කොරෝනා මඩින්න මෙහෙම කරලා මදි.. GMOA වෙතින් රජයට දොස් මුරයක්..

April 5, 2020 at 11:20 am | lanka C news
කොරෝනා මඩින්න මෙහෙම කරලා මදි.. GMOA වෙතින් රජයට දොස් මුරයක්..

අද වන විට කොරෝනා වෛරස් ආසාධිතයන් හදුනා ගැනීම සඳහා මෙරට සිදු කරන්නේ පරීක්ෂණ 250 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවන් පරීක්ෂණ 1000ට ආසන්න ප්‍රමාණයක් සිදු කිරීමට රට තුළ පහසුකම් තිබුනද සෞඛ්‍ය අමාත්‍යාංශය මෙසේ කටයුතු කරන්නේ කුමන හේතුවක් නිසා දැයි නොතේරෙන බවද සංගමය කියා සිටී.

කොරෝනා ආසාධිතයන් සමාජය තුළින් ද කිහිප දෙනෙක් හමුවූ ඇති බවත් එය ඉතාම බරපතළ තත්ත්වයක් බවත් එය වළක්වාගත යුතු බවද සංගමය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කර ඇත්තේ හැකි උපරිම ආකාරයෙන් පරීක්ෂණ පවත්වන ලෙසත් සියලු දෙනාම පරීක්ෂා කිරීමත් නැවත පරීක්ෂා කිරීමක් සිදුකළ යුතු බව යයිද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේය.

පසුගිය මාර්තු 31 වැනිදා රෝගීන් 21 දෙනෙකු ලංකාවේ තුලින් වාර්තා වූ බවත් එසේ වාර්තා වූයේ වැඩි පිරිසක් පරීක්ෂාවකට ලක් කිරීමෙන් බවත් පවසන මාධ්‍ය ප්‍රකාශකවරයා රෝග ලක්ෂණ නොතිබූ පිරිස් වෙත වෛරසය ආසාදනය වී තිබූ බව එහිදී හෙළි වූ බවද පැවසීය.

ඒ හේතුවෙන් වැඩිපුර පරීක්ෂණ කිරීම මගින් රෝගීන්ව ඉක්මනට හඳුනාගත හැකි බව හෙළි වන බවද ඔහු සඳහන් කළේය.

231 views

76 Comments to “කොරෝනා මඩින්න මෙහෙම කරලා මදි.. GMOA වෙතින් රජයට දොස් මුරයක්..”

  1. අක්බාර් ලොක්කා says:

    කොරෝනා මර්ධනයට රජයට උපදෙස් දෙන කමිටුවෙ ඔහේලගෙ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණියත් සාමාජිකයෙක් නේ. ඔහු නිදාගෙනද ඉන්නේ?

  2. exUNPer V says:

    By 4th April 2020 there will be over 2000 Corona patients in our hospitals. – GMOA March 6.

  3. patient says:

    මොනවද මේ comments. මෙහෙම හිතන මහජනතාවක් ඉන්න රටක් මෙම තරමට හරි රෝගය පාලනය කර ගත්ත එකක් පුදුමයි.

  4. aj says:

    ජනතාවනි වහ පිබිදියව් GMOA මාධ්‍ය ප්‍රකාශක කරන අයට විරුද්දව.GMOA එකෙන්
    අහල නොව් ජනදිපතිතුමා CHINA වලින් ලමයින්ව ගෙන්නුවේ. එක CORONA TEST එකක් කරන්න රු.6000 වඩා මුදලක් වැය වෙනවා.මොවුන් හදන්නේ අපේ දුප්පත් රට විනාස කරනන්නය​. රජය විසින් නියම දේ නියම ආකාරයට කරාවි.

  5. Doctor says:

    I am a doctor.
    What the GMOA says is true.
    The Ministry of Health has set up guidelines for testing. Even my consultant cannot request for covid 19 testing beyond these guidelines.
    In USA they do more and more tests. That is why there are more than 200,000 patients.
    In Sri Lanka there could be so many asymptomatic covid positives !!!!

