කොරෝනා මඩින දිව්‍ය ඖෂධය ජපානය සොයාගනී.. මහා පරිමාණයෙන් නිපදවීම චීනය අරඹයි..

March 20, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා මඩින දිව්‍ය ඖෂධය ජපානය සොයාගනී.. මහා පරිමාණයෙන් නිපදවීම චීනය අරඹයි..

ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (avigan ) නම් ඖෂධය , කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

මෙම ඖෂධය චීනයේ වෛද්‍ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බවත් , ඒ අනුව මෙම ඖෂධය ප්‍රවර්ධනය කිරීම සඳහා තම රජයේ සහය ලැබෙන බවත් චීන ජෛව තාක්ෂණික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත පවසා තිබුණි.

විශේෂයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් මතුවන නිව්මෝනියා තත්ත්වයන්ට මෙම ඖෂධය හරහා ප්‍රතිකර්ම සැලසෙන බවත් , එහිදී කිසිදු අතුරු අබාධයක් වාර්තාවී නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ.

චීනයේ වුහාන් හා ශේන්සෙන් නගරවල රෝගීන් 300 කට අධික පිරිසක් යොදාගනිමින් මෙම ඖෂධය තවදුරටත් පරික්ෂා කළ බවත් එම ඖෂධය ලබාදුන් රෝගීන් සියලුදෙනාම දින හතරක් වැනි කාලයක් ඇතුළත සුව අතට හැරුණු බවත් ඔහු අනාවරණය කළේය.

මෙම ඖෂධය ලබාදුන් පසුව රෝගීන්ගේ ශ්වසන පද්ධතියේ හා පෙනහළු වල තත්ත්වයද වේගයෙන් යහපත් අතට හැරෙන බව එක්ස් කිරණ ජයාරූප හරහාද තහවුරුවී ඇතැයි චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව චීනය මේ වනවිට මෙම ඖෂධය වානිජ්‍ය වශයෙන් තම රට තුලද නිපදවීම සඳහා ජපාන සමාගමෙන් අවසර ලබාගෙන ඇති අතර , ඉදිරියේදී මහා පරිමාණයෙන් ,මෙම අවිගන් (avigan ) නම් ඖෂධය චීනය තුලද නිපදවීමට එරට සමාගම් රැසක් පියවර ගනු ඇති.

– adaderana

802 views

30 Comments to “කොරෝනා මඩින දිව්‍ය ඖෂධය ජපානය සොයාගනී.. මහා පරිමාණයෙන් නිපදවීම චීනය අරඹයි..”

  1. Araliya says:

    👏👏👏👏

  2. Parippu Gota says:

    Read this it is from the same Article “Japanese flu drug ‘clearly effective’ in treating coronavirus, says China”
    But a Japanese health ministry source suggested the drug was not as effective in people with more severe symptoms. “We’ve given Avigan to 70 to 80 people, but it doesn’t seem to work that well when the virus has already multiplied,” the source told the Mainichi Shimbun.

  3. G.karunaratne says:

    China is a friendly country of Sri Lanka. Chinese government has helped Sri Lanka in numerous ways. Sri Lanka will definitely get the priority in getting stocks as early as possible.

  4. Osmand says:

    ඇමරිකාව ඇතුළු යුරෝපයේ බලාපොරොත්තු සුන් කරමින් ජපනා කවදත් හපනා. එයට චීනයද එක්ව කොරෝනාට ඉතා ඉක්මන් ප්‍රකාශ බෙහෙතක් වෙලද පොලට.

  5. Chaw Chaw says:

    Avigath thoo aviyen nonesethi.

  6. Love nature says:

    මේ බෙහෙත අන්තිම අවස්ථාවේ ඉන්න ලෙඩ්ඩුන්ට පමණයි

  7. පු.කේ.නිවුස් says:

    අනේ මේ වගේ පුකේ නිවුස් දාන්ඩ එපා. මේක අලුතෙන් හොයාගත්ත රෙද්දක් නෙවෙයි, ජපානෙ උන් හෙඹිරිස්සාවට දෙන පැනඩෝල් එක​. මේ වගේ සීයක් ජාති ලෝකෙ පුරා මේ ටිකට පරීක්ශාවට භාජනය කරලා තියනවා. ඇමරිකාව එකකින් බොහොම කිට්ටුවට ඇවිත් තියනව නමුත් ඒක අලුත් එකක් ඒ නිසා කල් යයි ඒක එලියට එන්ඩ​. මේ අවිගන් ජපානෙ අමාරු රෝගින්ට දුන්නහම වැඩ කරලා නැහැ, නමුත් චීනෙ ලෙඩේ වැලදුන මුලදි දුන්න අයට යහපත් ප්‍රතිචාර ලැබිලා තියනව කියලා විතරයි දැනට කියලා තියෙන්නෙ. මේක මහා පරිමානයෙන් ජපානෙ කොහොමත් නිපදවනවා, ඒ නිසා ලෝකෙ ඔන රටකට ඔනෙනම් ගෙන්න ගත්ත හැකි, ඒත් තාම එහෙම කරන්ඩ තරම් විශ්වාසයක් නෑ. ඒ නිසා නිවුස් හරිය්ට කොපි කරන්ඩ කරුණාකරලා.

  8. david milibanda says:

    It is now proved to the world that mass production in quick time can only be done in CHINA.
    Now we see why USA & the West want to destroy China…………
    That is the reason Corona conqueored the USA & the West.

    At least now hope the yahapalanaya yakku will change their mind and move towards China BUT people like Ranil/Mangala/ Jayampathy/ Rathu Ali Pataw will never change. They are a curse to the Country.

    • Dilshan says:

      No machan they have been a**F***ed and brainwashed and converted by West to be their agents in the region. Ranil and Sajith are members of IDU. (international democratic union) exclusively a western governmental organization. Ranil doesn’t want to let go of his membership in that. That’s why he doesn’t want Sajith. Becuse the moment he gives up his leadership Sajith gets it and Sajith is not capable to handle leadership in the Asia passific region. Where only handful of countries like Australia, Taiwan, South Korea are members (all western puppet governments)

  9. john says:

    First thing is we do not have Divya Owshada on planet earth. All medicines are man made or natural plant stuff.

    Second thing is you should not publish unsubstantiated claims like this and give false hope to people.

Main News