කොරෝනා මඩින බෙහෙතක් හැදු දොස්තරට කරාපිටියේ කොරෝනා වාට්ටුව බාර දෙයි..

August 20, 2021 at 10:00 am | lanka C news
කොරෝනා මඩින බෙහෙතක් හැදු දොස්තරට කරාපිටියේ කොරෝනා වාට්ටුව බාර දෙයි..

කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා තමන් විසින් ඖෂධයක් නිෂ්පාදනය කලේ යයි පවසන කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවකට මාරු කර යවා තිබේ.

එම රෝහලේ අධ්‍යක්ෂක වරයා විසින් ඔහුට දැනුම් දී ඇත්තේ කොරෝනා ආසාධිතයන්ට ඔහුගේ සේවය උපරිමයෙන් ලබා දීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇති බවයි.

කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් මානුශීය ආකාරයෙන් කටයුතු කළ ආකාරය හා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජනතාව දැනුවත් කරමින් සිටින නිසා කොරෝනා ආසාදිතයන්ට එම සේවාව උපරිමයෙන් ලබා දීමට මෙම ස්ථාන මාරුව සිදු කළ බව ද එම ලිපියේ දැක්වේ.

142,680 views

60 Comments to “කොරෝනා මඩින බෙහෙතක් හැදු දොස්තරට කරාපිටියේ කොරෝනා වාට්ටුව බාර දෙයි..”

  1. Abiththaya says:

    මේකෙ තියෙන්නේ පළි ගැනීමත්, උපහාසයත්
    Anyway a government servent should not behave like this officer.

    • Leo says:

      මේක කොහොමද පලිගැනීමක් වෙන්නේ? එතුමා කියන විදියට එතුමා ගාව බෙහෙතක් තියෙනවා. ආහාර අතිරේකයක් විදියට ලියාපදිංචි කරලත් තියෙනවා. ඒක ලෙඩ්ඩුන්ට දෙන්න අවසර දෙන්නේ නෑ කියලනේ එතුමා චෝදනා කරන්නේ.

      දැන් ඔන්න වාට්ටුවක්ම බාරාදීලා තියෙනවා. එතුමට පුලුවන් එතුමගේ වාට්ටුවේ බෙහෙත අත් හදාබලන්න.

  2. Anuradha says:

    ඇත්ත නේන්නම් බං කථා තියා සංදර්ශන පැවැත්වූවාට වැඩක් නැහැ ඔන්න නියම චාන්ස් එක පෙන්න මල්ලි වැඩ ඔයාගේ නියම ඉස්තාන මාරුව.අර කියමනක් තිබෙනවා උරාගෙ මාළු උරාගෙ පිටේම තියා කපනවා කියා අන්න ඒවගේ වැඩක් තමයි මෙයාට භාර දුන්නේ.කොහොමද එක??

  3. MD says:

    “මාළුවා නහින්නේ කට හින්දයි කියලා”පැරන්නෝ කියපු කථාවන් දෙයියනේ අදටත් ගැලපෙන්නේ ඔය.කොච්චර බුද්ධිමත් පොලොවෙහි අඩිය ගහපු ජාතියක් අපිට ඵදා ඉදලා තියෙනවද.

  4. මෝ says:

    මේක ඉතාම නිවැරදි තීරනයක්.අපි බැලුවා මෙතුමා චමුදිත සමග,කල සාකච්චා.ඒවයෙදි පෙන්නුවනෙ පරීක්ශනවල ප්‍රතිපලත්.අමික ඔබතුමා ජනතාව මැරෙන හැටි බලං ඉන්න බැරිව කෑ ගැහැව්වත් එක්කනෙ.ඔන්න දැන් ගේම සෙට්.කරලම පෙන්වමු.

  5. Leo says:

    මෙන්න creative පාලකයෝ. දැන් ආය youtube views හිගන්නෝ අල්ලගෙන අරක කරන්න මේක කරන්න කියා කියා කටින් බතල හිටවන්න බෑ. වාට්ටුවම බාරදුන්නා, දැන් පුලුවන් කොරෝනා කරල් දීලා ඔය වාට්ටුවේ මරණ අඩු කරලා පෙන්වන්න.

  6. ලතා says:

    Excellent

  7. ASK says:

    Sincerely hope that you are doing well and successful!

  8. Kumudu says:

    Dr .you got a chance.
    Now show your ability to save our people

Main News