කොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..

November 19, 2020 at 3:26 am | lanka C news
කොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..

කොරෝනා ආසාදනය වීමෙන් මහපාරේ පුද්ගලයන් මිය යන බවට අසත්‍ය ප්‍රචාර කල තවත් පුද්ගලයන් 29 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදනය වී පුද්ගලයන් මහමඟ මියයන බවට සංවිධානාත්මක පිරිසක් විසින් අසත්‍ය ප්‍රචාර කරන බවයි.

විදේශගතව සිටින කිහිප දෙනෙකු ද හඳුනාගත් පිරිස අතර වන බවද ඔහු පැවසීය.

සෙසු පිරිසක් මෙරට සිටින පුද්ගලයන් අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක යයිද ඒ මහතා කියා සිටියේය.

දැනටමත් එසේ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පරීක්ෂණ මෙහෙයවමින් ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.

14,273 views

4 Comments to “කොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..”

  1. බණ්ඩාර ඒකනායක says:

    අම්මපා මේ ආණ්ඩුව මේ වගේ අනවශ්‍ය දේවල් වලට මේ තරම් බයේ දගලන්නේ අහවල් එකටද ? මිනිස්සු කන්න නැහැ රසාවල් නැහැ අතේ සල්ලි නැහැ. ජීවත් වෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ දැන් පින තමයි. ඒත් මේ සමහරක්ට ඕන කොරෝනා වෛරස් එකත් මිනිස්සු වගේ තුවක්කුවට බයේ හැංගිලා ඉඳියි කියලා. නුවර දැන් කොරෝනා ටික ටික පැතිරෙනවා. වැඩිය කල් නොගොස් pcr නොකලොත් අමාරුවේ. දැන් ඉතින් අපිට කාගේ පිහිටද ?

    • Dilshan says:

      Yes we know how many remarks like this you have posted under various names. We have a very capable President and very capable medical professionals in Sri Lanka what we need to eradicate Corona is to eradicate bastards who create uncertainty and mistrust in people’s mind about good practices to stop covid. USA suffered a lot becuse of people like you who questioned social distancing and wearing masks, testing etc so it’s best the government put people like you under custody

  2. Kgs basnayake says:

    Yes this is a very good move. There are certain elements who are jealous about government efforts and spread false news to destablish the governement. It is not enough for arresting but you must take proper legal action on this. You should appoint a speacial investigation team to look after this malpractice and find the cupirators. Social media is used very badly in the name of freedom of expression.

  3. lotus says:

    My3 ta Dapu post walata action gaththanam lankawen 1/2 hire..

Main News