කොරෝනා මඩිය හැකියි.. එන සති දෙක තීරණාත්මකයි..

March 30, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා මඩිය හැකියි.. එන සති දෙක තීරණාත්මකයි..

ඇදිරි නිතී බලපත්‍ර අවභාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කරයි. ඔහු පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා ලබා දුන් ඇදිරි නීති බලපත්‍රය ඇතම් සංවිධානාත්මක පුද්ගලයන් අවභාවිතා කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. ඇදිරි නිතිය බල පැවැත්වෙන කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙම රැස්වීම කැදවා තිබුණි.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා ඇදිරි නිති බලපත්‍ර නිකුත් කිරීමේදී අත්‍යවශ්‍ය අයට පමණක් ඒවා නිකුත් කරන ලෙසත් ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශිය සභා, නගර සභා සභාපති, පොලිස් ස්ථානය, සමූපකාර, සෞඛ්‍ය අංශ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා අත්‍යවශ්‍ය සේවා සදහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු කරන ලෙස ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩ පිළවෙල ක්‍රමවත් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ තොරාගත් පෞද්ගලික ඖෂධ අලෙවි සැල් හරහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය හා පොලිසිය මැදිහත්ව මේ සදහා වැඩසටහනක් වහාම ආරම්භ කල යුතු බවයි. ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය මෙහිදී කියා සිටියේ මේ සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ පෞද්ගලික ඖෂධ අලෙවි සැල් කීපයක් බැගින් මේ සදහා තෝරාගෙන ඇති බවයි. මෙම ඖෂධ අලෙවි සැල් විවෘත කර ජනතාවට අවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩ සටහන ප්‍රජා පොලිස් සේවයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට මෙහිදී තීරණය විය.

ගම්පහ දිස්ත්‍රික්යේ මේ වන විට හදුනාගෙන ඇති කොවිඩ් 19 හෙවත් කොරෝනා  රෝගීන් සංඛ්‍යාව 10ක් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර මහත්මිය මෙහිදී සදහන් කලාය. ජා ඇලින් 06ක්, වත්තල , මිනුවන්ගොඩ, මහර, කැළණිය, ප්‍රදේශි වලින් 01 බැගින් කොරෝනා රෝගීන් හදුනාගෙන තිබේ. මීට අමතරව නිරෝධාන මධ්‍යස්ථාන වල සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයන් 08 දෙනෙකු කොවිඩ් 19 ආසාධිතයන් ලෙස හදුනාගෙන ඇත.

දැනට කොවිඩ් 19 අසාධිත බවට සැක කෙරෙන පුද්ගලයන් 20ක් පමණ රාගම, මීගමුව, හා ගම්පහ රෝහල්වල ප්‍රතිකාර ලබති.  කොරෝනා ආසාධිත 10 දෙනා සමග සෘජුවම සම්බන්ධ වූ 115 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධානයට ලක්කර තිබේ. විදේශවලින් පැමිණි 1800ක් පමණ මේ වන විට ස්වයං නිරෝධානයට ලක් කර ඇත. කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයේ නාරෝධානය වූ 190 දෙනෙකු දිස්ත්‍රික්කයට පැමිණ ඇති අතර ඔවුන්ද නිවෙස්වල ස්වයං නිරෝධානයට ලක් කර තිබේ. මීට අමතරව චෙන්නායි සිට පැමිණි 13 දෙනෙකු ද මේ වන විට ස්වයං නිරෝධානයට ලක් කෙරෙන බවද දිලිනි විජේසේකර මහත්මිය කීවාය.

