කොරෝනා මඩින දේශීය ඔසු ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. ප‍්‍රතිකාර නෑමයි කියන බටහිර වෙදකම පස්සේම දුවයි..

May 7, 2020 at 11:20 am | lanka C news
කොරෝනා මඩින දේශීය ඔසු ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. ප‍්‍රතිකාර නෑමයි කියන බටහිර වෙදකම පස්සේම දුවයි..

කොරෝනා වෛරස මර්දනය සඳහා දේශීය වෛද්‍යවරුන් සම්බන්ධ ගැනීමේ අපහසුතාවය සම්බන්ධයෙන් රජය විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

දේශීය වෛද්‍යවරුන් විසින් කොරෝනා මර්දනයට ඉදිරිපත් කරන ප්‍රතිකාර ක්‍රම මෙරට පවතින සෞඛ්‍ය පද්ධතිය යොදා ගැනීම ගැන ඊයේ සාකච්ඡාවක් පැවැත්වී ඇත.

එහිදී පෙන්වා දී ඇත්තේ පවතින තත්වය මත මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ස්ථානගත කිරීමට අපහසු තාවයක් ඇති බවයි.

මේ තත්ත්වය මත කොරෝනා වෛරසය සුවපත් කිරීම සඳහා දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර සදහා ඉඩ නොලැබෙන බව දේශ්‍යී වෛද්‍යවරුන් චෝදනා කරති.

පසුගියදා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාද කියා සිටියේ කොරෝවා මර්ධනය සදහා දේශීය වෛද්‍ය දැනුමය සහාය කර ගත යුතු බවයි.

මෑතකදී මාධ්‍ය අමතමින් දේශීය වෛද්‍යවරුන් කියා සිටියේ කොරෝනා ආසාදිතයන් සදහා නිශ්චිත ප‍්‍රතිකාරයක් නැතැයි පවසද්දී තමනට කිසිදු ප‍්‍රතිකාරයක් කිරීමට අවස්ථාව නොදෙන බවය.

2,579 views

26 Comments to “කොරෝනා මඩින දේශීය ඔසු ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. ප‍්‍රතිකාර නෑමයි කියන බටහිර වෙදකම පස්සේම දුවයි..”

  1. damian says:

    මේ හෙල/ආයුර්වේද වෙදුන් කියාගෙන එන්නේ වෙනම බිස්නස් කණ් ඩායමක්. ඔවුන් අතර ඉංග්‍රිසි බෙහෙත් කුඩු කර දීලා අහු උන අය ඉන්නව​.

    බටහිර නොවේ ලෝකෙ කුමන ක්‍රමයකින් වත් වෛරස් වලට බෙහෙත් නෑ.
    මේ එන කිහිප දෙනා කරන්නේ කොහොමත් සුව වෙන වැඩි ප්‍රතිශතය අල්ලගෙන නිකරුනේ බෙහෙත් දීලා ඔන්න අපි සුව කළා කියන්න​.
    කොරෝනා ආසාදිතයන් රෝගී වෙන්නේ ඉතා සුලු පිරිසක්.
    ඒ අයට දෙශීය බෙහෙත් නෑ. බටහිර ක්‍ර මයෙන් මරණය වලක්වන්න ප්‍රතීකාර කරනව​. වෙන ලෙඩ දරුණු වට තියෙන අය මැරෙන්න පුලුවන්. ඒවට ආයුර් බෙහෙත් නෑ.

  2. Elmo Perera says:

    So far no concrete action or directive to promote Aurveda treatment..Dont know why??

  3. Kalana says:

    Mafia every where… English doctors cannot survive if Ayurvedic become popular…

  4. Ravana Parapura says:

    ලෝකයේම බටහිර වෙදකම දැන් පරාජය වී හමාරයි වසර 7000ක් පැරණි අපේ හෙළ වෙදකම ඉතා සාර්ථකව ජයගෙන ඇත. ඉදිරියටත් එසේමයි
    දැන්වත් දන නමා එය පිළිගැනීම වටිනවා.

  5. Love nature says:

    උණ හැදුණාම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව එක්තරා පෙති වගයකි.

    ඒ පෙති නිසා ඇතිවන උගුරේ වේලීමට තවත් සිරප් එකකි.

    එම සිරප් එක නිසා ඇතිවන සෙමට තවත් පෙති වගයකි.

    එලෙස සෙම අඩු වීමට බොන පෙති නිසා පීනස ඇති වෙයි.

    පීනසට බොන පෙති නිසා ආයිත් කැස්ස ඇති වෙයි.

    එවිට වැල්මිලැක්ස් (වැල්මී වලින් හැදූ පෙරදිග ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පානයක්) බීම හැර වෙන විකල්පයක් නැත.

    නමුත් උණ හැදුණාම පෙරදිග වෛද්‍ය විද්‍යාව අනුව කොත්තමල්ලි, පත්පාඩගම්, ඉඟුරුපියලි, වෙනිවැල්ගැට, ක‍ටුවැල්බ‍ටු පත අට එකට හිඳවා කල්කත් කවලම් කර පරණ මී පැණි සමග තුන් වේලක් බීමෙන් උණ හැදීම නිට්ටාවටම සනීප වෙයි. නිවාරණයි, ප්‍රත්‍යක්ෂයි. අතුරු ආබාධ කිසිවක් නැත.

