කොරෝනා මඩින ඖෂධයක් විලච්චියේ වෙද මහතෙක් සොයාගනී.. එය සොරකම් කර පැණි දමලා යයි චෝදනා..

December 19, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා මඩින ඖෂධයක් විලච්චියේ වෙද මහතෙක් සොයාගනී.. එය සොරකම් කර පැණි දමලා යයි චෝදනා..

තමන් විසින් කොරෝනා වෛරසය සදහා ඖෂධයක් නිෂ්පාදනය කල බව අනුරාධපුර විලච්චියේ පදිංචි ආයුර්වේද වෛද්‍ය රංජිත් ප්‍රේමකුමාර මහතා සඳහන් කරයි.

ඉපැණි පුස්කොළ පොතක තිබූ වට්ටෝරුවක් යොදාගෙන තමන් මෙම ඖෂධ නිපදවන ලද්දේ කොරෝනා වෛරසය ලංකාවට පැමිණීමටත් පෙර බවද ඒ මහතා පවසයි.

තමන් මේ බව දැනුම් දුන්නද කිසිවෙකු තමනට ඒ සදහා අවස්ථාව ලබා නොදුන් බවද ඔහු සඳහන් කළේය.

තමන් විසින් සොයා ගන්නා ලද බෙහෙතට පැණියක් ද එකතු කොට වෙනත් අයෙකු ඉදිරියට ගොස් ඇති බව පෙනෙන්නට ඇතැයි ද ඔහු චෝදනා කරයි.

තම නිවසේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය.

38,309 views

9 Comments to “කොරෝනා මඩින ඖෂධයක් විලච්චියේ වෙද මහතෙක් සොයාගනී.. එය සොරකම් කර පැණි දමලා යයි චෝදනා..”

  1. ක්‍රිමිනල් says:

    මේ දවස්වල කාළී වරමින් මේසන්බාස් කෙනෙක් මෝඩ පහේ බෛයන්ට පැණි පොවනවා , ඒ මෙසන්බාස්ට ඇන්ටිජන් මෑන් , චන්න ජයසුමණ ,මුට්ටි දේවී ඇතුලු රජයේ ඉහලම තැන්වලින් ෆුල් සප් එක දෙනවා . උස්සපු වට්ටොරුවක් කියලා කාළී මැණියන්ගේ උදහසට ලක් වෙන්නෙපා ,දැක්කනේ ශ්‍රී මහ බොධීන්වහන්සෙගේ භාරකාර ස්වාමීම්ද්‍රයන්වහන්සේටත් දුන් පොර ටෝක ! මම කාළී උබලගේ අම්මා ! 😏

    • SKF says:

      මා හරි උගතා, මා හරි ජගතා, කියා සිතන්නා මෝඩයෙකී.

  2. Suwapathi says:

    මේ කථා ඇහෙනවිට දැනෙන්නේ සිංහලයා මොනතරම් කාලකණ්නි ද කියලා.
    පුදුම ඊර්ෂ්‍යාවකින් පෙලෙන ජාතියක් .
    ඇයි ඕක දැන් කියන්නේ .

    • Boo says:

      තව ඉස්සරහට තව තව ඒවා එනවා. ඕවා සේරම කියන්නෙ සල්ලි වලට විකිනුනු හිගන හැත්ත. උන් උන්ට කියලාදෙන විදිහට කියනවා. පිටිපස්සෙ ඉන්නෙ තනකොල කකා ගව මුත්රා බොන රටට කෙලවෙනකං බලාගෙන ඉන්න වහල්ලු.

  3. රන්වල says:

    පැණි නාටකය ත්‍රාසය භීතිය කුතුහලය සහ සිනහව මුසුව රටම අන්දමින් ඉදිරියට.ඒ අතරතුර කොහේදෝ රටක වරායක ජැටියකුත් විකුණනලු මේ ඔක්කොම ඉස්සර නම් වැහුවෙ ක්‍රිකට් වලින් දැන් ක්‍රිකට් වලට වඩා ආතල් නලුවො ටිකක් ඉන්නව කාලි නාත රාවණ ආතල් දෙන

  4. Ajith says:

    I think the media has a responsibility not to give publicity to these type of people. The Sun newspaper in UK has ridiculed the minister of Health and Sri Lanka as a whole regarding the Dammika tonic.

  5. රජරට බයියා says:

    වෛද්‍ය රංජිත් ප්‍රේමකුමාර මහතා, ඔබගේ බෙහෙත කොරෝනා ලෙඩ්ඩුන්ට දීලා බලමු. මහාචාර්ය චන්න ජයසුමනත් රජරට නිසා එතුමාවත් ඉක්මනින් සම්බන්ධ කරගෙන, රජයේ ආයුර්වේද දෙදෙපාර්තමේන්තුවේ අනුමැතියක් ගෙන මේක ලෙඩ්ඩුන්ට දෙන්න බලන්න.

  6. “මම කාලි.. ඔබවහන්සේගෙ අම්මා” කතාව තුලින් කුජීත පීචන් උනු ධම්මික පැනිය පව් සමා කොට ඉදිරියට ගෙන යාමේ ප්ලෑන් -B මෙසේ ආරම්භ වු වගයි… කාලි මෑනි ඉවත් කොට ඒ වෙනුවට ආයුර්වේදය ඈදන ලද ධම්මික පැනිය අංක -2 “විලච්ච් වෙදමහතාගේ ආයුර්වේද පැනිය” එන්නත් තොග ලැබෙනතුරු දැන් ඔබ රැවටීම ආරම්භ කලා.

  7. Sakunthala says:

    මෙයා වකුගඩු ලෙඩෙටත් බෙහෙත හොයා ගත්තනෙ. මෙකත් එවගෙ ඇති.

Main News