    • ගයා says:

      Eventhough you are a doctor, you don’t know what is going on USA. They didnt get any precaution to prevent of spreafing a disease. Once the symptoms develops prople are being tested. Sri lankan presedent listens to wxperts. Please as your consultant get together and inform presedent without talking what is going on in USA

      • AJ says:

        Gaya you are absolutely correct. Even in Aus we do not check everyone . It seems GMOA’s have an hidden agenda?

    • Para says:

      Dr you are not an expert on lab testing. Ltened to this GMOA statement in Derana news. He is talking about a test that take only 15 mins to result. This person needs to consult a pathologist or a Medical Technologist before going on national TV to show his lack of knowledge.

      1. Short TAT (turnaround time) tests mostly test for antibodies. Antibodies appear later in infection and the PCR captures virus that comes way before the antibody.
      3. Therefore low cost short TAT ELISA tests are only useful to assess immuni.

      Xper Xpress has 45 min TAT PCR test. This is super expensive. I have worked with PCR reagents. Regardless of the test PCR reagents are sp expensively (close to a $1000) for a few micro litters of primer,

      This dr should have consulted an expert. Derana has just become a properganda site by letting BS dropping people open their mouth for an once of their “expert” opinion

      • GMOA නිලධාරි ටික සහ උංට කත් අදින ටික දෙනෙක් හිතං ඉන්නව ඒ අය සියල්ල දත් කියල. ලෝකෙ මොකක්ද උනේ, මොකක්ද වෙමින් පවතින්නෙ කියල දන්නෙ නැතිව බක බක ගාන ලිං මැඩි සෙට් එකක්..එකක්.. Usa ජනතාව කෝටි 33ක්. ලක්ෂ 2 ක් පොසිටිව්. දැං ඔය doctor හිතං ඉන්නෙ එහෙ asymptomatic රෝග ලක්ෂණ නැති ලෙඩ්ඩු නෑ කියලද..? ඔය කියන මහා පරිමාණ ටෙස්ට් කිරීම සාර්ථක නම් ඇමෙරිකාව කොරෝනා වසංගතයේ මුල් තැනට ආවෙ කොහොමද..? ටෙස්ට් පොසිටිව් උන ලෙඩ්ඩුත් ගෙවල් වල තමයි වැඩි හරියක් ඉන්නෙ.. ඒ අයව ගෙනත් GOMA කාර්‍යාලෙ දාගන්නද..? ඉතිං ටෙස්ට් කළා කියල management එකේ වෙනසක් වෙනවද…? ඇමෙරිකාව කරන හැම මගුලම කරන්න ගිහිං අපටත් දෙවැනි තැනට එන්නද කියන්නෙ..
        අපට හරියන්නෙ testing, testing , testing නෙමෙයි prevention, prevention, prevention. පව් නොදී මේ කරගෙන යන වැඩපිලිවෙල කරගෙන යන්න ඉඩ දෙන්න, ජනතාවගෙ ඔලු අවුල් නොකර..

        • ලක්වැසියා says:

          මම දන්න පැරිස් වල ජීවත් වෙන කෙනෙක් call කරල කීව එයාගෙ නෑදෑ වෙන කෙනෙකුට කොරෝනා හැදිලලු. ඒ බව පරීකෂණ වලින් තහවුරු උනාලු. ඒත් රජයෙන් ඇවිල්ල කිවලු ඔයාට කොරෝනා හැදිල, ඒ කියන්නෙ ඔය පවුලෙ හැමෝටමත් හැදිල කියන එක; ආපහු ඒ ගොල්ලන්ව පරීක්ෂා කරන්නවත් ඕනෙ නෑ; ඔය හැමෝම ගෙවල් වලට වෙලා ඉන්න කියල. ඒ ගොල්ලන්ව රෝහලකටවත් ගෙනිච්චෙ නෑලු. බෙහෙත් දුන්නෙත් නෑලු. ඔයගොල්ලන්ම පුලුවන් විදියකට බෙහෙත් කරගන්න; ප්‍රතිශක්තිය වැඩි කරගන්න කීවලු. ගෙවල් වලට වෙලා ඉන්න කියල කීවට කවුරුවත් මොනවත් ගෙනල්ල දෙන්නෙ නැති නිසා ඒ ගොල්ලො ලෙඩෙත් තියාගෙන සුපෙර් මර්කෙට් ගානෙ යනවලු බඩු ගන්න. පැරිස් වල හැමතැනම වගේ තත්වෙ ඒකලු. එයාම කියනව ඒ අතින් ලංකාව දහස් ගුණයකින් හොඳයිලු.

          • ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඉතාලිය ඇතුලු හැම රටකම වෙන්නෙ ඕකයි..මොලේ කලදක් ඇති එකෙකුට තේරෙනවා බරපතල නැත්නම් ගෙදර ඉන්නයි තියෙන්නෙ..ටෙස්ට් කරල තමන්ගෙ ගෙවල් වල එක්ක යන්නද? ටෙස්ට් කළා නොකළා කියල වෙන්සක් නෑ..කළ හැක්කේ එක දෙයයි. Self isolation.. Contacts ලටත් එච්චරයි..එච්චරයි.. Self isolation.. මොකද ටෙස්ට් පොසිටිව් උනත් රෝහල් ගත කරන්න් තරම් අමාරුවක් නැත්නම් ඒත් self isolation නම් මොකක්ද ටෙස්ට් එකේ තියන මැජික් එක..
            හැම රටේම රෝග ලක්ෂණ නැති ආසාධිතයො ලකෂ ගනන් ඉන්නව. මොකක්ද management එක..එක.. Self isolation.

    • rdy says:

      If you are a doctor you should be wise enough not to argue with these illiterate morons

    • Bnv says:

      This gmoa oppose malabe university. See now we need more than enough doctors. Our gmoa is not a public base organization. It’s just a demanding organization keeping helpless patience at bay.

  6. Gregory says:

    Ow ow, parlimenthu we un, monawada ratata kale, unuth janatha badu walin thama padi ganne, Dostaralaa adu gane me upades tika hari deela me tharamin wath rogaya palanayata rajayata upades denawa.
    Hebeyi api wage hudee rogiyo kelawunama nan unta deviyo kiyala wendawetenawa…. ane anichchang !

  7. Gyan.s. says:

    This GMOA naggers are too much. Specially That soyza man.

  8. HERATH says:

    මෙහි අදහස් දක්වන බොහෝ දෙනා මෙයට විරුද්ධයි. එහෙම ඉක්මන් පරීක්‍ෂණයක් කරනවට ඇයි විරුද්ධ​? ඔබේ ඥාතියෙකුට,පවුලේ අයෙකුට එහෙම පරීක්‍ෂණයක් කර ගන්න පුලුවන් නම් ඔබටත් සතුටු විය හැකියි නේද​?අනෙක් කාරණය වේගයෙන් පැතිර යන වෛරසය පාලනය කර ගන්නට මෙය උදව් වෙයි නේද​?හදවතින් නොව බුද්ධියෙන් කටයුතු කර මේ ගැටළුව විසඳා ගනිමු.

    • රටවැසියා says:

      කවුරුවත් ඒකට විරුද්ධ නෑ හලෝ. හැමෝටම ඕනෙ පුලුවන් ඉක්මනින් පරීක්ෂණ කරල බෙහෙත් කරල මේකෙන් ගැලවෙන්න විදියක් බලන්න. ඒත් මෙකෙ GMOA එකට විරුද්ධ හැමෝම වගේ විරුද්ධ වෙන්නෙ උන්ගෙ බොරු රඟපෑමට.

  9. john the baptice says:

    සමහර බටහිර රටවල පළාතෙන් පළාතට පරික්ෂා කරනවා

Main News