කොරෝනා මරණවලට සහනයක්.. මෘතදේහ අප්‍රමාදව ආදාහනය කිරීමට පියවර…

August 8, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා මරණවලට සහනයක්.. මෘතදේහ අප්‍රමාදව ආදාහනය කිරීමට පියවර…

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ (රාගම) දැනට පවතින කොවිඩ් මෘත දේහ කඩිනමින් ආදාහන කටයුතු සිදු කිරීම හා නැවත ප්‍රමාදයක් සිදු නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ සාකච්ජාවක් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) දින උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැත්විණි.

ඒ අනුව රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ආදාහන කටයුතු ප්‍රමාද වෙමින් පැවති කොවිඩ් මෘත දේහ 26 ක් කඩිනමින් මහර, වත්තල, බියගම, ජා ඇල, කටාන හා මීගමුව යන නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පිහිටි ආදාහනාගාර වෙත යැවීමට කටයුතු කරනු ලැබීය. මෙය අතිශය මානුෂීය කරුණක් වන බැවින් හා ඔවුන්ගේ ඥාතීන් අපහසුතාවවට පත් නොවන අයුරින් මෙම කටයුතු සිදු කරනු ලැබේ. එම බල ප්‍රදේශවල නගරාධිපතිවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇත.

කොවිඩ් හේතුවෙන් මිය යන අයගේ ආදාහන කටයුතු ප්‍රමාද නොවන පරිදි හා මෘත ශරීරාගාරයේ මෘත දේහ තැන්පත් කළ හැකි සීමාව ඉක්මවා නොයන ලෙස පවත්වාගෙන යාම සඳහා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමට මෙහිදී තීරණය විය.

ඒ අනුව උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ආසන්නයේ ඇති මහර, වත්තල, ජා ඇල, කටාන, බියගම, මීගමුව නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පිහිටා ඇති ආදාහනාගාර තුළ කොවිඩ් මෘත දේහ ආදාහන කටයුතු සිදු කරලීමටත්, අවශ්‍යතාවය මත ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් ආදාහනාගාරත් යොදා ගැනීම සඳහා අදාළ සම්බ්න්ධීකරණ කටයුතු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් හා ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් යුතුව සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහායෝගය ලබාදීමට මෙහිදී තීරණය කරනු ලැබීය.

– muedia unit

25,068 views

14 Comments to “කොරෝනා මරණවලට සහනයක්.. මෘතදේහ අප්‍රමාදව ආදාහනය කිරීමට පියවර…”

  1. desta says:

    kudu agent la sinhayao wela lagadima balu wewa

  2. Darshana abayakoon says:

    ඉතාමත් වටිනා ක්‍රියා මාර්ගයක් ගරු ඇමති තුමනි. අති ගරු ජනාදිපති තුමාගේ මග පෙන්වීම යටතේ 69 ලක්ෂයක් ජනතාවට දැන් පුලුවන් තද බදයකට අහු නොවී අවසන් ගමන් යන්න. පැතූ වෙනස මෙය නොවේද?

    • ක්‍රිමිනල් says:

      පැරඩිය අලුත් කරහං ,ඉට්ස් ගෙටින්’ග් බෝරින්ග් ..

    • NuwanJ says:

      අපිට වඩා බලවත් රට වලත් මෙවැනි තත්වයන් තියනවා.
      දේශපාලන වාසි කතා නැවතිය යුතුව ඇත.
      අසරන මිනිසුන් උපකාර කිරිම ඉන්ජක්ෂන් නොගත් අය එයට යොමු කිරිම මොඩ කතා වලට වඩා වටිනවා.
      රටක් ලෙස වගකිමෙන් කටයුතු කරමු.

  3. කැලණියේ නයා says:

    ජීවත්වෙලා ඉන්න උන් අන්දල චන්දෙ කොටා ගත්ත දැන් මැරිච්චි මිනිස්සුන්ට අපමණ අගයක් දෙන්න යන්නෙ.

  4. Jagath says:

    සෑම කොරෝනා මරණක්ම ආදාහනය කලයුතුව තිබුනා. ත්‍රස්තවාදි හම්බ දේශපාලුවන්ට බයෙ ඒක නැවැත්තුවා. දැන්වත් සියලු කොරොනා මරණ ආදාහනයකරන්න ආගම්බේද ජාතිබේදයකින් තොරව.

    • ගෞම් ඊයාරාජ් says:

      ගොං වහන්සේ !! හම්බ විරොධය කියන්නේ කාලෙන් කාලෙට තොපි වගේ මී හරක් අන්දන්න ගෙනාපූ පොලිටිකල් ප්‍රොපගැන්ඩාවක් මිසක් ඔය කවුරුත් ටෲ හම්බ විරෝධී නිසා නෙමේ. බලපන් ඔය කාර්ඩ් බෝර්ඩ් දේශප්‍රේමීන්ව ෆන්ඩ් කරන්නේ කවුද කියලා.. අං ගිලින එක නවත්තපං මී හරකෙක් නොවී.

      • Jagath says:

        මෝඩ බූරුවා, කොමෙන්ට් එක තෙරුන්ගනින්. උබලාවගේ උන් හම්බයන්ට දෙන්නගිහිලා රටට වෙලාතියෙන විනාශය මදිද? හම්බ විරෝධයය නොවි ඔවුන්ගෙ විනාශකාරි වැඩවලට විරුද්ධවෙනවා.

  5. ඔව් එහෙම නැත්නම් සෙරම මිනී ටික වේලලා පුච්චලා බාබකිව් දාගෙන පාර්ලිමේන්තුවේ ඉන්න තොපි ඔක්කොම එකතු වෙලා කාපං නියමිත වෙලාවට තීන්දු තිරණ නොගත්තට කාලකන්නි,
    කටාර් වල අපි

  6. ජනතා says:

    ජනතාවාදී රජයන් එහෙමයි

  7. Gamini says:

    Thanks ayiya oya modai Ella help denna.

  8. 3% ට බය බයියා. says:

    බැසිලාගමනයට දින 44 යි.ඉන්ධන මිල අඩු වි නොමැත .

  9. thushari says:

    යකෝ ඉන්න එවුන්ට සලකන්නේ නැ , මැරිච්ච අයට උදව් කරනවා. ලු .දැන් කියාවි අපි තමා හොඳටම පිච්චුවේ කියා..

  10. Banda says:

    Meka Klein kiwwa tava masenn lankave covid ivarai kiyala.

Main News