කොරෝනා මඩින සාර්ථකම ක‍්‍රමයක් ලංකාවේ.. අද සිට සියළු බස් හා දුම්රිය නිරෝධායනයේ.. අතහිත චීනයෙන්.. ජනපති සෘජු අධීක්‍ෂණයේ..

March 14, 2020 at 8:40 am | lanka C news
කොරෝනා මඩින සාර්ථකම ක‍්‍රමයක් ලංකාවේ.. අද සිට සියළු බස් හා දුම්රිය නිරෝධායනයේ.. අතහිත චීනයෙන්.. ජනපති සෘජු අධීක්‍ෂණයේ..

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්දනයට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ….
 යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නවතී …
 යුරෝපයෙන් එන ශ්‍රී ලාංකිකයන්ටත් දින 14 ක නිරෝධායනයක් ….
 මහජන ප්‍රවාහන සේවා වීෂ බීජ හරණයට පියවර …
 වෛරසය පාලනයට චීනය ගත් ක්‍රියා මාර්ග පිළිබඳ අධ්‍යයනයක් …
 කෙරෝනා මර්දන කාර්ය සාධක බලකායට ස්ථිර නිවහනක් …
 මහජන ඒකරාශිවීම් අවම කිරීමට උපදෙස් …
 සේවා සහ අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතයට අවධානය …

කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ. රජය ජනවාරියේ සිට අනුගමනය කළ ක්‍රියාමාර්ග රෝගය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට ඉවහල් විය. වෛරසය පැතිරගිය රටවල් සලකන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටී. එම ප්‍රගතිය තවදුරටත් වර්ධනය කරමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර උපරිමයෙන් ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්හ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් (13) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ උපදෙස් දෙනු ලැබීය.

වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය පැහැදිළි කළ ජනාධිපතිතුමා යුරෝපා රටවල් රැසක වෛරසය සීග්‍රයෙන් පැතිරයමින් පවතින බව කීය. ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපීය රාජ්‍යයන් කිහිපයක බෙහෙවින් බරපතල තත්ත්වයක් පවතී. ඒ පිළිබඳව කොරෝනා මර්දන බලකායේ අවධානය යොමු කළ ජනාධිපතිතුමා යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම දෙසතියකට අත්හිටුවන්නැයි නියම කළේය.

යුරෝපා රටවල සිට එන ශ්‍රී ලාංකිකයන් ද දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට තීරණය කෙරිණ.

අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් දෙදෙනා ඇසුරු කළ පිරිස් හඳුනා ගැනීමට කළ පරීක්ෂණවල ප්‍රගතිය සහ ඔවුන් නිරෝධායනයට ගෙන ඇති පියවර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ඔවුන් ආ ගිය තැන් හා ඇසුරු කළ අය ගැන ද අඛණ්ඩව විමර්ශන කොට ඔවුන් නිරෝධායනයට යොමු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට ජනයා විශාල වශයෙන් රැස්වන අවස්ථා සහ උත්සව හැකි උපරිමයෙන් සීමා කිරීමට තීරණය විය.

කාර්ය සාධක බලකාය ස්ථිර කාර්යාලයක ස්ථාපනය කොට තොරතුරු රැස් කරමින් තීරණ ගන්නැයි ජනාධිපතිතුමා නියම කළේය. රෝග නීර්ණය සඳහා කෙරෙන පරීක්ෂණ වේගවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ඇතිව පර්යේෂණ උපකරණ සපයා ගැනීමට ද පියවර ගත් බව ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාව රෝගය පැතිරයාම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට සහාය වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වූ බව ද එතුමා කීය.

මුඛ ආවරණ ඕනෑම තැනකින් මිලදී ගැනීමට හැකිවන අයුරින් බෙදා හැරීම විධිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. පාලන මිලක් යටතේ ඕනෑම අයෙකුට මුඛ ආවරණ මිලදී ගැනීමට පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස් දහසක් නිෂ්පාදනය කළ හැකි ආයතන හඳුනාගෙන ඇති බව සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.
හෙට (14) සිට පොදු ප්‍රවාහන සේවයට යොදා ගන්නා බස් රථ සහ දුම්රිය විෂ බීජ හරණය කිරීමට ද තීරණය කෙරිණ. ඒ සඳහා ආරක්ෂක අංශ සහාය කර ගැනේ.

චීනය මේ වන විට ඉතා සාර්ථකව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කර තිබේ. සමාජ චර්යාවන් සහ ක්‍රියාකාරකම් රෝග මර්දනයට ඉවහල් වන අයුරින් හැසිරවීමට චීනය ප්‍රමුඛත්වය දුන්නේය. එරට අනුගමනය කළ ක්‍රියාමාර්ග පුළුල්ව අධ්‍යයනය කරන ලෙස උපදෙස් දෙනු ලැබීය.

