කොරෝනා මඩින රාවණ හෙල ඔසුව ITN සේවයකන්ට බෙදා දෙයි.. පෝලිමේ ඇවිත් ඔසු ගනී..

December 23, 2020 at 10:26 pm | lanka C news
කොරෝනා මඩින රාවණ හෙල ඔසුව ITN සේවයකන්ට බෙදා දෙයි.. පෝලිමේ ඇවිත් ඔසු ගනී..

රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දන ඖෂධය ස්වාධීන රූපවාහිනියේ ඉහල පාලනාධිකාරිය හා කාර්ය මණ්ඩලය වෙත බෙදා දී තිබේ.

පුරාණ රන්පත් වල සදහන් වට්ටෝරුවකින් මෙම හෙල ඔසුව නිර්මාණය කළ බව ඒ මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයෙකුට මෙන්ම තම ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ඕනෑම අයෙකුට මෙම ඔසුව පානය කළ හැකි බව ඒ මහතා පැවසීය.

ඔහු සඳහන් කරන්නේ තමන් ඕනෑම කොරෝනා ආසාදිතයෙකු අසලටම ගොස් මෙම ඖෂධය ලබා දීමට සූදානම් බවයි.

සමස්ත ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ මෙම ඖෂධය ලබා දීමට සූදානම් බව ද ඔහු සඳහන් කරයි.

46,823 views

41 Comments to “කොරෝනා මඩින රාවණ හෙල ඔසුව ITN සේවයකන්ට බෙදා දෙයි.. පෝලිමේ ඇවිත් ඔසු ගනී..”

  1. බූරු පුතාණෝ සජියා says:

    සුදර්ශනී පැණිය දුන්නා බෛ ජයසුමන
    කාලිගෙ පැණිය බිව්වා උම්මා අඟන
    රාවණා ත් ආවා අරඹා සටන
    කෝවිඩ් යකා ඉන්නෙ තවමත් හිටිය තැන.

    මුට්ටිය දාල බැලුවා මහවැලි ගඟට
    එක එක පැණිය දෙනවා අපි රවටන්ට
    අපෙ රට යනව ටික ටික විනාසෙ ට
    එන්නත ගෙනත් විද්දොත් හැක බේරෙන්ට

    • අලිමන්තර සජියා says:

      පට්ට කවිය බ්‍රෝ එළිසමය සුපිරි .. උඹත් සජියා වගේ පොරක්.. බැරි උනත් අතාරින්නෙම නෑ ..
      නෝන්ඩි උනත් ගානක් නෑ .. ඔය වගේ තව සුපිරි කවි ඕනේ

      • Saman says:

        ඔය මොන ටෝක් දැම්මත් දැන් ඉතින් උඹලාගේ රෙදි අර කාලි කපුවා විසින්ම ඔළුවෙන් ගලවලා ඉවරයි.

  2. Namal says:

    ඒක ඉතින් ඒ වගේ බාල බෙහෙත් කොමිස් වලට ගෙන්නන අපේ කාලකණ්ණි පාලකයන්ගේ වැරැද්දක් මිසක් බටහිර බෙහෙත් වල වැරැද්දක් නෙවෙයි. කියපල්ලා උඹලාගේ බයි ආණ්ඩුවට දැන් වත් හොඳ උසස් තත්ත්වයේ බෙහෙත් ගෙන්නලා දෙන්න කියලා

    • රාජිත දත් says:

      අපි නම් සුපිරියට කොමිස් ගැහුවා… ඒත් නොන්ඩි නෑ ..
      අල්ලන්න ආවොත් ලංකා හොස්පිටල් ඇඩ්මීට් වෙනවා

      • Saman says:

        ඉතින් බූරුවෝ ඒවා නවත්තන්න තමයි මිනිස්සු යහපාලුවෝ ටික ගෙදර යවලා මුන්ව ගෙනාවේ. නැතිව මූණත් තහඩු ටික විතරක් මාරු කරලා පරණ හොර වැඩ ඒ විදියටම කරගෙන යන්න නෙවෙයි බොල.

  3. අසේල ඕපාත says:

    මේකේ එක මහත්මයෙක් කියනවා ඒ මහතාගේ ප්‍රංශයේ ඉන්න දුවට ඖෂධය යවලා කොරෝනා සුව උනා කියලා. මේ වෙලාවේ කිසිම ද්‍රාවන වර්ගයක් පිට රටකට යවන්න භාර ගන්නේ නෑ.

  4. Banda says:

    පැණි කුරුල්ලනේ… බයි කොබෙයියනේ…
    ගිය තැනකින් වරෙල්ලා… තව පැණියක් ඇවිල්ලා…

    Ammo mekanam maru

Main News