කොරෝනා මතුවන පාසල් වසන්න දන්වයි… නොබියව දරුවන් පාසැල් එවන්නැයි මවුපියන්ට කියයි..

November 9, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා මතුවන පාසල් වසන්න දන්වයි… නොබියව දරුවන් පාසැල් එවන්නැයි මවුපියන්ට කියයි..

පාසල් තුළ පාලනය කළ නොහැකි මට්ටමින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමක් සිදු වුවහොත් එම පාසල් වසා දැමීමට අවශ්‍ය නිර්දේශ ලබා දෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

නමුත් මේ හේතුවෙන් මවුපියන් අනිසි බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නැතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

අද වන විට මහජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම දී දුර්වල බවත් එනිසා ආසාධිතයන් ඉහළ යමින් ඇති බවත් පවසන ඔහු ඉදිරියට 4වන රැල්ල දක්වා පරිවර්තනයක වීමේ ඉඩක් ඇති බවද කියා සිටී.

එනිසා නැවත වරක් කරා ව්‍යසනයක් ඇති කරගෙන රට වසා දමා අධ්‍යාපනය වසා දමනවා දැයි තීරණය කිරීම ජනතාව අතේ ඇති බවද ඒ මහතා සදහන් කරයි.

නමුත් ජනතාව දැනට හැසිරෙන ආකාරයෙන් පාලනයකින් තොරව කටයුතු කළහොත් නැවතත් හතර වන රැුල්ලක ආනිසංස විඳීමට සිදුවන බව ඉතාම පැහැදිලිව බවද ඔහු පැවසීය.

ඕනෑම අවස්ථාවක පාසල් තුළ අවදානමක් ඇති වූවොත් එම පාසල් වසා දැමීමට ජනාධිපති තුමාගේ ද අවධානය යොමුව ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

22,845 views

One Comment to “කොරෝනා මතුවන පාසල් වසන්න දන්වයි… නොබියව දරුවන් පාසැල් එවන්නැයි මවුපියන්ට කියයි..”

  1. Ravana parapura says:

    පාසල් මට්ටමින් මේ දරුවන්ට කොරෝනාවට හෙළ ඔසු ලබාදෙන්න. එකම විසදුම එය පමණයි