කොරෝනා දේහ ආදාහනයට සියළු පහසුකම්..

August 14, 2021 at 8:02 am | lanka C news
කොරෝනා දේහ ආදාහනයට සියළු පහසුකම්..

කොවිඩ් රෝගය වැලදී මියගිය අයගේ මෘත දේහ ප්‍රමාදයකින් තොරව ආදාහනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දෙන ලෙස පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දෙන ලදි.

මෘතදේහ ආදාහනයේදී පැන නගින ගැටළු පිළිබදව විශේෂ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබා දුනි.

දැනට පළාත් පාලන ආයතන සතුව ආදාහනාගාර 239ක් පවති. ඒවායෙහි අබලන්ව පවතින ආදාහනාගාර අලුත්වැඩියා කිරීම, විදුලිය විසන්දි වූ විට භාවිතය සදහා විදුලිජනක යන්ත්‍ර ලබාදීම, ගෑස් සංචිත පවත්වා ගැනීම, සේවක ආරක්‍ෂිත ඇදුම් හා උපකරණ ලබාදීම, ප්‍රධාන ගැටළු ලෙස හදුනාගෙන ඇත.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රෝහල් මගින් රැගෙන එන කොවිඩ් මෘතදේහ විධිමත් ලෙස රැගෙන නොඑම, සෞඛ්‍ය අංශ සහ ආදාහනාගාර පාලන අංශ සමග මනා සම්බන්ධතාවක් පවත්වා නොගැනීම ඇතුළු ආදාහනාගාර වල කටයුතු වලටද බාධාවක් පැනනැගීමට හේතුවක් බව පවසන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා ඒ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද දන්වා සිටි.

ඒ මගින් නියමිත වේලාවක් වලදී ආදාහන කටයුතු විධිමත්ව සිදුකීරීමට හැකිවන බවත්, ආදාහනාගාර සේවකයින්ට, සෞඛ්‍ය අංශ සේවකයින්ට හා මෘතදේහ හිමි ඥාතීන්ට ගැටළුවක් ඇති නොවීමට කටයුතු කරන බවද රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ 54ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ 28ක්ද, කළුතර දිස්ත්‍රික්කයේ 24ක්ද වශයෙන්  බස්නාහිර පළාත තුළ ආදාහනාගාර 106ක් පවති.

මධ්‍යම පළාතේ 27ක්ද, දකුණු පළාතේ 40ක්ද, උතුරු පළාතේ 2ක්ද, නැගෙනහිර පළාතේ 6ක්ද, වයඹ පළාතේ 24ක්ද, සබරගමුව පළාතේ 16ක්ද, උතුරු මැද පළාතේ 7ක්ද, ඌව පළාතේ 11ක්ද වශයෙන් ආදාහනාගාර ඇත.

– ප්‍රසන්න අධිකාරි

11,017 views

6 Comments to “කොරෝනා දේහ ආදාහනයට සියළු පහසුකම්..”

  1. MD says:

    සජිත් රනිල් අනුර රාජිත නලීන් බණ්ඩාර චම්පික ටිල්වින් ස්ටාලින් මුජුබර්ලා තමයි ඔක්කොම කලේ.අගරදගුරු තුමත් විදේශීය මාධ්‍යයට කියනවා.ඔක්කොම කරනවා.අපි ගොඩ

  2. Saman says:

    ඇත්තටම මේ වැඩේ හොදයි.. කනගාටුවට කරුන නම්.. මිනිස්සුන්ව පුච්චන්න තියෙන අවදානය සහ උත්සහය මිනිස්සු ජීවත් කිරීමට නැති එකයි.. ඉදිරියේදී මේවයෙ අවශ්ශතාවය තව වැඩි වේ… මගේ රට ගැන ලොකු දුකක් දැනෙන්නේ…

  3. මහජනතාව says:

    පළාත් අතර සංචරණය කරනවාඩ වඩා මිනිසුන් වැඩිපුරම කරන්නේ දිස්ත්‍රික් අතර සංචරණය නෙවෙයිද ?

  4. ලක්මල් says:

    යකෝ තොපි ඔය පුච්චන්න හදන්නෙ තවම මැරිලත් නැති මිනිස්සු නේද?
    තොපිට ජන්දෙ දීපු පොල් බූරුවන්ට දැන් සනීපද දන්නෑ

  5. Saleem says:

    දෙමළෙන් කියමනක් තියෙනවා හොරාට ගෝනුස්සා දෂ්ඨ කරා වගේ කියල. ඒකෙ Classic Example එකක් තමයි අද අපි මෙහෙ දකින්නේ. එකෙකූටවත් කටක් ඇරලා තියන්න බෑ ‘ලෝක සෞඛ්‍ය සංවිධානය කියල තියෙනවනෙ කොරෝනා මිනී භූමදානය කිරීමේ කිසි සෞඛ්‍ය ගැටලුවක් නෑ කියා’ කියල. God is leading this country towards a cremation crisis more than towards a Cirona crisis

  6. උදයපාල says:

    ඈ කාලකන්නි තොපිලාගේ පරමාර්තය ජීව්ත බේරගන්න නෙවෙයි අහිංසක මිනිස් ජීව්ත ඝාතනය කර ආදාහනය කරන්නද පරයා

Main News