රාජ්‍ය ආයතනවලින් සැපයෙන සේවා පවත්වාගැනීම හා පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්යයන් අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට සිදු කිරීම අත්හදා බැලීමට මෙය අවස්ථාවක් කරගත යුතුව ඇතැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය රෝගය ගැන ජනතාව දැනුවත් කරනු මිස සමාජ ව්‍යාකූලත්වයක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය ලේකම් භද්‍රානී ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

785 views

12 Comments to “කොරෝනා මඩින සාර්ථකම ක‍්‍රමයක් ලංකාවේ.. අද සිට සියළු බස් හා දුම්රිය නිරෝධායනයේ.. අතහිත චීනයෙන්.. ජනපති සෘජු අධීක්‍ෂණයේ..”

  1. Dilshan says:

    Great! Dear President. You are taking expertise from a nation who won the fight against Corona.
    You have the broad vision and dedication to win this.
    West cannot give anybody anything, all they can do is to point fingers becuse their economy is depending on theving other countries

    • country man says:

      Well said my friend,what you said was 100% true. My greatest respect to our President. After a very,very long time we have the right MAN in the right place. May the triple gem protect you my President.

    • Yes..
      East is East..
      West is West..
      Nature has always blessed East with everything it can… Beauty, weather, fertile soils, diversity, richness in culture, humanity, but mostly a Lord Buddha to explain the ordinary people about how nature works..

  2. fass says:

    Kuhaka JVP hethikare nathnam me rata beraganna puluwan

  3. Mr.i says:

    See the quality of decitions from a non politician.

  4. අභේතිස්ස says:

    මේ වෙලාවේ රටට අවශ්‍ය එකම දෙයයි = “දේශපාලන නොවන – ජාතික නායකත්වය පමණයි”. මෙම නායකත්වය සහ දැක්මක් තිබේ නම් කොරොනා මැඩලීම අපට ලොකු ගැටලුවක් නොවේ!!! – අපිට මේ නායකත්වයක් ලැබි ඇති බව පැහැදිලියි.

  5. Saman says:

    Can also learn from SIngapore. Study clusters the deccieses spread.For universities expand on line study.Mask production expand immediately

  6. rathgama de silva says:

    me loriya janaadipathi ngotabayage saha agamethi mahindage kangama neyeku wu jaathika komisan sabaawe nawa sabaapathi shasige bawa aaranchiyi.

  7. Don says:

    ජනාධිපති තුමා ඔබ නියම ජාතික නායකයෙක්. අපගේ ආචාරය ඔබට !
    Without any politics or any party.

  8. Love nature says:

    පෙරුම්කායම්වල විශ්මිත ශක්තිය, ගුණය ගැන වර්ථමාන පරපුරේ ඉන්න ගොඩක් දෙනෙක් දන්නේ නෑ.

    දෙවියන්ගේ ආහාරය (food of the gods) ලෙස පෙර-පර දෙදිග ඇතැම් රටවල හැඳින්වෙන පෙරුම්කායම් (Asafetida) අතීතයේ කිරි දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වාම එකසේ භාවිතයට ගත් බෙහෙතක්.

    ලොවම බියෙන් වෙලාගනිමින් පවතින නව කොරෝනා වෛරසය ඇතුළු තවත් වෛරස් රෝග රැසකින් අප රැකගන්නට පුළුවන් මේ විශ්මිත පෙරුම්කායම්වලට.

    1918 දී පැතිර ගිය ස්පාඤ්ඤ වසංගත රෝගය මැඬලීමට ද මෙම මහඟු ඖෂධය මහෝපකාරී වී තිබෙනවා.

    පෙරුම්කායම් සුළු ප්‍රමාණයක් පිරිසිදු සුදු රෙදි කඩක ඔතා සමේ ගැටෙන පරිදි ගැටගසා තැබීමෙන් බොහෝ වෛරස් රෝගවලින් ආරක්ෂා වීමට පුළුවන්.

  9. john the baptice says:

    මේ දේවල් වලින් දැන් ලෝකයාට පේනවා දෙවියන්වහන්සේ සැම දෙයක්ම මැවීමේ බොරුව.

    • Disce ammata discede says:

      සර්වබලධාරී දෙවියන් වහන්සේ , මහා බ්‍රහ්ම , එකම දෙවි අල්ලාහ්, කතරගම​, හූනියම් , කාලි, සක්කර​, වයිමා ආදී එකී මෙකී නොකී දෙවියන්ගේ දේවාල පවා අගුලු දම්මවා බැතිමතුන් සී සී කඩ යැවීමට සමත්වූ මහා බලපරාක්‍රමයෙන් යුත් ,
      දෙවියන් ගේත් දෙවි වූ මහා කොරෝනා දෙවියන් වහන්සේට නමස්කාර වේවා !

      . ඔබ ගේ බැතිමතුන් වන අපව බේරා ඉහත කී බොරු දෙවියන් වඳින අනිත් උන්ව ගිල ගනු සේක්වා.

Main News