සමෘද්ධි අධ්‍යක්ෂකවරයා සහදන් කලේ  සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා දෙන සහනාධාරය පළමු අදියර යටතේ රු 5000ක මුදලක් සමෘද්ධි ප්‍රතිලාභීන් 64230කට ලබා දී ඇති බවයි. ඒ සදහා වැඩි කෙරුණු මුදල රුපියල් මිලියන 311 කි. ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යව 1,38,777 කි. මේ සියලු දෙනාට අදාල මුදල අගහරුවාද වන විට ගෙවා අවසන් කරන ලෙසද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමෘද්ධි අධ්‍යක්ෂකවරයාට මෙහිදී උපදෙස් දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් වෙළද කලාපයෙන් පිටස්තරව ඇති කර්මාන්ත ශාලා වල සේවක සේවිකාවන් බෝඩිං වලට සිමා වී ඇති බවත් ඔවුන්ව නිවෙස් වලට යැවීමට වැඩ පිළිවෙලක් අවශ්‍ය බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා එවැනි අය ඇත්නම් ග්‍රාම නිළධාරි හරහා ලියා පදිංචි කර ඔවුන් නිවෙස් වලට යැවීම සදහා වැඩ පිළිවෙලක් සකස් කරන බව කීවේය. ඒ සදහා වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස ගම්පහ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඇමතිවරයා උපදෙස් දුන්නේය. අත්‍යවශ්‍ය ආහාර බෙදාදීමේ වැඩ සටහන විධිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ  ලෙස සාකච්ඡා කෙරිණ.

ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කලේ ඉදිරි සති 02 කාලය රටට ඉතා තීරාණාත්මක බවයි. මෙම සති 02 තුල මෙරට ජනතාව ඉවසිලිවන්තය ක්‍රියා කලහොත් තත්ත්වය පාලනය කර ගත හැකි බව සෞඛ්‍ය අංශවල මතය බව පෙන්වා දුන් රණතුංග මහතා ඒ වෙනුවෙන් සියලු පාර්ශව වල සහාය අවශ්‍ය බවද මෙහිදී අවධාරණය කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය වරුන් වන නිමල් ලාන්සා, ඩුලිප් විජේසේකර, දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් සියලුම් ප්‍රාදේශිය ලේකම් වරු, පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙම රැස්වීමට සහභාගී වූහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

294 views

11 Comments to “කොරෝනා මඩිය හැකියි.. එන සති දෙක තීරණාත්මකයි..”

  1. Sandun Dhammika says:

    US marines ලට ඇදිරි නීතිය වලංගු වෙන්නේ නැහැ නේද ?

    • 😥😥😥😥😥😥😥 says:

      වෛරසයට දෑස් නැත ඔබ එන්න සොයා
      ඔබම අත වනයි දැනගෙනම එන්න කියා
      ඔබ රැකුණොත් පවුලෙම අය රැකේ කියා
      සතර කේන්දර අනාවැකිය මෙන්න කියා

    • kalavadi fonee says:

      E vgema thamayi umbalge booru sajiyatath mole Naha.umbath us marine ekata deegena Indian.run velatama unta vendapan booru kalakanniya.

  2. Love nature says:

    හෙළ වෙද කම නැවත ගොඩනගමු

    පැරණි කාලෙ ගම්වල සිංහල ‌වෙදකම ‌බොහොම සාර්ථකව ක්‍රියාත්මවුණා. ‌බෝ වන ‌රෝග ‌නොහොත් ‌දෙයියන්ගෙ ‌ලෙඩ පාලනය කරගන්න ‌වෙද මහත්වරු තමන් දන්න දැනුමින් අලුත් ඖෂධ ‌හොයා ගත්තා.ඉන් එක ඖෂධයක් තමයි දිව්‍ය රාජ ගුලිය. ‌මේ ගුලිය තමන්ගේ හිණ බැඳ යෑමෙන් ‌ලෙඩ ‌රෝග ‌බෝවන්නේ නෑ.‌ගෙයි උඩලිපතේ තැබීමෙන් නිවසට ‌‌රෝගය පැමිණීම වලක්වනවා. ගමේ හතර ‌කොණ ‌මේ ගුලිය වළ ලෑමෙන් ගමට පැමිණීම වළක්වනවා.මාතර පැත්තේ දෙවිනුවර රාජගුරු මුදියන්සේ රාළහාමි නම් වෛද්‍යවරයෙකු ද්‍රව්‍ය ගුණ විඥාණය පිළිබඳ සිය දැනුම භාවිත කොට පීත කරෝසන ගුලිය නමින් ඖෂධයක් සාදා වසූරිය ලෙඩුන්ට ලබා දී තිබේ.මෙම ඖෂධයන්හි බෙහෙවින්ම රස බෙහෙත් අඩංගු බවයි පෙනෙන්නේ.රසදිය සාදිලිංගම් පාසානම් වගේ සැර බෙහෙත් සමග දේශීය ශාක ඔසු යොදා ගනිමින් කල පර්යේෂණ බොහොමයි.මේ ගුලි මීපැණියෙන් මෙන්ම විෂ්ණු ක්‍රාන්ති යුෂයෙන්ද අඹරනු ලැබුවා.මෙහි තිබෙන වැදගත් ම අංගය නම් ඔවුන් ගේ රෝග විනිශ්චයයි.