    වියුක්ත සහ සංයුක්ත දැනුම් වල ප්‍රධාන වෙනස සඳහා පොඩි උදාහරණයක් තමයි ඉහත දැක්වුවේ. වියුක්ත නිසාම අතුරු ආබධ ගහණ කසිකබල් බටහිර වෛද්‍ය ක්‍රමය සුද්දන් විසින් මෙරට පතුරුවා නොහරින්නට, අපි තවමත් පෙරදිග වෛද්‍ය සමගයි.

  6. Love nature says:

    හෙළ වෛද්‍ය ක්‍රමය හා විදේශීන් ගේ බලපෑම

    අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි සමයන් හි හෙළ වෛද්‍ය ක්‍රමය ඉතා දියුණු මට්ටමක පැවතියද පොළොන්නරු රාජධානිය බිඳ වැටීමත් සමඟඉ එය පසුබෑමට ලක්විය. කෝට්ටේ යුගයෙහි දී පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය යම් පමණකින් හෝ නඟා සිටුවීමට උත්සාහ ගන්නා ලද්දේ 1707 දී රජකමට පත් නරේන්ද්‍රසිංහ රජු විසිනි. එතුමාගේ ආරාධනාව පරිදි වැලිවිට සරණංකර සඟරජ හිමිපාණන් විසින් ” භේසජ්ජ මඤ්ජුසා” නම් පාලි වෛද්‍ය ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කරන ලදි. සියවස් ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකීය ජනතාව සිය සෞඛ්‍යය පවත්වා ගෙන යාම සඳහා භාවිතා කළ හෙළ වෛද්‍ය ක්‍රමය1505 දී පෘතුගීසින් ගේ ආක්‍රමණයත් සමඟ සැළකිය යුතු ලෙස අභියෝගයට ලක් විය. පෘතුගීසි පාලන සමයේ කොළඹ, යාපනය සහ මන්නාරම යන නගරයන්හි රෝහල් පිහිටුවන ලදි. ලන්දේසින් විසින් එක් එක් ආරෝග්‍යශාලාවට දේශීය වෛද්‍යවරයෙකු බැගින් පත්කරනු ලැබීය. ඒ ලන්දේසි වෛද්‍යවරයාට සහය වීම පිණිසය. පෘතුගීසි හෝ ලන්දේසි මෙන් නොව බ්‍රිතාන්‍ය පාලකයෝ රට වැසියාට සෞඛ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූහ. මේ කාලයේ විවිධ වසංගත රෝග පැගිර යාම සුලභ කරුණක් විය. ඒ නිසා ගම් මට්ටමින් ජංගම බෙහෙත් ශාලා පිහිටුවීමට බ්‍රිතාන්‍ය ජාතිකයෝ පියවර ගත් අතර බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කරවූහ. 1858දී මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිහිටු වූ බ්‍රිතාන්‍ය පාලකයෝ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය රජයේ වෛද්‍ය ක්‍රමය ලෙස දියුණු කළහ. මේ නිසා රට වැසියන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වෙතින් ඈත් වීමට පටන් ගත්හ.

  7. Love nature says:

    අතීතයෙන් බිදක්

    දුරාතීතයේ වෛද්‍යවරු සමාජයේ සම්භාවනාවට හා ගෞරවාදරයට පත් වෘත්තිකයන් ලෙස පිළිගෙන ඇත. සිංහල රජවරුන් අතර වෛද්‍යවරුන් ලෙසද කටයුතු කර ඇත්තාහ. මේ නිසාම “රජ කෙනෙකු විය නොහැකි නම් වෙදැදුරෙකු වන්න” යනුවෙන් කියමනක් සිංහලයන් අතර ප්‍රචලිතව පවතී. බුද්ධදාස රජු (ක්‍රි.ව. 362-409) එසේ වෙදකම් කළ රජවරුන් අතර පුරෝගාමී වේ. ඔහු අති දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි. “සාරාර්ථ සංග්‍රහය” නම් වෛද්‍ය ග්‍රන්ථය රචනා කළේ එතුමාය. සතුන් ට පවා ඔහු වෙදකම් කර ඇත. vii වන අග්බෝ, මහා පරාක්‍රමබාහු වැනි රජවරුන්ද වෛද්‍යවරුන් ලෙස සේවය කර ඇත. රජවරුන්ට අමතරව භික්ෂූන් වහන්සේලා ද වෛද්‍ය කර්මයෙහි නිරත වූහ. වෛද්‍ය අධ්‍යාපනය ලබා දීමේ පුරෝගාමීන් වූයේද භික්ෂූන් වහන්සේය

  8. Love nature says:

    1956න් අවුරුදු හැටකට පමණ කාලයකින් පසුව ද දේශීය වෙදකමට මෙන් ම දේශීය ගොවිකමට ද ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලටත් අඩු සැලකිල්ලකි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ බටහිර වෙදකම හා බටහිර ගොවිකම බටහිර ආර්ථිකය සමග සම්බන්ධවීමත් බටහිර සමාගම් මේ සියල්ල පාලනය කිරීමත් ය. අපේ ගොවිකම පාලනය කෙරෙන්නේ බටහිර දැනුම මගිනි. එය බටහිර රසායනික සමාගම් හා ඔවුන්ගේ මෙරට නියෝජිතයන් සමග බැඳී ඇත. අවාසනාවකට මෙරට හා පිටරට සිටින බොහෝ ඊනියා ලාංකික විද්‍යාඥයෝ ද ඔවුන් සමග අධ්‍යාපනයෙන් බැඳී සිටිති