කොරෝනා මරණ අනුපාතයෙන් ලංකාව ආසියාවේ පලමු තැනට…

August 21, 2021 at 10:00 am | lanka C news
කොරෝනා මරණ අනුපාතයෙන් ලංකාව ආසියාවේ පලමු තැනට…

සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතයෙන් ශ්‍රී ලංකාව, දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයට පත්ව තිබේ.

මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් මිලියනයකට කොපමණද යන අනුපාතය සැලකීමේදී මේ වනවිට දකුණු ආසියානු කලාපයේ රටවල් 8 අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.

ඒ, ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොවිඩ් මරණ අනුපාතය 9 ක් වැනි ඉහළ අගයක් ගැනීම හේතුවෙනි.

එම අනුපාතයට අනුව බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්තානය යන රටවල් පිළිවෙලින් එම ලැයිස්තුවේ දෙවන, තුන්වන, සිව්වන, පස්වන හා හයවන ස්ථානවල පසුවෙයි.

මාලදිවයිනෙන් අවසන් දින 19 ක කාලය තුළ කොවිඩ් මරණ වාර්තා වී නොමැති බව සඳහන් වෙයි.

භූතානයේ කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වාම සිදුව ඇත්තේ මරණ 3ක් පමණි.

මීට පෙර ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ පසුවුණත් පසුගිය දින 10ක පමණ කාලය තුළ දෛනික මරණවල සීඝ්‍ර වර්ධනයත් සමග ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ඇති බව පෙනී යයි.

– divaina

30,148 views

26 Comments to “කොරෝනා මරණ අනුපාතයෙන් ලංකාව ආසියාවේ පලමු තැනට…”

  1. Banu says:

    බූරු පුතානෝයි ලප කුමාරයි බොහොම මහන්සි වෙලා තමා මේ ආඩම්බරය ලන්කාවට ලබා දුන්නේ. තවත් වරක් ගුරු හරකුන් ටික එලියට දාලා උද්ඝෝෂණයක් සංවිධානය කරාම ලෝකයේම අංක එක වෙන්න පුලුවන්. මුන් දෙගොල්ල මාරුවෙන් මාරුවට තරුණයන් හැටදහස ඉක්මවා මරාපු සක්කිලි හැත්තක්.

  2. Boo says:

    ආඩම්බරයි ස්ටාලිං, ඔබ තමයි හොඳටම කලේ.

  3. කුමාර අනුර says:

    අපිට පුදුම සතුටක් එන්නේ නැද්ද හා . සජි පුතා අපි බලාපොරොත්තු වෙන දේ එලෙසම වෙන එකට.

  4. Sri 🇱🇰 says:

    රාජ්‍ය ආයතනය වලට ගොස් කාර්යක්ෂම කලා වගේ දැන් කොරෝනා ලංකාවේන්ම අඩු කරගන්න පුලුවන් ගිහින් බැලුවනම් රෝහල් මෘත ශරීරාගාර ආදාහනාගාර වලටල් වැඩ කාර්යක්ෂම කරන්න ඇයි දන්නේ නැ දැන් යන්නේ නැත්තේ

  5. Silva says:

    ජෝසප් ස්ටාලින් ,මහින්ද ජයසිංහ , ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් ගොවියන් , ගුරුවරුන් විදුහල්පතිවරුන් ගොනාට අන්දවලා රටපුරා උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා . අද පෙලපාලි ගිය එවුන්, උන්ගේ පවුල්වල එවුන් , අහලපහල අය කොවිඩ් හැදිලා මැරෙනවා.