කොරෝනා මඩින රුසියාවේ එන්නත ශ‍්‍රී ලංකාවට..

August 19, 2020 at 8:40 am | lanka C news
කොරෝනා මඩින රුසියාවේ එන්නත ශ‍්‍රී ලංකාවට..

කොරෝනා වෛරසය සඳහා රුසියාව විසින් හඳුන්වා දී ඇති ඖෂධය ශ්‍රී ලංකාව ලබාදීමට සූදානම් බව කොළඹ සිටින රුසියානු තානාපතිවරයා සඳහන් කරයි.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ දිනයේ හමුවූ අවස්ථාවේදී කොලඹ සිටින රුසියානු තානාපති යුරී බී මැටරී මහතා මේ බව සඳහන් කර ඇත.

විදේශ අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තීරණයක් ගන්නා බවයි.

රුසියාව විසින් සොයා ගන්නා ලද කොරෝනා වෛරසයට එරෙහිව එන්නද එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණිට ද එන්න කර ඇත.

නමුත් එම ඖෂධය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා මර්ධනයට සුදුසු ඖෂධයක් ලෙස නිර්දේශ කර නැත.

57,535 views

11 Comments to “කොරෝනා මඩින රුසියාවේ එන්නත ශ‍්‍රී ලංකාවට..”

  1. මල්ද‌ෙනියේ සිමියොන් says:

    අන්තිමට ගංජා විකුණන තැනට රට වැටුනා.
    දැන් සමහර අය හිතන්නේ ලෝකයේ ගංජා ගහන රටවලට ගංජා සප්ලයි කරලා ඩොලර් ටිකක් හොයා ගන්නයි.
    දැන් සිලෝන් ටී ව‌ෙනුවට සිලෝන් ගංජා ඉදිරියට.

  2. P.GPremarathne says:

    ME BEHETHA GANNA EPAKIYALA, JATHIYA WANDAENNA PLUWAN

  3. Kumara says:

    ඔනම කුණුගොඩක් අත්හදා බලන්න කියාපු රට…

    • sky says:

      කොරෝනා මඩින රුසියාවේ එන්නත ශ‍්‍රී ලංකාවට..” ගෙන්වන්නේ කුමක් සදහාද ? අපේ රටේ දේශීය හෙළ වෙදකමින් කොරෝනා සාර්ථක ලෙස පාලනය කර ඇත ..අපේ රටේ ජනතාවට රුසියාවේ සොයාගත් එන්නත ලබා දෙන්නේ කුමක් සදහාද ? එම එන්නතෙන් සිදුවන side effect පරික්ෂා කිරීමටද ?
      සෑම එන්නතකම side effect ඇත. එනිසා අලුතින් සොයාගත් රුසියාවේ එන්නත අපේ රටේ ජනතාවට ලබා නොදෙන්න ..
      විදේශීය රටවලින් ලැබෙන ඕනෑම කුණු ගොඩක් බාරගැනීම දැන්වත් නතර කරන්න ..
      දේශීය හෙළ වෙදකම දියුණු කරන්න ඒ ගැන විශ්වාසයක් තබන්න
      අපේ රටේ ජනතාව රුසියාවේ එන්නතේ පරීක්ෂණ සදහා ”labrador animal testing ”වලට යොදා ගැනීමට ඉඩ දෙන්න එපා …එය අනතුරුදායකයි

      • abu Bakar says:

        දේශීය හෙළ වෙදකම Spa Walata hodai. Chooti nangilata……………
        .දේශීය හෙළ වෙදකම කොරෝනා මර්ධනයට සුදුසු ඖෂධයක් ලෙස නිර්දේශ කර නැත

        • ජේ.j says:

          හෙළ වෙද කම යනු ආයුර්වේද වෙදකම නොව අපටම ආවේනික වූ වෙදකමකි…. බටහිර වෛද්‍ය මාෆියාවෙන් හෙළ වෙදකම යටපත් කරගෙන සිටී… එමනිසා අප රට තුල තවමත් නිල වශයෙන් හෙළ වෙද කමට පිළිගැනීමක් බලාපොරොත්තු විය නොහැක….. නමුත් කොරෝනා ආසාදිතයන් හට නිල නොලත් ආකාරයෙන් හෙළ වෙදකමේ වෙද හෙදකම් සාත්තු සප්පායම් කරමින් සිටී …. ඔය විවේචනය කරන ඔබතුමත් කොත්තමල්ලි වෙනිවැල්ගැට අඩුමතරමේවත් පානය නොකල කෙනෙක් වෙන්න බැරිය….. ඒවා කැස්ස හෙමිබිරිස්සාවට පානය කරන්නේ බටහිර වෛද්‍ය නිර්දේශ මතද? මේ සමබනදයෙන් විධිමත් පරික්ෂණ කරයුතය… එසේ නොකරන්න හේතුව බටහිර වෛද්‍ය මාෆියාවෙන් හෙළ වෙදකමට ලැබෙන අනුග්‍රාහකත්වය අහුරා ඇති නිසාය….

          • aniwa says:

            හෙළ වෙදකම රැකගත යුතු බවට විවාදයක් නැත.
            නමුත් වෛරස වලට විශේෂයෙන් සෙම්ප්‍රතිශ්‍යා වෛරසයට කවදාවත් බෙහෙතක් සොයා ගැනීමඅති දුෂ්කර වන්නේය (learn about mutate ). Covid-19 වෛරසයකි, වයිරසය ආසාදනය වීම වැළක්විය නොහැකි හෙයින් බෙහෙත් සොයාගත යුත්තේ එයින් පෙනහළු වලට වන ආසාද අවම කරගැනීම සඳහායි.

  4. arna says:

    මේක තාම අත්හදා බැලීමේ මට්ටමේ තියෙන්නේ . තර්ඩ පේස් එක පාස් කරපා නෑ. ඊට කලින් එංගලන්තෙන් බොහොතක් හොයා ගත්තා කියලා මෙහෙ මාධ්‍යය මැරෙන්න හැදුවා නේද . ඒකට මොකද උනේ ?

  5. Doctor says:

    This is the TRUTH….

    Russia is doing their vaccine test with very poor countries these days. They are paying some money to do the test as well. They have not tested it internally. “Tested with Putine’s Daughter is” not true. They have offered same thing to Sri Lanka, Indonesia and some other countries. RAJAPAKSH is going to make money trough this…. BE CAREFUL

  6. ඔනම කුණුගොඩක් අත්හදා බලන්න කියාපු රට…! says:

    ඔනම කුණුගොඩක් අත්හදා බලන්න කියාපු රට…
    අපේ රටේ ජනතාව රුසියාවේ එන්නතේ පරීක්ෂණ සදහා යොදා ගැනීමට ඉඩ දෙන්න එපා …!!!!!!!!!!!!!!!!

Main News