කොරෝනා මරණ 71ක්…

September 26, 2021 at 6:28 pm | lanka C news
කොරෝනා මරණ 71ක්…

තවත් කොරෝනා මරණ 71ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12680 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 1074කි.

4,699 views

9 Comments to “කොරෝනා මරණ 71ක්…”

  1. javipe says:

    ගුරු පොකුර අවසන් වෙමින් තිබේ. ජෝසප් ස්ටාලින්ට නැවතත් අවස්ථාව.

  2. රන්වල says:

    මේ මැරුනු හැත්තෑ ගනනින් කීදෙනෙක් වැක්සින් මාත්‍රා දෙකම අරගත්තු අයද කියල හොයල බැලුව නම්.
    වැක්සින් එකට වඩා හොද සුපිරි හෙළ බේතක් හරි ඉසිවරයෙක් හරි ඉන්නව නම් කොරෝනා නිට්ටාවට සුව කරන හැන්ගිලා ඉන්නෙ නැතුව හන්ගන් ඉන්නෙ නැතුව වහාම ලෝකෙට දෙන්න ලෝකෙ කිසිම රටකට මේ වෙද්දි එහෙම බේතක් හොයා ගන්න බැරි වෙලා තියේ

  3. කුඹුක්කණ් says:

    මේ කොරෝන ලෙඩ්ඩු අඩු උනේ හෙළ අටමගලක් නිසා නෙමේ බන්ස්ල ලෝකෙ අනික් රටවලත් කොරෝනා අඩු උනේ හෙළ මගුලක් බීලද .වයිරස් එක පැතිරෙන්නෙ කර්ව්ස් විදිහට කර්ව් එකේ උඩම අවස්තාවෙ මරණ වැඩියි එහෙම්ම කර්ව් එක අඩු වෙලා යද්දි මරණ අඩු වෙනව ෆුල් වැක්සිනේටඩ් නම් කර්ව් එක ෆ්ලැට් වීම වේගවත්.ලෝකෙ හැම රටේම එහෙමයි.අපේ මේ හෙළ බබක්කමක් අල්ලන් ලෝක හොරු ටිකකට අහු වෙලා පිස්සු කෙලිනව ඕක ඔච්චර බලවත් නම් ලෝකෙටම විකුණල එක දවසින් මේ ණයෙන් නිදහස් වෙතෑකි නෙ.

  4. Norten eka says:

    ඔය වැක්සින් එක ගහගනිල්ල බන් පිස්සු නැතුව ඕක තමා දැනට ලෝකෙ හැම රටක්ම පාවිච්චි කරන්නෙ මොකද වෙන සාර්තක විසදුමක් දැනට ඔප්පු කරල නෑ එහෙම බේතක් යම් රටක් හොයා ගත්තොත් ඒ බේත විකුණල විතරක් ලෝකෙ ධනවත්ම රට වෙත හැකි.එහෙව් ලෝකෙක මේ පුන්චි දූපතක මනෝරාජික හීන ආතල් ගන්නෙපා .මාත් ඔය පිස්සුවෙ උන්න දැන් සනීපයි.

    • සනත් ඉතාලිය says:

      එහෙන්‍ රාවණා නැගිටිනකල් ඉන්නව මෙහෙන් දියසේන එනකල් ඉන්නව අහරෙන් බුදුන් ඉපදුනු රටලු තව උන් පැණි මුට්ටි හෙළ මගුල් පස්සෙ දුවනව ඔය ඔක්කොම මැද්දෙ කන්න හාල් ටික ගන්නෙත් තම්බින්ගෙන් ණයට මොකද්ද බන් මේ පිස්සුව බෝට්ටුවක නැගල හරි මෙහෙ වරෙල්ල බල්ලෙක් නාවල ඉන්න පුලුවන් සැපට ලන්කාවෙ කන්තෝරුවක ලොක්කෙක් වෙලා ඉන්නවට වඩා

    • Norata Eka says:

      සාර්ථක විසඳුමක් හොයාගෙන නෑ කියල අසාර්ථක විසඳුමක් නොවන දෙයකට යන්නෙ මොලේ නැති මෝඩයෝ…

    • ස්පීකර් සාදු says:

      පිරිත් වල බලය තමා… දාමු කන් අඩි පැලෙන්න​.

  5. ගෞම් ඊයාරාජ් says:

    හෙළ යක්ඛ පුත්තුන්ගේ අදොනාව අහලා එපා වෙලාබං.

  6. හරි ආතල් says:

    Norten Eka, කතාවටනමිි 100% එකගයි.
    හේතුවනමිි දුපත් මානසිකත්වය කියලා තමයි හිතෙන්නේ.

Main News