­යට හිමි වන වාහන 5කි. නියෝජ්‍ය ඇමති කාර්යය මණ්ඩ­ල­යට හිමි වන වාහන සංඛ්‍යාව 3කි. මන්ත්‍රී කාර්යය මණ්ඩ­ලයේ ඉහළ තන­තු­රු­වල වැටුප රු. 30,000/-කි. ඉන්ධන දීම­නාව සහ දුර­ක­ථන දීම­නාව ද එම තන­තු­රු­ව­ලට ගෙවනු ඇත.

    වසර 22ක් තුළ මන්ත්‍රී වැටුප 95% කින් වැඩි­වෙලා

    මන්ත්‍රී­ව­රුන්ට සහ ඇම­ති­ව­රුන්ට අධි සුඛෝ­ප­භෝගි වාහන මිල දී ගැනීම සඳහා තීරු බදු රහිත වාහන බල­පත්‍ර හිමි වේ. මන්ත්‍රී­ව­ර­යකු හදි­සියේ හෝ ත්‍රස්ත ප්‍රහා­ර­ය­කින් මිය ගිය විට රජ­යෙන් ගෙවන වන්දි මුදල රු. ලක්ෂ 50කි.

    ඊට අම­ත­රව හිමි වන මන්ත්‍රී රක්ෂණ ආව­ර­ණය රු. ලක්ෂ 20කි. සුඛෝ­ප­භෝගි නිල නිවාස ද ඔවුන්ට අයත් තවත් වර­ප්‍ර­සා­ද­යකි. පාර්ලි‍ෙ­ම්න්තුවේ දහ­වල් සුපිරි ආහා­රය සඳහා අය කර ගැනෙන්නේ රු. 150/-කි.

    දරු­වන් අග­නු­වර ප්‍රධාන පෙළේ පාස­ල්ව­ලට ඇතු­ළත් කිරීමේ වර­ප්‍ර­සා­දය ද ඔවුන්ට හිමි වේ. V.I.P. විදේශ සංචාර, ගුවන් ටික­ට්පත්, ඉහළ පෙළේ හෝට­ල්වල ඉඳුම් හිටුම් සහ සංචාර සඳහා ද දීමනා හිමි වේ. අව­සා­නයේ වසර 5ක් පාර්ලි­මේ­න්තුවේ සිට ගෙදර යන විට විශ්‍රාම වැටු­පක් ද හිමි වේ.

    පාර්ලි­මේ­න්තු­වට පැමි­ණෙන මෙම මැති ඇම­ති­ව­රුන් සිය­ලු­දෙ­නාම මේ සා සුවි­ශාල වර­ප්‍ර­සාද හා දීමනා භුක්ති විඳින්නේ මහ­ජ­න­තා­වගේ මුද­ලින් බව අප අම­තක නොකළ යුතුය.

  9. Jagath says:

    සීනි වලින් ගහපු එකෙන් 25% දෙන්න බැරිද???

Main News