  3. kamal says:

    ධම්ම නියාම වලින් ශ්‍රෙෂ්ඨ වන්නෙ මනො පුබ්බංග මා ධම්මා . භාවංගයක් නැතුව වෛරයසය ස්පර්ශ වෙන්නෙ නැ. නමුත් ජවන සිත තියෙන නිසා හින්දු ආගම වැරදියි. ඊළග චිත්ත විථියේ භාවංගය වෙනස් වෙන්න පුලුවන්. භවංගය කියන්නෙ භවයට. නමුත් භෞතික වාදි ලංකිකයන් හින්දු ආගමෙන් ගලවා මහායාන කරේ හොදකටද නමුත් එකක් තියෙනවා මනුස්‍යත්වය මගේ හරිවැඩි. ඒක නිසා මම කියන්නෙ උත්සහා කරලා උත්සහා කරලා බැරිම වුන තැන නවතින්න කියා. මිට දියසෙන් කුමාරයා හෙවත් අජාසත්ත

    • Siridoowe pitidhamma says:

      පහුගිය ටිකේ වැඩිය කමෙන්ට්ස් නොදාපු හින්ද මං හිතුව කෙරෝනාවක් හැදිල අපවත් වුනාවත්කිදෝ කියල. ඒ අමා නිවන්සුව තවටිකක් දුරවගේ මයෙ හිතේ.

  4. kamal says:

    කිරිබත්ගොඩ මහ රහතන් වහන්ස කියන්න ලොකෙන් කවද්ද මෙක නැතිවෙන්නෙ කියා
    පුතේ අජාසත්ත මගෙ දිවසින් මට කියන්න පුලුවන් පුතා පිරුණුවන් පාන්නෙ 2031 ජනවාරි 6 නෙවෙයි 2048 ජනවාරි 8 ඒ මෛත්‍රිය හින්දා නමුත් ශාසනයේ රහතන් වහන්සේලා එක්කොටි හය ලක්ෂයක් බිහිවෙනවා. පුතා නායකත්වය ගන්නෙ 2026 ජනවාරි 6. එතකන් මමයි නායකයා මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

  5. Eiffel says:

    මූත් හොඳ අර ගොං සජියටම තමා…

  6. Haramanis unnahe says:

    Ane mehema gobba vachala deshapalu apathayo gewal athule indagena pora talk denawa…? Mahinda path karapu me wage janathawata wpa wechchi apathayo tika gotatawath bari unaa ne ayin karanna…? Me kalakanni innakam ape ratata sugathiyak naha…!!!

  7. පොඩි එකා says:

    සාමාන්‍ය මින්ස්සුට නම් ඇඳිරි නීති බලපත්‍ර ලැබෙන්නේ නැහැ. මැති අමතිලට එව්වා ඕනෑම නැහැ.සල්ලි තියන බලය තියන කට්ටියව පොලිසියෙන් බාදාවක් ඇත්තෙම නැහැ. පොඩි මිනිහෙක් ඩිමෝ බට්ටෙක් අරන් එළවලු ටිකක් දාගෙන එන්න ගියොත් ලොකු ප්‍රශ්නයක්. මීඩියා එකේ පෙන්නලා, උසාවි දාල වැඩ ගොඩයි. ඔව්ව ඉතින් අවභාවිතා කරන්නේ ඔබතුමගේම ගෝල බාලයෝ තමයි. නැත්නම් කොහොමද ඇමතිතුමා ඇඳිරි නීති අස්සේ අරක්කු, ගංජා අදින්නේ. මේ හැමෝම කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි.

  8. siri Jayawicrama says:

    do not stupid. plese lift curfew to allow people to buy essential items. lockdown entire country

Main News