කොරෝනා මරණයක් අවලංගු කරයි.. දැන් කොරෝනා මරණ 21යි..

November 3, 2020 at 12:02 am | lanka C news
කොරෝනා මරණයක් අවලංගු කරයි.. දැන් කොරෝනා මරණ 21යි..

මෙරට සිදු වූ 22 වන කොරෝනා මරණය ලෙස සඳහන් කළ පුද්ගලයා මියයාහට හේතුව කොරෝනා ආසාදනය නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මිය ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු වුවත් ඔහුගේ මරණයට කොරෝනා ආසාදනය දායකත්වයක් නැතැයි එම අංශය විසින් නිවේදනයක් නිකුත් කරයි.

කොරෝනා රෝගයේ බලපෑම තක්සේරු කිරීමට වැදගත් වන්නේ එම රෝගයේ දායකත්වයෙන් සිදු වන මරණ වලින් එම මරණ වෙනම වාර්තා කිරීමටද තීරණය කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සිදුව ඇත්තේ කොරෝනා මරණ 21ක් පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

අදාල පුද්ගලයා ගෙල වැලලා ගෙන සිය දිවි නසාගෙන තිබූ අතර මරණයෙන් පසුව සිදු කරන ලද පරීක්‍ෂණයේදී හෙලිව ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයෙකු බවයි.

13,139 views

2 Comments to “කොරෝනා මරණයක් අවලංගු කරයි.. දැන් කොරෝනා මරණ 21යි..”

  1. Alapaluwa says:

    කලින් ගැසට් රිවස් බයියෝ දැන් කොරෝනා මරණ රිවස් බයියෝ 😀

  2. නයා says:

    lol

Main News